ගලක් මෙළෙක් කළ, නිම්නයක් වැවක් කළ, දණ්‌ඩක් දඬු මොනරයක් කළ, සංසාරයක් නිර්වාණයක් කළ ඒ ජාතියට කුමක් වීද?
පිට දීප දේශ ජයගත් ජාතිය අන්තිමේදී නිදියන පැදුරත් පිටරටින් එන තුරු බලා සිටින තැනට වැටුණේ කෙසේද?
සියවස් කිහිපයකට ප්‍රථම මහා පෞඩ ජාතියක් සුද්දාගේ ශතවර්ෂ එකහමාරක පාලනයෙන් අනතුරුව පරපෝෂිත ජාතියක් බවට පත්වූයේ කෙසේද?
ජාතියේ ආශ්චර්යමත් හැකියාවන් මොටවූයේ කෙසේද? නැතිනම් ඒ හැකියාවන් මොට කළාද?
ඒ හැකියාවන් මොට කරනු ලැබුවේ මානසික වංචාවක් කරමින්ද?
"මහදැන මුත්තා" සම`ග බැදී ඇති කතා ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ඉතා ප්‍රචලිතය. මහදැන මුත්තා යනු මහා දැනුමක් ඇතැයි කියන ගමේ සිටි ගෝල බාලයන් පිරිවරාගත් වයසක නායකයෙකි. ඔහු කළ ක්‍රියා සියල්ල මෝඩ ක්‍රියා විය. ශ්‍රී ලාංකීය සිංහල ජනතාව මෙම කථා අසා වින්දනයක් ලැබුවාට සැක නැත. එකී ශ්‍රී ලාංකිකයන්ගෙන් කීදෙනෙකු "මහදැන මුත්තා"ගේ නිර්මාතෘන් බ්‍රිතාන්‍යය පාලකයින්ගේ සිංහල වන්දිභට්‌ටයින් බව දැන සිටියා දැයි ප්‍රශ්නයකි.
ශ්‍රී ලාංකිකයින් මෝඩයින් බවත්, හරිදේ දැනගැනීමට නම් අප බ්‍රිතාන්‍යයින්ගෙන් අසා දැන ගත යුතු බවත්, අප හට ඉගැන්වීම මෙහි අරමුණ වී ඇත. ලොව ශේ්‍රෂ්ඨ නිර්මාණ බිහි කළ ජාතියක්‌ව සිටි සිංහලයින් අවුරුදු 150 ක බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු කිසිවක් හරි හැටි කරගත නොහැකි මෝඩ රැළක් සේ "අපට බැරි" යෑයි කියාගත් ජාතියක් බවට පත් වී සිටියේය. කෙසේ හෝ ඉන්දීය නිදහස් සටනේ රැල්ළට හසු වී බ්‍රිතාන්‍ය පාලකයින් 1948 දී ශ්‍රී ලංකාවෙන්ද ගසාගෙන ගිය පසු ශ්‍රී ලංකාව නාමිකව හෝ නිදහස් රටක් බවට පත්විය.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ කීර්තිය සහ බල පරාක්‍රමය ඉදිරියටත් රැගෙන යාමට ඔවුන්ගේ වාසි තකා බිහිකරගෙන ඇති පොදු රාජ්‍ය මණ්‌ඩලය මා හට නම් ගෙන එන්නේ හුදු අප්‍රසන්න අතීතයක අප මුතුන් මිත්තන් වි`දි දුක් ගැහැට සහ අනේක වධ හිංසාවන්ගේ අමිහිරි සිතිවිලිය.
ඇතැම් ශ්‍රී ලංකිකයින්ට තවමත් බ්‍රිතාන්‍යය ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් ලෙස පෙනුණද මට නම් ඔවුන් පෙනෙනුයේ අප රටේ සම්පත් උදුරාගත් නිදහසෙන් පසුව පවා උපක්‍රමශීලීව අප රට සූරාකමින් සිටින රටක් ලෙසටය. නිදහසින් පසුව ඔවුන් විසින් තෝරාපත් කර ගිය ඔවුන්ගේම අනුගාමිකයින් වැනි "කඵ සුද්දන්" තවමත් මෙරට ඇති අතර ඔවුන්ගේ ලෝකයේ කෙළවර ලෙස අදද ඔවුන් දකිනුයේ "මහා බ්‍රිතාන්‍ය"යයි.
