කඩා වැටුනු ඊජිප්ට් එයා MS804 යානය 2015 අගෝස්තුවේ වියෙනා ගුවන් තොටුපලින් ගුවන් ගතවන ඡායාරූපයක් |
යානය කඩාවැටීමට හේතුව තවමත් පැහැදිලි නැතත් ඉතා හොඳ කාළගුණික තත්වයක් යටතේ පියාසර කල යානයෙන් කිසිම ආකාරයක අණතුරු සංඥාවක් නිකුත්වී නෑ. රාත්‍රී 11.09 ප්‍රංශයේ චාල්ස් ඩිගෝල් ගුවන්තොටුපොලෙන් ගුවන්ගතවූ යානය, ප්‍රංශය, ඉතාලිය හා ග්‍රීසිය ඉහලින් කිසිදු අසාමාන්‍ය සිදුවීමකින් තොරව පියාසර කල අතර ඉන්පසු එය මධ්‍යධරණී මුහුද ඉහලින් ඊජිප්තු ගුවන්සීමාව කරා පියසර කොට තිබෙනවා. යානයෙන් නිකුත්වූ අවසාන සංඥාව 2.27ට ග්‍රීක ගුවන් පාලන මධ්‍යස්ථානයට ලැබී ඇති අතර ඉන්පසු කිසිදු සංඥාවක් නිකුත්වී නෑ. ඒ යානය ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපොලට ලඟාවීමට විනාඩි 30කට කලින්.
පොලොවට අඩි 37,000ක් (මීටර් 11,200ක්) ඉහලින් සිටි යානය නිරීක්ශණය කරමින් සිටි ඊජිප්තු රේඩාර් මධ්‍යස්ථානවලට එක්වරම යානය පහට වැටෙන බව පෙනී ගොස් තිබෙනවා. මෙලෙස වේගයෙන් පියාසර උස අඩුවන අතරම යානය එක්වරම වම්පසට හැරවී තිබෙන අතර ඉන් සුලු මොහොතකට පසු නැවතත් දකුණට හැරී අංශක 360කින් කැරකෙමින් පොලොවට පහත්වී තිබෙනවා. අඩි 10,000 (මීටර් 3000ක්) පහලට ගමන්කල යානය රේඩාර් තිරවලට නොපෙනී ගොස් තිබෙනවා.
යානයේ අවසන් විනාඩි කිහිපයේ රේඩාර් සටහන් නිරීක්ශණය කල විශේෂඥයින් මෙලෙස යානය පාලනයෙන් තොරව මෙන් ගමන් කරන්නට ඇත්තේ යමෙක් යානයේ නියමු කුටියේ කටයුතු වලට බාධා කලබැවින් බව පැවසෙනවා. ඔවුන් සැක කරන ආකාරයට යානයේ නියමු කුටියේ යම් ආකාරයක දරුණු පොරබැදීමක් සිදුවී තිබෙනවා. සමහර විට යානයේ නියමු කුටියට ඇතුලුවූ අයෙකු හෝ අයවලුන් යාන පැහැර ගන්නට උත්සහ කලවිට නියමුන් හා යානයේ සිටි ආරක්ශක නිළධාරීන් ඔවුන් සමග පොර බැදීමක් සිදුවන්නට ඇති. නැතිනම් යානයේ එක් නියමුවෙකු යානය පැහැර ගන්නට හෝ කඩා වට්ටන්නට උත්සහ කිරීමේදී අනෙක් නියමුවා ඔහු සමග පොරබැදුවා වන්නට ඉඩතිබෙනවා.
පසුගිය වසරේ යුරෝපයේ කන්දක හැපී විනාශවූ ජර්මන් වින්ග්ස් ගුවන් යානය, එහි උප නියමුවා විසින් ඕනෑකමින්ම කඳුවැටියේ වද්දා විනාශකොට දැමූබව දැන් තහවුරු වී තිබෙනවා.
__________________________________________________________________________.
POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR.
CONTACT : terence.arachchi@gmail.com.
GOOGLE + : About Me .
FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________
----------------------------------------------------------------------------------------------------------