Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1214

Science Quick Bites - ඇන්ටාක්ටිකාව

$
0
0


ඇන්ටාක්ටිකාව සොයා ගැනීමට වසර 2000කට පමණ පෙර සිටම ලෝක ගෝලයේ යට දැවැන්ත මහාද්වීපයක් තිබෙන බවට දේශාටකයින් විස්වාස කලා. ඔවුන් මෙම නොදුටු මහාදිවීපය "ටෙරා ඔස්ට්‍රාලිස්"හෙවත් දකුණුදිග ගොඩබිම ලෙස හැඳින්වූවා. ඇන්ටාක්ටිකාව මුලින්ම දර්ශණය වූයේ 18වැනි ශතවර්ෂයේ යුරෝපීය නාවිකයින්ටයි. කෙසේ වෙතත් "පිරී රීස්"ලෙස හැඳින්වෙන පැරණි  15 වැනි ශත වර්ශයේ සිතියමක ඇන්ටාක්ටිකාව යැයි සැළකිය හැකි වෙරළතීරයක් ද දකින්නට ලැබෙනවා. ඔටෝමාන් අධිරාජ්‍යයේ අද්මිරාල්වරයෙකු හා රාජකීය සිතියම් සකසන්නා වන පිරී රීස් විසින් සම්පාදනය කල මෙම සිතියම පැරණි සිතියම් ගණනාවක් අනුසාරයෙන් සැකසූ බව පිරී රීස් ප්‍රකාශකොට ඇති නිසා පෘථිවියේ පැරණි ශිෂ්ඨාචාර ඇන්ටාක්ටිකාව ගවේෂණය කොට එහි සිතියම් සකසා ඇති බවට මතයක් පලවෙතත් ප්‍රධාන ධාරාවේ පර්යේශකයින් මෙම මතය බැහැර කරනවා.



වර්ග කිලෝමීටර් මිලියන 14ක විශාලත්වයකින් යුතු ඇන්ටාක්ටිකාව වැඩිම සාමාන්‍ය ගොඩබිම් උසක් (highest average elevation) ඇති, එමෙන්ම අඩුම සාමාන්‍ය උශ්ණත්වයක් හා වැඩිම වියලි බවින් යුතු මහාද්වීපයයි. අයිස් වලින් වැසි තිබුණත් ඇන්ටාක්ටිකාව එහි අධික වියලි බව නිසාම කාන්තාරයක් ලෙස හැඳින්විය හැකි බව විද්‍යාඥයින් පවසනවා.



1] ඇමරි අයිස් තට්ටුව (Amery Ice Shelf)
2] අමුන්ඩ්සන් මුහුද (1910-1912 ඇන්ටාක්ටික් ගවේෂණයේදී දක්ෂිණ ධ්‍රැවයට පයතැබූ පලමු මිනිසා වන නොර්වීජියානු ජාතික රෝල්ඩ් අමුන්ඩ්සන් සිහිවීම පිණිස )
3] අමුන්ඩ්සන්-ස්කොට් ඇමරිකානු ඇන්ටාක්ටික් පර්යේෂණ මධ්‍යස්ථානය
4] ඇන්ටාක්ටික් අර්ධද්වීපය
5] බෙලිංශෞසන් මුහුද
6] ඩිසෙප්ෂන් දූව ගිණිකන්ද
7] නැගෙනහිර ඇන්ටාක්ටිකාව
8] එක්සෙකටිව් කොමිටී කඳු පන්තිය
9] ෆිල්ච්නර් අයිස් තට්ටුව

10] භූගෝලීය දක්ශිණ ධ්‍රැවය
11] චුම්බක දක්ශිණ ධ්‍රැවය
12] වොස්ටොක් විල - අයිස් තට්ටුව යටින් ඇති ද්‍රව ජලය ඇති විලකි
13] විලන්ස් විල - අයිස් තට්ටුව යටින් ඇති ද්‍රව ජලය ඇති විලකි
14] එලිස්වර්ත් විල - අයිස් තට්ටුව යටින් ඇති ද්‍රව ජලය ඇති විලකි
15] ලාර්සන් අයිස් තට්ටුව
16] මාරී-බර්ඩ් ප්‍රදේශය
17] මෝසන් ඔස්ට්‍රේලියානු ඇන්ටාක්ටික් පර්යේෂණ මධ්‍යස්ථානය

