Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1216

මරණින් පසු ජීවිතය පිළිබඳව ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් සාක්ෂි

$
0
0

මරණින් පසු ජීවිතය පිළිබඳ මතය හිතළුවක් පමණක් බව බොහෝ විද්‍යාඥයන් සිතිය හැකි නමුදු ක්වොන්ටම් භෞතික විද්‍යාව මාර්ගයෙන් මරණින් පසු ජීවිතයක් පවතින බව අවබෝධ කරගත හැකි යයි මහාචාර්ය රොබට් ලාන්සා පවසයි.

ඇමරිකාවේ නිව් කැරොලිනාහි වේක් ෆොරස්ට් වෛද්‍ය විද්‍යාලයේ කටයුතු කරන ඔහු පවසන්නේ අප සිතන ආකාරයට ජීවය යනු කාබන් සහ වෙනත් පරමාණුක සංඝටක වලින් නිර්මාණය වූ පොළවට දිරාපත්වන දෙයක් බවයි.

නමුත් අප මරණය විශ්වාස කරන්නේ අපේ චින්තනයට අනුව ජීවය සහ ශරීරය යන දෙක සම්බන්ධ කරමින් නිසා වන අතර ශරීරය විනාශ වී යාමෙන් ජීවිතය විනාශ වන බව අප සිතන නිසා බව මහාචාර්ය ලාන්සා පවසා තිබේ.
ඔහු ඉදිරිපත් කරන ජෛව කේන්ද්‍ර වාදයට අනුව යථාර්ථයේදී මූලික වන්නේ ජීවය වන අතර විශ්වය නිර්මාණය කරන්නේ ජීවය මගින් මිස ජීවය නිර්මාණය කරන්නේ විශ්වය මගින් නොවේ.

ඔහු පවසන්නේ මිනිසුන්ගේ චින්තනයට හැකිවන්නේ එසේ නිර්මාණය වූ විශ්වයේ වස්තුවල දිග පළල තීරණය කිරීමට පමණක් බවයි.

ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනුව විශ්වය යනු අප සිතන රේඛීය වස්තුවක් නොවන බව පවසන ලාන්සා අවධාරණය කරන්නේ කාලය සහ අවකාශය අපේ මනසේ නිර්මාණයක් බවයි.

එය එසේ පිළිගත් විට අවකාශමය හෝ රේඛීය සීමා මායිම් නැති ලෝකයක අමරණීයත්වය පිළිගත හැකි බව ඔහුගේ අදහසයි.

අසීමිත මන්දාකිණි ප‍්‍රමාණයක් ඇති බව විද්‍යාව විසින් සොයාගෙන ඇති බවත් අප මියගිය විට අපේ ජීවිතය මේ බහු විශ්වයන් අතරට පැමිණෙන අමරණීය පුෂ්පයක් බවට පත්වන බවත් ලාන්සාගේ මතයයි.

http://www.dailymail.co.uk/sciencetech/article-2503370/Quantum-physics-proves-IS-afterlife-claims-scientist.html


http://lankacnews.com/sinhala/miraculous/104799/



Viewing all articles
Browse latest Browse all 1216

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>