ලනඩනයේ ක්වීන් වික්ටෝරියා මාවතේ ඉදිකිරීමට යෝජිත බ්ලූම්බර්ග් වාණිජ සමාගමේ අලුත් යුරෝපීය මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පොලොව සකසද්දී බ්‍රිතාන්‍යය රෝම අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පවතිද්දී භාවිතාකල පොරොන්දු නෝට්ටු (promissory note) හා වෙනත් වාණිජමය සටහන් තැබූ ලී පුවරු (wooden tablet) 405ක් සොයාගනු ලැබුවා.
මෙම හෙක්ටාර 1.2ක වපරිසයකින් යුතු මේ ස්ථානය 1වැනි සියවසේදී බ්‍රිතාන්‍යය රෝම අධිරාජ්‍යයේ කොටසක් වූ කාලයේ ලන්ඩන් නුවර කාර්යබහුල වීථියක්ව තිබී ඇති බව හමුවූ කෞතුක භාණ්ඩ විශාල ප්‍රමාණයකින් තහවුරු වෙනවා. වාණිජ ලියැවිලිවලට අමතරව ආභරණ, සම් සපත්තු, පෞද්ගලික සටහන් ලියූ ලී පත් ඉරු, වාණිජ ණය පිලිබඳ සටහන්, විකුණූ භාණ්ඩ වලට නිකුත්කල බිල්පත් හා නීතිමය ලේඛණ හමුවී තිබෙනවා. පැරණි ලතින් භාශාවෙන් ලියැවුණු මේ ලේඛන අතර ලන්ඩනයේ පැරණිම වැසියන්ගේ නම් හා ලිපිනයන්ද ඇතුලත්වනවා. ඒ අනුව මේ කෞතුක භාණ්ඩ මාහානර්ඝ කෞතක වටිනාකමකින් යුතු වස්තු සම්භාරයක් බව බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයින් පවසනවා.
ලන්ඩනයෙන් හමුවූ ලී පත් ඉරුවක් පරීක්ශාකරණ ලන්ඩන් පුරාවිද්‍යා කෞතුකාගාරයේ පර්යේශක රොජර් ටොම්ලින් |
රෝම අධිරාජ්‍යය කාළයේ "ඇනැල්ස්"හා "හිස්ටොරීස්"යන ඉතිහාස ග්‍රන්ථ දෙකක් ලියූ කොර්නේලියල් ටැසිටස් ඉතිහාසඥයා සිය ග්‍රන්ථවල එකල ලන්ඩනියම් ලෙස හැඳින්වූ ලන්ඩන් නගරය සමුර්ධිමත් වාණිජ නගරයක් බවට සටහන් තබා ඇත. නූතන ඉතහාසඥයින් පවසන්නේ මෙලෙස වාණිජමය, නීතිමය හා වෙනත් වෙළඳාමට සම්බන්ධ රෝම සටහන් විශාල ප්‍රමාණයක් හමුවීම මගින් කොර්නේලියස් ටැසිටස් මීට වසර 2000කට පෙර ලන්ඩනයේ වාණිජමය වැදගත්කල පිලිබඳ කරන විස්තර නිවැරදි බව තහවුරු වන බවයි.
__________________________________________________________________________.
POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR .
CONTACT : terence.arachchi@gmail.com.
GOOGLE + : About Me .
FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________