18] මැක්මර්ඩෝ ඇමරිකානු ඇන්ටාක්ටික් පර්යේෂණ මධ්‍යස්ථානය
19] ඉරිබස් ගිණිකන්ද
20] සිඩ්ලි ගිණිකන්ද
21] සිප්ල් ගිණිකන්ද
22] පාමර් ඇමරිකානු ඇන්ටාක්ටික් පර්යේෂණ මධ්‍යස්ථානය
23] පයින් අයිලන්ඩ් ග්ලැසියරය
24] රොනේ අයිස් තට්ටුව
25] රොස් අයිස් තට්ටුව

26] ස්කොට් නවසීලන්ත ඇන්ටාක්ටික් පර්යේෂණ මධ්‍යස්ථානය
27] දකුණු මුහුද
28] ත්වායිටෙස් ග්ලැසියරය
29] ට්‍රාන්සැන්ටාක්ටික් කඳුවැටිය
30] වින්සන් කන්ද - ඇන්ටාක්ටිකාවේ උසම කඳුමුදුන; අඩි 16,000ක් උසය (පිදුරුතලාගල අඩි 8200කි, එවරස්ට් කන්ද අඩි 29,000කි )


31] වොස්ටොක් රුසියානු ඇන්ටාක්ටික් පර්යේෂණ මධ්‍යස්ථානය
32] වෙඩෙල් මුහුද
33] බටහිර ඇන්ටාක්ටිකාව
34] විල්ක්ස් ප්‍රදේශය


ඇන්ටාක්ටිකාවට ආවේණික මිනිස් ජනගහණයක් නැත. ග්‍රීස්ම සෘතුවේදි 4000ක පමණ පර්යේෂකයින් හා විද්‍යාඥයින් ඇන්ටාක්ටිකාවේ බොහෝ ප්‍රදේශවල පර්යේෂණ වල නිරතවන අතර දැඩි ශීතල හා හිරු නැගීමක් නොමැති ශීත සෘතුවේ 1000ක පමණ පර්යේෂකයින් පිරිසක් රැඳී සිටී. 



ඇල්බට්‍රොස්, ස්කුවා, සීගල්, ටර්න් වැනි මුහුදු පක්ශීන් ග්‍රීස්ම සෘතුවේදී ඇන්ටාක්ටිකාවේ වෙරළතීරවල හා ආසන්න දූපත්වල බිත්තර දමයි. ආසන්න වශයෙන් කුරුලු ජනගහණය මිලියන 100ක් ඉක්මවන බව ගණන්බලා ඇත. මීට අමතරව පෙන්ගුවින් කුරුලු වර්ග කිහිපයක් ඇන්ටාක්ටිකාවේ ස්ථිර පංදිචිකරුවන් වෙති.

Elephant Seal

ටොන් 4ක් බර එලිෆන්ට් සීල් හා වෙනත් සීල් වර්ග ගණනාවක්ද විශාල නිල් තල්මසුන් හා වෙනත් තල්මසුන් ගණනාවක්ද ඇන්ටාක්ටිකාව අසල මුහුද වාසස්ථානය කරගෙන සිටිති.  

ඇන්ටාක්ටිකාව ගැන තවත් ලිපි

අයිස් දියවුනු ඇන්ටාක්ටිකාව කෙසේ දිස්වේද?

එම්පරර් පෙන්ගුවින්, ඇන්ටාක්ටිකාව






ඇන්ටාක්ටිකාව ගැන නොදැන සිටි සමයේ පැරණි සිතියම්වල පෙන්වන ඇන්ටාක්ටිකාව!

වසර මිලියන 20ක් අයිස් තට්ටු යට සැඟවී තිබුණු ඇන්ටාක්ටිකාවේ වොස්ටොක් විලෙහි ජලය පරීක්ශාවට රුසියානු විද්‍යාඥයින් සැරසෙයි. 

චීනය ඇන්ටාක්ටිකාවේ ගවේෂණ පුලුල් කරයි...

__________________________________________________________________________. 

POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR.

CONTACT    : terence.arachchi@gmail.com. 

GOOGLE +   : About Me . 

FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Viewing all articles
Browse latest Browse all 1214

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>