Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1214

ECONOMICS: 2009-2010 බංකොලොත් වුන ග්‍රීසිය ලංකාවට බිලියන 3ක් පාඩුකල හැටි

$
0
0



1981 ජනවාරි 1 වැනිදා ග්‍රීසිය යුරෝපා සංගමයේ 10 වැනි සාමාජිකයා ලෙස එක්වුනා. ඒ වන විට ග්‍රීසියට ශක්තිමත් ආර්ථිකයක් තිබූ අටර යුරෝපයේ සංවර්ධිත රාජ්‍යයක් ලෙස සිය ජනතාවට ඉතා හොඳ ජීවන මට්ටමක් ලඟාකරදී තිබුණා.

වසර 2000දී නව සහස්‍රය උදාවනවිටත් ග්‍රීසියේ ආර්ථික ශක්තිය නිසාම 2001දී ඔවුන්ව යුරෝ-සෝන් හෙවත්, යුරෝපා සංගමයේ European Monetary Union හෙවත් යුරෝ මුදල් ඒකකය පොදුවේ භාවිතා කරන රටවල් කාණ්ඩයට එක් කරගත්තේ ග්‍රීසියේ ආර්ථික සමුර්ධිය පිලිබඳව සහතියක් ලබා දෙමින්.

2001දී ග්‍රීසිය යුරෝ මුදල් ඒකකය භාවිතාකරන රටක් බවට පත්වූ පසු, විවිධ යුරෝපා රටවලින් ආයෝජන ගලා එන්නට පටන්ගත් අතර ආර්ථිකයේ වේගවත් වර්ධනයක් පෙන්නුම් කලා. 2001-2008 කාලයේ ග්‍රීසියේ ආර්ථිකයේ වේගවත් වර්ධනය පෙන්නුම් කල අතර ඉන් වසර දෙකකට පසුව 2010දී, තමන්ට විදෙස් ණය ගෙවීම් පැහැර හැරීමට සිදුවන බව ග්‍රීක රජය දැනුම් දීම මුලු යුරෝපාකරයම කම්පණයට පත්කල ප්‍රවෘත්තියක් වුනා.

මතුපිටින් වේගවත් ලෙස වර්ධනය වන සමෘධිමත් රාජ්‍යයක් ලෙස පෙනුනද, ග්‍රීසිය අති විශාල රාජ්‍ය තන්ත්‍රයකින්, දැරිය නොහැකි තරමට අධික ණය බරකින් පවත්වාගෙන යන අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසායවලින්ද යුතුවූ රටක් වෙමින් තිබුණා. මෙහි ආරම්භය 1981දී බලයට පත්වූ Panhellenic Socialist Movement  රජය  මගින් සිදුකලා.

සමාජවාදී මතවාද වලින් ක්‍රියාත්මක වූ එම රජය හා ඉන් පසු බලයට පත්වූ රජයන් දිගින් දිගටම ණය ගනිමින් විශාල පිරිවැයක් දරමින් සහනාධාර ව්‍යාපෘති ක්‍රියාත්මක කල අතර, අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසායන් පවත්වාගෙන ගියා. 2008 වනවිට ග්‍රීසියේ ණය හා දල ජාතික නිෂ්පාදිතය අතර අනුපාතය 103% තරමටම විශාලවී තිබුණා. 

එමෙන්ම යුරෝපා සංගමයේ මෙන්ම යුරෝ මුදල් ඒකකය පවතින රටක් වුවද, ග්‍රීසිය වෙනත් යුරෝපා රටවල් වලට වඩා සංවෘත්ත ආර්ථියක් කෙරෙහි විශ්වාස කල අතර විවිධ සහනාධාර හරහා තරඟ කාරිත්වය සීමා කරමින් නිදහස් වෙළඳපොල ක්‍රියාකාරිත්වයට බාධාකර තිබුණා.

