විසිවන සියවසේ මැද භාගයේ සිට මේ දක්වා පෘථිවි පෘෂ්ඨයට ඉතාම ආසන්නයේ ඇති වාතයේ සහ මුහුදේ උෂ්නත්වය ඉහළ යාමේ සාමාන්‍ය අගය අප ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම (ගෝලීය තාපනය) ලෙස හන්දුන්වනු ලබනවා. IPCC ( කාලගුණය වෙනස්වීමේ අන්තර්-රාජ්‍ය කමිටුව ) කමිටුව පවසන්නේ මෙම උෂ්නත්වය ඉහල යාම සැලකිය යුතු මට්ටමකට පැමිණ ඇත්තේ විසිවන සියවසේ මැද භාගයේ පමණ සිට බවයි. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඉන්ධන දහනය, කැලෑ කපීම් වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුකොටගෙන වායුගෝලයේ පවතින හරිතාගාර වායූන්ගේ සාන්ද්‍රනය ඉහළ යාමයි.
පසුගිය ශතවර්ශය පුරාවට (1900 - 2000) ගෝලීය උෂ්ණත්වය 0.74 ± 0.18 °C (1.33 ± 0.32 °F) කින් ඉහළ ගොස් ඇත.එම කමිටුව තවදුරටත් පවසන්නේ කාර්මික විප්ලවයට පෙර යුගයේ සිට 1950 දක්වා කාලය තුල සූර්ය විකිරණ සහ ගිනි කදු මගින් යම් පමණක උෂ්නත්වය ඉහළ යාමක් සිදුවී ඇති බවයි.මෙම සියලුම නිගමනයන් ප්‍රකාශ කොට ඇත්තේ ලෝකයේ 40 කට වඩා වැඩි විද්‍යා සංගම් සහ කාර්මික රටවල ශාස්ත්‍රිය විද්‍ය පීඨ විසිනි.
කාලගුණික මොඩලයන්ට අනුකූලව නවතම IPCC දත්ත වාර්තා සදහන් කරන්නේ 21 වන ශතවර්ශය තුල ගෝලීය උෂ්ණත්වය 1.1 සිට 6.4 °C (2.0 සිට11.5 °F) කින් ඉහළ යාමක් බොහෝ දුරට බලාපොරොත්තු විය හැකි බවයි. අනාගතය තුල පිටකරන හරිතාගාර වායුන්ගේ ප්‍රමාණය ඒ සදහා බලපාන බව ඔවුන්ගේ මතයයි. එවගේම මෙම උෂ්නත්ව වෙනස්වීම් ලෝකයේ කලාපයෙන් කලාපයට වෙනස් වේ. කෙසේ නමුත් හරිතාගර වායූන් මුදාහැරීම නැවැත්වූවත් මුහුදේ පවතින විශාල තාප ධාරිතාගුණයත්, කාබන් ඩයිඔක්සයිඩ්(CO2) වල දිගුකල් පවැත්මේ ගුණයත් හේතුකොටගෙන 2100 න් පසුවත් උෂ්නත්වය වැඩිවීම බලාපොරොත්තු වියහැක.
මෙම ගෝලීය උණුසුම ඉහළයාම නිසා විවිධ අහිතකර බලපෑම් ඇතිවන අතර,
- මුහුදු මට්ටම ඉහළයැම
- ග්ලැසියර දියවීම
- කාලගුණ විපර්යාස සිදුවීම
- කෘෂිකර්මාන්තය අඩාල වීම
වැනි දෑ ප්‍රධාන තැනක් ගනී.
අමෙරිකානු ජාතික සාගර හා වායුගෝල පර්යේෂණ පිලිබඳ ඒජන්සිය (NOAA) සඳහන් කරන ආකාරයට ඉතිහාසයේ උණුසුම වැඩිම අවුරුද්ද 2015 වනවා. 1880 පසු වැඩිම උශ්ණත්වය 2014 වාර්තාවූ අතර 2015 වසර එම වාර්තා බිඳහෙලා ඇත. ලොව පුරා සාගර මතුපිට උශ්ණත්වය සෙල්සියස් අංශක 0.9කින් වැඩිවී ඇත. මෙය ඉතා සුලු අගයක් බව පෙනුනද ඉන් ජෛවගෝලයට සිදුවන බලපෑම අතිමහත්ය.
මේ අතර බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයින් පිරිසක් ප්‍රකාශකරන්නේ පෘථිවියේ ඉතිහාසය හා අයිස් යුග චක්‍ර (ice age cycles) සළකබලන විට මේ කාලයේදී නැවත්ත් පෘථිවිය කුඩා අයිස් යුගයකට එළඹිය යුතු වුවත් (mini ice age) මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලීය උණුසුම ඉහලයම මගින් එම අයිස්යුගය එළබීම වැලැක්වී ඇති බවයි.
මීට පෙර කුඩා අයිස් යුගයක් වාර්තාවී ඇත්තේ 1645 සිට 1715 දක්වා කාලයතුලදීයි. මෙලෙස කුඩා අයිස්යුග හටගන්නේ චක්‍රීයලෙස සිදුවන හිරුගේ ක්‍රියාකාරිත්වය අවමවීම නිසා පෘථිවට ලැබෙන සූර්ය තාපය අවමවීමයි. දැනට ගණන්බල ඇති අන්දමට 2030-2040 දක්වා කාලයේදී සූර්ය ක්‍රියාකාරිත්වය 60%කින් පමණ අඩුවිය යුතුයි. මේ වනවිටත් මෙම චක්‍රය ආරම්භවී ඇති අතර සූර්ය ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව විද්‍යාඥයින්ගේ නිරීක්ශණ වලට හසුවී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ නොදම්බ්‍රියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වී සාර්කෝවා මේ පර්යේෂණ පිලිබඳ නිබන්ධනයක් වේල්සයේ පැවති තාරකා විද්‍යාඥයින්ගේ සමුලුවකදී ඉදිරිපත් කලා.
Sources :
http://arlahiru.blogspot.com/2009/11/global-warming.html
http://www.independent.co.uk/environment/climate-change/mini-ice-age-coming-in-next-fifteen-years-new-model-of-the-suns-cycle-shows-10382400.html
http://astronomynow.com/2015/07/17/diminishing-solar-activity-may-bring-new-ice-age-by-2030/
----------------------------------------------------------------------------------------------------------