අප කල යුත්තේ ජනප්‍රිය දේ, ලයික් ලැබෙන දේ නොව හරි දෙයයි. හරි දෙය කියා හෝ කරමින් බැණුම් ඇසීමට සිදුවීම විශ්වයේ ස්වභාවයයි. බුදුන්වහන්සේද, ජේසු තුමන්ද, නබිතුමාද හරිදේ කරන්නට, කියන්නට ගොස් ගල් පෙරලාගත්තේය, කුරුසියේ ඇණගැසෙන්නට වැඩේ සිද්ධකරගත්තේය, සතුරන්ගෙන් යුධ ප්‍රකාශ ලබාගත්තේය.
හරිදේ කීමට, හරිදේ කිරීමට කොන්දක් නැතිවීම සිංහල ජාතියේම අභාග්‍යයකි. අප සෑම විටම දුවන්නේ අහස කඩා වැටෙනෝ කියමින්ය. ඇත්තට අහස වැටෙනවාද නැද්ද යන්න ගැන මෙලෝ අවධානයක් අපට නැත.
අපේ සංඝයාවහන්සෙද එසේමය. ත්‍රෛනිකායක මහානායකවරුන් කට (සමාවෙන්න ශ්‍රී මුඛය ) විවර කරනා බොහෝ අවස්ථාවල මැසිවිලි නගන්නේ "අපේ අනුසාසනා පිලිගන්නේ නෑ නේ..."කියමිනි.
දැන් උන්නාන්සේලාගේ අනුසාසනාව මොකද්ද? "මුස්ලිම් ඇමතිවරු යලිත් තනතුරු බාරගන්න...."හැබෑටම හාමුදුරුවනේ ලැජ්ජා නැද්ද?
අතුරලියේ රතන දේශපාලක සංඝයාවහන්සේ දළදාමාලිගාව ඉදිරිපිට උපවාස කරමින්, රටේ නීතියට පටහැනිව, වරදකරුවෙන් යයි ඔප්පු නොවූ මුස්ලිම් දේශපාලකයින් තිදෙනෙකුට ඉල්ලා අස්වන ලෙස / අස්කරන ලෙස බලකරමින් සිටියදී එතැනට වැඩමකොට රට අවුලුවමින්, ජාතිවාදය වපුරන්නේ නැතිව, ප්‍රශ්ණය නීත්‍යානුකූලව විසඳාගන්නට ඉඩදී උපවාසය අවසන් කරන ලෙස ඉල්ලන්නට, අණකරන්නට කෂේරුකාවක් නොතිබුණු උන්වහන්සේලා දැන් ප්‍රශ්ණය ඔඩුදුවා, පණුවන් වැටෙන්නට පටන් ගත්විට ඇහැරී සාකච්ඡා තබමින් මුස්ලිම් ඇමතිවරුන්ට යලි එන්න කියයි.
මෙය මොනතරම් ජාතික ලැජ්ජාවක්දැයි උන්වහන්සේලාට තේරුම් කර දෙන්නට ගිහි බුද්ධිමතුන් පිරිසක් හෝ උන්වහන්සේලා සමග නැද්ද? ඇත්තටම ඔබ වහන්සේලා මේ වනසන්නේ මේ රටේ බෞද්ධයන්ගේ අනාගතය නොවේද? ආත්මගරුත්වය නොවේද?
බෞද්ධ භික්ෂූන් උපවාසකොට, මුස්ලිම් ජනතා නියෝජිතයින් බලහත්කාරයෙන් තනතුරුවලින් පන්නා දමන බව ලෝකය පුරාම ලැව් ගිණ්නක්මෙන් පැතිරී රට යලිත් නාඩගම් මඩුවක් බව ලෝකයටම පෙන්වාදුන්නාට පසු, ලෝකයේ සියලුම මුස්ලිම් රාජ්‍යයන්ගේ එකමුතුව ලංකාවේ සිදුවීම් ගැන සිය කණගාටුව හා විමසුම් ඇස යොමුකරාට පසු - එනම් අස්පයා පැන ගියාට පසු - ත්‍රෛනිකායකලා ඇහැරී වටපිට බැලීම විහිලුවක් නොවේද?
දුර දක්ණා නුවනක් තිබුණානම් ඔය ඉල්ලීම කරන්නට තිබුනේ මුස්ලිම් දේශපාලකයින් තනතුරු හැර අස්විය යුතුයයි අතුරලියේ රතන උපවාසය පටන්ගත් සැනින්ම නොවේද? සංකීර්ණ ජාතික ප්‍රශ්ණ උපවාස කොට දිනයෙන් දෙකෙන් විසඳගන්නට බැරිබව රතනට අනුසාසනා කරන්නට ත්‍රෛනිකායික නායක ස්වාමීන් වහන්සේලාටම බැරිවුනේ ඇයි?
රටේ ඉරණම විසඳෙන සංකීර්ණ ප්‍රශ්ණ සමග දේශපාලන ගේම් නොගසන ලෙස, ඊලඟ මහ චන්දේදී, මන්ත්‍රී පට්ටම රැකගැනීමට චන්ද ගොඩ ලෑස්ති කරගැනීමේ මෙහෙයුම් නොකරන ලෙස කියන්න ඔය ශ්‍රී මුඛ විවර නොවුනේ මන්ද?
ඇත්තටම කියනවානම් ත්‍රෛනිකායක මහා නායක හිමිවරුන්ට වගේම බොහෝ බෞද්ධ භික්ෂූන්ට ප්‍රායෝගික, වැඩදායක උපදෙස් දෙන්නට හැකියාවක් නැති බව, එවැනි පරිචයක්, වයස්ගතවූවාට පරිණතභාවයක් නොමැති බව යලි යලිත් ඔප්පුකොට ඇත.
මේවා ලියූවිට බැණුම් අසන්නට, වෛරී ප්‍රතිචාරවලට මුහුණ දෙන්නට සිදුවේ...එහෙත් ඇත්ත කියන්නට බියවිය යුතු නැත.