KIA GT4 Stinger |
Rear wheel drive ආකාරයට නිර්මාණය කොට ඇති මෙය ලීටර් 2 ටර්බෝ චාර්ජ් එන්ජිමකින් බල ගැන්වෙන් අතර එය අශ්ව බල 315ක ජවයක් නිපදවනවා. ගියර් 6කින් යුතු මැනුවල් වර්ගයේ ගියර් පද්ධතියකින් සමන්විත මෙයට අධිවේගී ධාවනයේදී ඉහල කාර්යක්ශමතාවයකින් තිරිංග යෙදිය හැයි "බ්‍රෙම්බෝ"වර්ගයේ "ඩිස්ක් බ්‍රේක්"තිරිංග යොදා තිබෙනවා.
මෙම මෝටර් රථයේ සිත් ඇදගන්නා නිමැවුම හා අධිතාක්ශණික මෙවලම් හා උපාංග කොරියානු මෝටර් රථ කර්මාන්තයේ අනාගතය පිලිබඳව ඉඟියක් ලබාදෙන බව විචාරකයින් පවසනවා. දැනට කොරියානු මෝටර් රථ කර්මාන්තය ප්‍රසිද්ධවී සිටින්නේ එදිනෙදා භාවිතයට සුදුසු වාහන ඉහල ප්‍රමිතියකින් හා සාධාරණ මිලකට පාරිභෝගිකයින් හට ලබාදීම පිලිබඳවයි. එහෙත් අනාගතයේ කොරියානු සමාගම් මිළ අධික, අධිවේගී මෝටර් රථ වෙළඳපොලට අභියෝගයක් එල්ල කරනු ඇතැයි පිලිගැනෙනවා. දැනට මෙම වෙළඳ පොලේ ඉදිරියෙන්ම සිටින්නේ ඉතාලි හා ජර්මන් නිශ්පාදකයින්.