ඇතැමුන් කරුණු එසේ දුටුවද ලෝක ආර්ථීකයේ යථාර්තයන් මෑත ඉතිහාසයේ විශාල ලෙස වෙනස් වෙමින් පවතින අතර බ්‍රිතාන්‍යය ලෝක ආර්ථීක බලවතුන් අතරින් 6 වන ස්‌ථානයට පහත බැස ඇති අතර එම රටෙහි වත්කම් විශාල ලෙස මැදපෙරදිග වැනි තෙල් බලවතුන් විසින් මිළදී ගනිමින් සිටී.
ලොව විශාලතම ආර්ථීකයන් හිමි රටවල්

(වගුව 1 බලන්න)
මැද පෙරදිග සහ රුසියානු මුදල් හමුවේ තම දේපළ විකිණී යද්දී බ්‍රිතාන්‍යය ඔවුන්ගේ පැරණි යටත් විජිතයන් තව දුරටත් ඔවුන්ගේ අතවැසියන් ලෙස සිටිය යුතු බව සිතන ලෙසක් ඔවුන්ගේ ක්‍රියා කලාප වලින් පෙන්නුම් කරයි. බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාවට කරන බලපෑම් මේ බව මොනවට පැහැදිළි කරයි.
"ගහන්න ගහන්න වදින මිනිසාත්, ව`දින්න වදින්න ගහන මිනිසාත්, දෙදෙනාම මෝඩයින්" යෑයි අප ජන වහරේ කියමනක් ඇත. එබැවින් ශ්‍රී ලංකාව තව දුරටත් අසරණ දුප්පත් රටක් නොව තම ස්‌වශක්‌තියෙන් ඉදිරියට යා හැකි ඉතා දක්‍ෂ නිර්මාණ ශක්‌තියෙන් යුතු ජනතාවක් ඇති රටක් බව ලෝකයට කියා පෑමට අප මෙම පොදු රාජ්‍ය මණ්‌ඩල සමුඵ කාලය යොදා ගතයුතු බව මගේ හැ`ගීමයි.
පසුගිය දස වසරක් තරම් වු කෙටි කාලයක් තුළ ඇති වී තිබෙන ආර්ථීක ප්‍රගතිය අනුව ශ්‍රී ලංකාව ආර්ථීක වශයෙන් සහ ජනගහණය වශයෙන් ලොව රටවල් 262 ක් අතරින් හිමිකරගෙන ඇති ස්‌ථානය මෙසේ දැක්‌විය හැක.
ආර්ථීකය අනුව " 71 වන ස්‌ථානය
ජනගහණය අනුව " 57 වන ස්‌ථානය
(දත්ත මූලාශ්‍රය( http://www.ciaworldfactbook)

තවද පොදු රාජ්‍ය මණ්‌ඩලයේ රටවල් 54 අතරින් ශ්‍රී ලංකාවේ ස්‌ථානය මෙසේ සටහන් වේ.
ආර්ථීකය අනුව " 12 වන ස්‌ථානය
ජනගහණය අනුව " 15 වන ස්‌ථානය
(දත්ත මූලාශ්‍රය( http://www.indexmundi.com)
පසුගිය දස වසර තුල ශ්‍රී ලංකාවේ ආර්ථීක දියුණුව පහත ප්‍රස්‌තාරයේ දැක්‌වේ.
දකුණු කොරියානු උදාහරණය
යටත්විජිතවාදී මානසිකත්වයෙන් මිදී තම රට දියුණුවේ මාවතට යොමු කර ගත් රටක් ලෙස දකුණු කොරියාව අපට ආදර්ශයක් කර ගත හැකිය. 1910 සිට 1945 දක්‌වා වසර 35ක් ජපානයේ යටත්විජිතයක් ලෙස පැවති කොරියාව දෙවන ලෝක සංග්‍රාමයෙන් අනතුරුව ජපානයේ පසු බැසීමත් සමග 1945 දී ඇමෙරිකාවට දකුණු කොරියාවත් රුසියාවට උතුරු කොරියාවත් හැසිරවීමට පහසු වන සේ දෙකට බෙදා වෙන්කර ගැනිණ. ඉන් පසුව 1950 ජුනි මාසයේ සිට 1953 ජූලි මාසය දක්‌වා පැවති උතුර"දකුණු කොරියානු යුද්ධයෙන් මිලියන 5 කට වඩා වැඩි ජනතාවක් මිය ගියේය. ඉන් අනතුරුව අදටත් කොරියාව උතුරු-දකුණු ලෙස බෙදී පවතී. එම කුරිරු යුද්ධයෙන් පසුව ආර්ථික දියුණුවක් සඳහා කැපවුණු දකුණු කොරියාව 1960 වසරේ සිට "අපට හැකියි" (We Can) යන තේමාව තුළ ඉතා ඉහළ ප්‍රගතියක් ලැබූ මිලියන 50 ක පමණ ජනගහණයක් ඇති රටකි. එම කාලය තුළ ඔවුන් ජපානයට හෝ ඇමෙරිකාවට "වන්දිභට්‌ටකම්" කිරීමෙන් වැළකී තම ආර්ථිකය ගොඩනගා ගැනීමට දේශීය ව්‍යවසායකයින් දිරි ගැන්වීමෙන් විsශාල දියුණුවක් ලබා ගත්තේය.

