වසර 21කට පෙර, අද වැනි දිනක... එලීන් කොලින්ස්, අජටාකාශ ශටල් නියමුවෙකු ලෙස ශටල් යානයක් පියාසරකල පලමු කාන්තාව ඉතිහාසගත වුනා. ඒ 1995 පෙබරවාරි මස තුන් වැනිදා ගුවන්ගත වූ STS-63 කේතයෙන් හැඳින්වුනු ඩිස්කවරි ශටල් මෙහෙයුමයි.
අණදෙන නිළධාරියා ලෙස කටයුතුකල පලපුරුදු ගගනගාමී ජේම්ස් වෙදර්බීගේ මග පෙන්වීම යටතේ ශටල් යානය පියාසරකරවන නියමුවාලෙස කටයුතුකල එලින් කොලින්ස් එක්සත් ජනපද ගුවන්හමුදාවේ කර්නල්වරියක වන අතර නාසා ආයතනයේ ගගනගාමියෙකු ලෙස බැඳීමට පෙර එක්සත් ජනපද ගුවන්හමුදාව් අත්හදාබැලීමේ ගුවන්යානා පරීක්ශාවට බඳුන්කරන පරීක්ශණ ගුවන් නියමුවෙකු (test pilot) ලෙස සේවය කලා.
Image may be NSFW. Clik here to view. ![]() |
USAF Test Pilot - Eileen Collins |
1997දී නැවත වතාවක් STS-84 කේතයෙන් හැඳින්වුනු අජටාකාශ මෙහෙයුමේදී ඇට්ලෑන්ටිස් ශටල් යානයේ නියමුවා ලෙසද කටයුතුකල එලීන් කොලින්ස් 1999දී ගුවන්ගත වුනු STS-93 ලෙස හැඳින්වුනු මෙහෙයුමේදී කොළම්බියා ශටල් යානයේ අණදෙන නිළධාරිනිය ලෙස කටයුතු කලා.
Image may be NSFW. Clik here to view. ![]() |
Eileen Collins - Mission Commander, STS-93, Space Shuttle Columbia |
කොළම්බියා ශටල් යානය අණතුරට ලක්වීමෙන් පසු නවතාදමා තිබූ ශටල් මෙහෙයුම් නැවත ඇරඹීමේ මෙහෙයුම ලෙස 2005 වසරේදී ගුවන්ගතවුනු STS-114 ඩිස්කවරි ශටල් මෙහෙයුමේදී එලීන් කොලින්ස් මිශන් කමාන්ඩර් තනතුර හෙබවූවා.
----------------------------------------------------------------------------------------------------------