2007-2008 කාලයේ ලෝක ව්‍යාප්ත ආර්ථික අර්බුධයක් හටගත් අතර ග්‍රීසියට එහි ප්‍රතිපල තදින්ම දැනෙන්නට ගත්තා. මේ අනුව ග්‍රීක රජයට අඩු පිරිවැයකින් ණය ලබාගෙන සිය සහනාධාර මත දිවෙන ආර්ථිකය පවත්වාගෙන යාමේ ඉඩ ඇහිරුනා.

එපමණක් නොව ග්‍රීසියේ මහ බැංකුව, එරට ණය ප්‍රමාණයේ සැබෑ තතු සඟවීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කල බව හෙලිවුන අතර ලොව සියලුම ණය ශ්‍රේණිගත කරන ආයතන (මූඩීස් හා ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් වැනී ග්‍රීසියේ ණය ශ්‍රේණිගත කිරීම් වලින් පහලට දැම්මා. 

මේ සමගම ග්‍රීක රජය ණය ගෙවීම් පැහැර හැරිය අතර ලක්ෂ ගණන් ජනයා සිය තැම්පතු ආපසු ගැනීමට බැංකුවලට රොක්වීම නිසා රටපුරා බැංකු සති කිහිපයකට වසා දමන්නට සිදුවුනා. ඒ අතරම රටපුරා දැවැන්ත විරෝධතා පටන් ගත්තා. ලක්ෂ ගණන් ග්‍රීක ජනතාවට රැකියා අහිමිවූ අතර විරැකියාව 22% තරම් ඉහලට ගියා.

ණය ගෙවාගන්න බැරි ග්‍රීසියට 2011දී බැඳුම්කර ණය දුන් අපේ මහ බැංකුව

කඩා වැටී ඇති ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා ගිණි පොලියට බැඳුම්කර ආකාරයට ණය ලබාගැනීමට ග්‍රීක රජය ක්‍රියාකල අතර 2011 මාර්තුවේදී ශ්‍රී ලංකා මහ බැංකුව තුන්වන පාර්ශව හරහා (එනම් කෙලින්ම ග්‍රීක රජයෙන් නොව, වෙළඳපොල අතර මැදියන් හරහා ) යුරෝ මිලියන 10ක ග්‍රීක බැඳුම්කර මිලදී ගත්තේ රටේ විදෙස් සංචිත යොදවමින්. දිගින් දිගටම ග්‍රීක බැඳුම්කර වල වෙළඳපොල වටිනාකම කඩා වැටෙමින් තිබූ අතර 2011 ජූලියේදී යුරෝ මිලියන 4.5කට එම බැඳුම්කර යලිත් විකුණා දැම්මා. ඒ අනුව රටට යුරෝ මිලියන 5.5ක පාඩුවක් සිදුකර ගත්තා. තවත් යුරෝ  මිලියන 4.1ක ග්‍රීක බැඳුම්කර මිලදීගෙන පාඩුවට යලි විකුණා දැමීම නිසා රටට යුරෝ මිලියන 0.8ක පාඩුවක් සිදුවුනා.

මීට අමතරව මහ බැංකුව ග්‍රීක විදෙස් ණය හුවමාරු ගිවිසුමක් (debt swap agreement) යටතේ යුරෝ මිලියන 15ක ග්‍රීණ ණය හුවමාරුවකට එකඟවූ අතර එයින්ද ලංකාවට රුපියල් බිලියන 1.3ක් පාඩුවූ බව බැඳුම්කර මගඩිය පිලිබඳව අධිකරණයේ පනවා ඇති නඩු ලේඛන වල සඳහන් වෙනවා. එයිනුත් පාඩමක් ඉගෙන නොගත් මහ බංකු ප්‍රධානීන් තවත් යුරෝ මිලියන 5ක ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කර රටට යුරෝ මිලියන 1.1ක අලාභයක් සිදුකලා.

Viewing all articles
Browse latest Browse all 1214

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>