එම දියුණුවේ උදාහරණ ලෙස අපට දකුණු කොරියානු සමාගම් දෙකක් වන "සැම්සුන් ඉලෙක්‌ට්‍රොනික්" සමාගම සහ "හුන්ඩායි හෙවි ඉන්ඩස්‌ටි්‍රස්" සමාගම් දැක්‌විය හැකිය. 1970 වසරේ ජපානයේ සැන්යෝ සමාගමේ තාක්‌ෂණය ලබාගෙන පළමු කළු-සුදු රූපවාහිනිය නිපදවූ "සැම්සුන් ඉලෙක්‌ට්‍රොනික්" සමාගම වසර 40 කට පසුව අද ලොව විශාලතම ඉලෙක්‌ට්‍රොනික් නිෂ්පාදන සමාගම බවට පත්ව ඇති අතර එම සමාගමේ වාර්ෂික වෙළඳ පිරිවැටුම 2012 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 187 ක් විය. එම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ සමස්‌ත ආර්ථිකය මෙන් තුන් ගුණයකටත් වඩා විශාලය.
අනෙක් උදාහරණය වන "හුන්ඩායි හෙවි ඉන්ඩස්‌ටි්‍රස්" සමාගම 1972 වසරේදී නැව් නිෂ්පාදනයට යොමු වන විට දකුණු කොරියාව සතුව කිසිම නැව් නිෂ්පාදන පළපුරුද්දක් හෝ තාක්‌ෂණයක් නොපැවතිණ. එසේ වුවද ඉන් වසර 400 කට පෙර කොරියානුවන් විසින් නිපදවූවා යෑයි කියන "කොබුක් සාන්" නැමති නැව ශක්‌තියක් කරගත් එම සමාගම නැව් නිපදවීමේ ක්‌ෂේත්‍රයට පිවිසියේ නැව් නිෂ්පාදන ශක්‌තිය තම ජාන (DNA) වල ඇතැයි පවසමිනි. එසේ ආරම්භ කළ නැව් නිෂ්පාදන ක්‍රියාවලිය කොතෙක් සාර්ථක වීද යත් අද වන විට ලොව විශාලතම නැව් නිපදවන්නන් අතර ඉදිරියෙන්ම සිටින සමාගම් හතරම දකුණු කොරියාවට අයත් වන අතර දකුණු කොරියාව නැව් නිෂ්පාදන ක්‌ෂේත්‍රයේ අපරාජිත වීරයින් බවට පත් වී ඇත.
ඉහත තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකාවේ ශක්‌තිය ජනතාව අවබෝධ කරගත යුතු අතර විශේෂයෙන්ම අප රාජ්‍ය නිළධාරීන් සහ මෙම සමු`ඵව සංවිධානය කරන අනෙකුත් ශ්‍රී ලාංකීය නිළධාරීන් හො`දින් වටහා ගත යුතුය. අප තවදුරටත් බ්‍රිතාන්‍යය ඇතු`ඵ අනෙකුත් බටහිර රටවලට වන්දිභට්‌ටකම් කළ යුතු රටක් නොවන බව අප නිළධාරීන් දැනගත යුතුය.
