Quantcast
Viewing all articles
Browse latest Browse all 1216

නින්දයාගෙන එනවිට ගැස්සෙන්නේ ඇයි? | Why Do People 'Twitch' When Falling Asleep?


අප හැමදෙනෙකුම වාගේ නින්දයාගෙන එනවිට සිදුවන ගැස්සීමට මුහුණදී තිබෙනවා. පර්යේෂකයින් පවසන අන්දමට සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 6-7 දෙනෙකු මේ අත්දැකීමට මුහුණ දෙනවා. Hypnagogic jerk ලෙස හැඳින්වෙන මෙම සංසිද්ධිය සිදුවනේ සිරුරේ මස්පිඬුවල නිරායාසයෙන් සිදුවන තිගැස්මක් හේතුකොට ගෙනයි.

Hypnogogic state හෙවත් අවදිය හා නින්ද අතර මිනිස් මොළය පසුකරන සංක්‍රාන්ති කාළ පරාසයේදී මෙම තිගැස්සීම සිදුවනවා. විටෙක ශබ්දයක්, තද එලියක් වැනි බාහිර උත්තේජකයක් නිසා මෙම ගැස්සීම් සිදුවන අතර තවත් විටෙක එවැනි බාහිර උත්තේජක නොමැතිව මෙය සිදුවනවා.

සමහර පුද්ගලයින් මෙම කාළපරාසයේදී ව්‍යාමෝහය හෙවත් hallucinations නැමති මායාදර්ශණ (LSD, හෙරොයින් වැනි මත්කුඩු භාවිතාකරන්නන් hallucinations නැමති මේ මායාවන් අත්විඳිනවා)  පෙනෙන අවස්ථාවක් පසුකරන අතර සමහරුන් සිහින දැකීමට පටන්ගන්නවා. තවත් සමහරුන්ට සිහිනෙන් වැටීම් ආදී හැඟීම් ඇතිවන අතර ඒ සමගම තිගැස්සීම සිදුවනවා.

ආතතිය (stress), අවුල් සහිත බව (anxiety), අධික වෙහෙස (fatigue) හා කැෆේන් (caffeine) මෙම තත්වය වැඩි කරන බව සමහර විද්‍යාඥයින්ගේ පර්යේෂණවලින් පෙනීගොස් තිබෙනවා. කෙසේවෙතත් මෙම තිගැස්සීම වලට හේතුව නිශ්චිත ලෙස නිගමනය කරගැනීමට විද්‍යාඥයින්ට හැකිවී නෑ. එහෙත් මේ සඳහා දැනට කල්පිත දෙකක් ඉදිරිපත්වී තිබෙනවා.

එක් කල්පිතයක් නම් නින්ද ආරම්භවන විට සිරුරේ බොහෝ මස්පිඩු ලිහිල්වන අතර (relaxing of muscles) මේ සංක්‍රාන්ති සමයේදී යම් හේතුවක් නිසා නියුරෝන අහේතුක ලෙස ක්‍රියාත්මක වීමෙන් (misfiring of neurons) මෙම තිගැස්ම සිදුවනවා.

අනෙක් කල්පිතයට අනුව මෙම තිගැස්ම මානවයාගේ ඈත මුතුන්මිත්තන් වන වඳුරන්ගෙන් ලැබුණු දායාදයක් බව පවසනවා. නින්දයාගෙන ඒමේදී සිදුවන මස්පිඩු ලිහිල් වීම, වානර මොළය මගින් ගසෙන් වැටීමට යන අවස්ථාවක් ලෙස වැර්දි ලෙස හඳුනාගෙන ක්ශණිකව මස්පිඩු අවදිකිරීමේ වෑයමක් ලෙස මෙම තිගැස්සීම විස්තර කරනවා.

Recent Posts Widget
-----------------------------------------------------------------------------------------

Viewing all articles
Browse latest Browse all 1216

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>