3ඩූඩ්ලර් යනු ත්‍රිමාණ මුද්‍රණයේ, එනම් ත්‍රිමාණ වස්තූන් අවකාශයේ නිර්මාණය කල හැකි මුද්‍රණ යන්ත්‍රවල විප්ලවීය වෙනසක් සිදුකල හැකි නිර්මාණයකි. පෑනක් මෙන් පෙනෙන හා ක්‍රියාකල හැකි ආකාරයට නිර්මාණය කොට ඇති මෙම ත්‍රිමාණ නිර්මාණ පෑන අමෙරිකානු විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු වන පීටර් ඩිල්වර්ත් හා මැක්ස්වෙල් බෝර්ග් දෙදෙනාගේ නිර්මාණයකි.
මෙම ත්‍රිමාණ පෑනට දමන ප්ලාස්ටික් වර්ගය හැඳින්වෙන්නේ "ඇක්‍රිලෝනයිට්‍රයිල් බියුටඩීන් ස්ටයිරීන්" හෙවත් "ABS" ලෙසිනි. විශ්කම්භය මිලිමීටර් 3ක් වන ප්ලාස්ටික් කම්බි ලෙස එන මෙම ප්ලාස්ටික් වර්ගය විවිධ වර්ණ වලින් සැපයිමට 3ඩූඩ්ලර් නිර්මාණ සමාගම සැළසුම් කරයි.
3ඩූඩ්ලර් ත්‍රිමාණ පෑනට යොදන ABS ප්ලාස්ටික් කම්බි |
දැනට අමෙරිකාවේ ප්‍රචලිත වෙමින් යන මෙම ප්‍රාග්ධන උපැයුම් ක්‍රමයේදී ඩොලර් 1ක් වැනි සුලු මුදලක් පවා ආයෝජනය කිරීමට ආයෝජකයින්ට පුලුවන. එක් අයෙකුගෙන් ලැබෙන මුදල සුලුවුවත් ආයෝජකයින් අතිවිශාල සංඛයාවකගෙන් මුදල් එකතු කරගන්නා නිසා සමාගමට සෑහෙන ප්‍රාග්ධනයක් එක් රැස් කරගැනීමට හැකියාව ලැබේ.
3ඩූඩ්ලර් පෑන වැඩිදියුණු කිරීම සඳහා නිර්මාපකයින් වොබල්වර්ක්ස් (WobbleWorks) නම් සමාගමක් ලියාපදිංචි කොට ඇති අතර මෙම සමාගම කික්ස්ටාටර් (Kickstarter) නම් සමාගමක් හරහා සිය ප්‍රාග්ධන ඉල්ලුම සිදුකොට ඇත. කික්ස්ටාටර් සමාගම 3ඩූඩ්ලර් වෙනුවෙන් වෙන් කොට ඇති වෙබ් පිටුවේසඳහන් වන ආකාරයට දැනටමත් ආයෝජකයින් 23,565 දෙනෙකු ඩොලර් මිලියන 2.1 ආයෝජනය කොට ඇති අතර තවත් දින 17ක් යනතුරු (එනම් මාර්තු 20 දින තෙක් ) ආයෝජකයින්ට මෙම සමාගමේ ප්‍රාග්ධනය සඳහා දායක විය හැකිය. එපමණක් නොව ඩොලර් 75කට වඩා සමාගමේ ආයෝජනය කරන සෑම අයෙකුටම 3ඩූඩ්ලර් පෑනක් නොමිලේ ලබාදීමටද සමාගමේ අයිතිකරුවන් හා 3ඩූඩ්ලර් නිමාපකයින් වන පීටර් ඩිල්වර්ත් හා මැක්ස්වෙල් බෝර්ග් ගිවිසුම් ප්‍රකාරව එකඟවී ඇත.
3ඩූඩ්ලර් පෑනේ ක්‍රියාකාරිත්වය විස්තර කෙරෙන වීඩියෝව නරඹන්න