මෙම සමු`ඵවේ නිරීක්‍ෂකයන් ලෙස වර්ථමාන ලෝකයේ ආර්ථික බලවතුන් වන චීනය, රුසියාව වැනි රටවල් වලටද ආරාධනා කිරීම, රජය විසින් ගෙන ඇති ඉතා ඥානාන්විත ක්‍රියාවකි. ත්‍රස්‌ත්‍රවාදය පරදවා 2009 දී ලැබු ජයග්‍රහණයත් සම`ග ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයක් කරා පියනගන බවත්, ලොව ඇති ඉතා ආරක්‍ෂාකාරී රටවල් වලින් එකක් බවත්, අප ලොවට පෙන්වා දිය යුතුය. පොදු රාජ්‍ය මණ්‌ඩලයේ අරමුණ කුමක් වුවද, එම`ගින් මෙරටට පැමිණෙන රාජ්‍ය නායකයන් සහ ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණය ඉදිරියේ ශ්‍රී ලංකාවේ සැබෑ ශක්‌තිය විදහාපෑමට මෙය කදිම අවස්‌ථාවකි.
එසේ අප ශක්‌තිය පැහැදිළි කර දී අප මෙන්ම බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ගේ හිංසාවට පත් අනෙකුත් නැගී එන ආර්ථීකයන් සම`ග සාධාරණ වෙළදාම් සහ ආයෝජනයන් කරමින් ශ්‍රී ලංකාව ආර්ථීක බලවතකු කරගැනීමට දැන් කාලය එළඹ තිබේ.
අප රටේ අභ්‍යන්තර කටයුතු වලට පවා ඇ`ගිලි ගසන ඉහත ස`දහන් කුඩා රටවලට ඇති එකම ශක්‌තිය නම් ආර්ථීක සහ මූල්‍යමය ශක්‌තියයි. ශ්‍රී ලංකාවට එම ශක්‌තිය ලබාගත හැක්‌කේ "අපට හැකිය" යන්න තරයේ විශ්වාස කරමින් ශ්‍රී ලාංකීය ආර්ථීකය අප විසින්ම න`ගා සිටුවීමෙන්ම පමණි.
ලොව කිසිම රටක් වෙනත් රටක් ම`ගින් න`ගා සිටුවා නැත. තම රට න`ගා සිටුවීමට ඕනෑවට වඩා වෙනත් රටවල් සහ වෙනත් රටවල උපදේශකයන් තම රට තුළට ගෙන්වාගත් බෙහෝ රටවල අද සිදු වී ඇත්තේ ආර්ථීක නැගී සිටීමක් නොව ආර්ථීක පරිහානියක්‌ම බව අද ලෝකයේ සිදුවන දෙයින් මනාව පැහැදිළි වේ.
* සමන්ත කුමාරසිංහ

COMMENTS
අද ගත්ත රෙදි වැලට ගහන උන බම්බු වලින් හදපු clip එකත් made in china. චැසියෙන් වැඩි හරියක් ලංකාවේ ගහන micro car එකේ කකුලෙන් අදිද්දී මරුටි කැසිනෝ ගහන්න බදු සහන දෙනවා.(කැසිනෝ හොදයි සුද්දන්ගෙන් සල්ලි ගැලව ගන්න.එත් ගලවන සල්ලි ඔක්කොම පිට රටකට යනවා.එතකොට ගෙනාපු ඩොලර් කොටි 240 වගේ 10ගුණයක් වත් ගෙනියනවා) මේවා ගැන කියන්න ගත්තොත් හෙට උදේ යන්න වෙන්නේ සුදු වෑන් එකකින්. මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත් on ගලක් මෙළෙක් කළ, නිම්නයක් වැවක් කළ, දණ්‌ඩක් දඬු මොනරයක් කළ, සංසාරයක් නිර්වාණයක් කළ ඒ ජාතියට කුමක් වීද?
:d පිස්සු හැදෙනවා අප්පා අපේ මිනිස්සු කවද්ද දෙයක් පුළුවන් කියල කිව්වේ ඇහුවොත් දෙයක් ඕක කරන්න බැහැ අපේ මිනිස්සුන්ගේ ලේවල තියෙන්නේ රාවනාගේවත් විජයගේවත් ජාන නෙවෙයි චව් චව් ගෙ ජාන කියලයි මට හිතෙන්නේ එකයි ඇහුවොත් දෙයක් ඕක කරන්න බැහැ ඕක හරියන්නේ නැහැ. වටිනා ලිපියක් හැමදාම ආර්ටිකල් කියෙව්වට කොමෙන්ට් කරන්නේ නැහැ නමුත් මේ ලිපියට කොමෙන්ට් නොකර බැහැ ;(( on ගලක් මෙළෙක් කළ, නිම්නයක් වැවක් කළ, දණ්‌ඩක් දඬු මොනරයක් කළ, සංසාරයක් නිර්වාණයක් කළ ඒ ජාතියට කුමක් වීද?