Quantcast
Viewing all articles
Browse latest Browse all 1216

Its a selfie selfie world! | සමාජ ජාලවල දෝරේ ගලන සෙල්ෆියේ ඉතිහාසය

ලෝක ප්‍රකට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව සෙල්ෆියක් යනු යමෙක්, තමන්ගේ ඡායාරූපයක් තමන් විසින්ම ලබාගැනීමයි. මේ සඳහා බොහෝවිට ස්මාර්ට් ෆෝනයක ඉදිරිපස කැමරාව යොදාගැනේ. සෙල්ෆී යන වචනය ජනප්‍රියවීම ඇරඹුනේ 2012 වසරේ සිට වුවද ලොව ප්‍රථම සෙල්ෆිය ලබාගෙන ඇත්තේ 1839දී අමෙරිකානු ඡායාරූප ශිල්පී රොබර්ට් කොර්නේලියස් විසිනි.
Image may be NSFW.
Clik here to view.
අමෙරිකානු ඡායාරූප ශිල්පී රොබර්ට් කෝර්නේලියස් ලබාගත් ලොව ප්‍රථම සෙල්ෆිය ලෙස සැළකෙන ඡායාරූපය. මෙම ඡායාරූපය ලබාගැනීම සඳහා කොර්නේලියස් කැමරාව ක්‍රියාත්මක කොට එය ඉදිරියට දිවගොස් සිටගත් බව පැවසේ. සේයා පට වෙනුවට සිල්වර් අයඩයිඩ් සේයා තැටි භාවිතා කල ඒ අවධියේ ඡායාරූප ගැනීම ඉතා අපහසු විය. (c) Wikimedia
1966දී අමෙරිකානු ගගනගාමී එඩ්වින් ඕල්ඩ්‍රින් අභ්‍යවකාශ යානයක පිටත ක්‍රියාකාරකමක (extra vehicular activity) යෙදෙන අතර අභ්‍යවකාශයේදී ගත් ප්‍රථම සෙල්ෆිය සිය කැමරාවේ සටහන් කරගත්තේය.
Image may be NSFW.
Clik here to view.
අභ්‍යවකාශයේදී ලබාගත් ප්‍රථම සෙල්ෆිය, සඳමත පාතැබූ දෙවැනි මානවයා වීමේ වාසනාව ලද එඩ්වින් "Buzz"ඕල්ඩ්‍රින් විසින් සිය කැමරාවේ සටහන් කරගන්නා ලදී. (c) Wikimedia
ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව 2013 වසරේ ජනප්‍රියම වචනය වූ "selfie"යන්න මුලින්ම භාවිතා කල පුද්ගලයා ලෙස සැලකෙන්නේ 2002 වසරේදී සිය මුඛයේ ඡායාරූපයක් පලකරමින් එය "සෙල්ෆියක්"ලෙස විස්තර කල ඔස්ට්‍රේලියානු ජාතික තරුණයෙකි.

සිය මිතුරෙකුගේ 21වැනි උපන්දින සාදයේදී බීමත්ව පඩිපෙලක් මත ඇදවැටුනු ඔහුට, මුහුණ පඩිපෙලෙහි ඇනීම නිසා තොල් පුපුරා මැහුම් දමාගැනීමට සිදුවිය. දෙතොලෙහි මැහුම් දැක්වෙන ඡායාරූපයක් සිය කැමරාවෙන් තමාම ලබාගත් ඔහු, එය සමාජ ජාලයක පලකොට සිය අණතුර පිලිබඳව මිතුරන් දැනුවත් කලේ එම ඡායාරූපය අපහැදිලි වන්නේ එය "සෙල්ෆියක්"නිසා බවට සමාවද අයදිමිනි. ඒ අනුව සෙල්ෆී යන යෙදුම මුලින්ම භාවිතාකොට ඇත්තේ මෙම ඔස්ට්‍රේලියානු තරුණයා බව පිලිගැනෙනවා.

Image may be NSFW.
Clik here to view.
"සෙල්ෆී"යන වචනය භාවිතාකරමින් සමාජ ජාලයකට නිකුත් කරන ලද ප්‍රථම ඡායාරූපය හා එය පලකල ඔස්ට්‍රේලියානු තරුණයා කරන විස්තරය. (c) telegraph.co.uk
USA Today පුවත්පතට අනුව අද දිනකට සෙල්ෆී ඡායාරූප මිලියනයක් පමණ අන්තර්ජාලයට දිනපතා එක්වේ. සෙල්ෆි ඡායාරූප අරගන්නේ මිනිසුන් පමණක් නොවේ. අඟහරුවා වෙත යවනු ලැබූ කිව් රියෝසිටි රෝවරයද සිය රොබෝ හස්තයේ සවිකොට ඇති කැමරාවකින් සෙල්ෆි ලබාගෙන එවා තිබේ. පහත දැක්වෙන්නේ ඉන් එක් ඡායාරූපයකි.

Image may be NSFW.
Clik here to view.
කිව්රියෝසිටි රෝවරය ලබාගත් සෙල්ෆි වලින් එකක්. (c) Wikimedia Commons
සෙල්ෆී ගැනීමට වෙලාවක් කලාවක් නැත. සමහර සෙල්ෆී පුදුම සහගතය, සමහර ඒවා රැගෙන මොහොතකින් එය ගන්නා ලද පුද්ගලයාට විශාල අණතුරක් සිදුවේ. සමහර සෙල්ෆි ගැනීම සඳහා ඒවා ලබාගන්නන් ගත් අවදානම ඉතා විශාලය. එවැනි අපූරු සෙල්ෆි කිහිපයක් ඔබවෙත ගෙන එන්නම්....

Image may be NSFW.
Clik here to view.
මේ සෙල්ෆියේ පෙනී සිටින්නේ අමෙරිකානු මාෂල්වරයෙකි (United States Marshall). ඔහු මේ සෙල්ෆිය රැගෙන ඇත්තේ සිය ගුවන් යානය මුහුදට කඩාවැටී විනාඩි කිහිපයකිනි.
Image may be NSFW.
Clik here to view.
මෙම සෙල්ෆිය ගෙන ඇසිල්ලකින් බේස් බෝලය ඇයගේ හිසෙහි වැදී තදබල අණතුරක් සිදුවිය.

Image may be NSFW.
Clik here to view.
මෙම ඩෙන්මාර්ක් ජාතික ප්‍රහාරක ජෙට් නියමුවා මිසයිලයක් දියත්කරන මොහොතේම ගන්නා ලද සෙල්ෆිය රාජකීය ඩෙන්මාර්ක ගුවන් හමුදාව මගින් මාධ්‍ය වලට නිකුත් කරන ලදී.

Image may be NSFW.
Clik here to view.
Windsurfing ක්‍රීඩකයාගේ අපූරු සෙල්ෆිය
Image may be NSFW.
Clik here to view.
බැලූනයෙන් ඉවතට පැනගත් මොහෝතේම පැරිශුටය දිගහැරගන්නටත් කලින් ගත්ත සෙල්ෆිය
Image may be NSFW.
Clik here to view.
පියාසර කරන ග්ලයිඩරයෙන් සෙල්ෆි ස්ටික් එකක් එලියට දමා ගන්නා ලද අපූරු සෙල්ෆිය.



POSTS YOU MIGHT LIKE......




VISITORS ON විද්‍යා ගවේෂණ NOW!






Viewing all articles
Browse latest Browse all 1216

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>