2016 සිට ෆේස්බුක් සමාජ-ජාල අඩවිය අංශක 360ක් දර්ශණය වන සර්වදිශාදර්ශක ඡායාරූප (panoramic photography ) හඳුන්වාදෙන්නට පටන් ගත්තා. මේ වෙනුවෙන් ජූනි 9 වැනිදා ෆේස්බුක් පෝස්ටුවක් දැමූ මාර්ක් සකර්බර්ග් පවසන්නේ ඡායාරූප රසවින්දනය වඩාත් ඉහල මානයකට ගෙනයාම සඳහා මෙම නවාංගය හඳුන්වාදුන් බවයි.
සකර්බර්ග්ගේ පෝස්ටුව සමගම නිව්යෝර්ක් නගරයේ අලුතින් ඉදිකරන ලද ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුළුණේ සිට නිව්යෝර්ක් නගරයේ සර්වදිශා දර්ශක ඡායාරූපයක් එකතුකොට තිබුණා.
මෙවැනි 360 ඡායාරූප නිර්මාණය සඳහා ඔබට 360 කැමරා ඇප් එකක් අවශ්‍ය වනවා.