ඒවගේම ටෙස්ලා, ගූගල්, ඇපල් වැනි සමාගම් වගේම ටොයෝටා, ජෙනරල් මෝටර්ස් හා බී.එම්.ඩබ්ලිව්, වොක්ස්වැගන් වැනි මෝටර් රථ සමාගම් තනිවම රිය පැදවිය හැකි කෘත්‍රිම බුද්ධි පරිගණක සහිත රථවාහන මේ දිනවල බටහිර රටවල මහාමාර්ගවල අත්හදා බලමින් සර්ථක ප්‍රථිපල නෙලා ගන්නවා. 2020 වනවිට පූර්ණලෙසම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක විය හැකි මෝටර් රථ වෙළඳපොලට එකතුවන බවයි මේ සමාගම් අනාවැකි කියන්නේ. එවිට රොබෝ තාක්ශණය නිසා රැකියා අහිමිවන් ශ්‍රමිකයින් අතර මුල්තැනක් රියැදුරන්ට ලැබෙන්නට ඉඩ තිබෙනවා.
නූතන මානවයෙකු තරමටම බුද්ධිමත්, සිතාමතා තීන්දු-තීරණ ගත හැකි කෘත්‍රිම බුද්ධි පරිගණක නිර්මාණය වීම තවදුරටත් විද්‍යා ප්‍රබන්ධයක් නොව නුදුරු අනාගතයේම සිදුවිය හැකි දෙයක් ලෙස මේවන විට තහවුරු වෙලා තියෙන නිසා මේ කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර නිසා මානව වර්ගයාට මුහුණදෙන්නට වන විවිධාකාර ගැටලු මේ දිනවල බටහිර රටවල බුද්ධිමතුන්ගේ දැඩි සාකච්ඡාවට බඳුන්වෙලා තියෙනවා.
"මානවවර්ගයාගේ පැවැත්මට නුදුරු අනාගතයේදී එල්ලවන දැවැන්තම තර්ජනය සංජානනය ඇති කෘත්‍රිම බුද්ධි පරිගණක යන්ත්‍ර මගින් එල්ලවනු ඇත.... "මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් වගේ සුපිරි බුද්ධිමතුන් මෙන්ම ටෙස්ලා සමාගමේ නිර්මාතෲ ඊලෝන් මස්ක් වැනි අධිතාක්ශණික ව්‍යාපාරිකයින් පිරිසක් කෘත්‍රිම බුද්ධියෙන් යුතු පරිගණකයක් නිර්මාණය වීම මානව වර්ගයාගේ අවසානයේ ආරම්භය ලෙස ප්‍රකාශ කරන අතර කෘත්‍රිම බුද්ධි පරිගණක නිර්මාණය සඳහා වන පර්යේෂණ දැඩි ලෙස සීමා කලයුතු බව ඔවුන් පවසනවා.
- නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස්
පැරණි ටර්මිනේටර් චිත්‍රපට හා මෑතකදී එලිදැක්වුනු ඇවෙන්ජර්ස් - ඒජ් ඔෆ් අල්ට්‍රෝන්, පාලනයෙන් තොරවූ, මානවයා ගැන කිසිදු තැකීමක් නැත් කෘත්‍රිම බුද්ධි පරිගණක මානව වර්ගය විනාශකිරීම සඳහා ක්‍රියාත්මක විය හැකි ආකාරය පෙන්වනවා. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ බර්කෙලී විද්‍යාපීඨයේ පරිගණක විද්‍යාඥ මහාචාර්ය ස්ටුවර්ට් රසල් පවසන අන්දමට දැනට සිදුවන පාලනයකින් තොර කෘත්‍රිම බුද්ධි නිර්මාණ පරීක්ශණ මහා විනාශයකට අතවනනවා.
මේ අතර තවත් විද්‍යාඥයින් පිරිසක් පවසන්නේ මානවයින් හා සුපිරි-බුද්ධියක් ඇති පරිගණක අතර සන්නිවේදන බාධක ඇතිවිය හැකි බවයි. ආලෝකයේ වේගයෙන් ගණනය කිරීම් හා ලක්ෂගණනක් විවිධ අවස්ථාරූපන (scenarios) විශ්ලේෂණය කොට තීන්දුතීරණ ගත හැකි කෘත්‍රිම බුද්ධි පරිගණක, මන්දගාමී, ලෙහෙසියන් මරණයට පත්කල හැකි මානවයින් දුර්වලයින් පිරිසක් මෙන්ම කළකෝලාහාල හා යුද්ධ සිදුකරමින් එකිනෙකාට විනාශය ගෙනදෙන වදකාරයින් පිරිසක් ලෙස සළකා එක්කෝ මානව වර්ගයා විනාශකිරීමට හෝ නැතහොත් අභ්යභූමියක වන සතුන් ආරක්ශාකරන ආකාරයට නිදහස සීමා කොට, ආරක්ශා කිරීමටද පෙළඹෙනු ඇත. ඇවෙන්ජර්ස්-ඒජ් ඔෆ් අල්ට්‍රෝන් චිත්‍රපටයේ කෘත්‍රිම බුද්ධි රොබෝවා මානව වර්ගය විනාශකිරීමට තීරණය කරන්නේ මානවයින්ගෙන් පෘථිවිය ආරකශා කිරීමේ අරමුණින්.
"ටර්මිනේටර් චිත්‍රපටමාලාවේ ස්කයිනෙට් කෘත්‍රිම බුද්ධි පරිගණක මානව වර්ගයා විනාශ කිරීමට පෙලඹෙන්නේ එහි නිර්මාණකරුවන් එය ක්‍රියාවිරහිත කිරීමට උත්සහ කිරීමේදී ආත්මාරක්ශාව සඳහායි...."මේ අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගණිතය පිලිබඳ මහාචාර්ය වරයෙකුවන මාකස් සෝටෝයි පවසන්නේ බුද්ධිමත් පරිගණක මානව සිතිවිලිවලින් යුතුවන නිසා එම යන්ත්‍රවලටද මානව හිමිකම්වලට සමාන අයිතිවාසිකම් ලබාදෙන්නට සිදුවනු ඇති බවයි.ඔහු පවසන අන්දමට කෘත්‍රිම වුවත්, සිතුවිලි ඇති, සන්ජානනය (consciousness) ඇති යන්ත්‍රවලට සිත් පිත් ඇති මානවයින්ට මෙන්ම ආරක්ශාව හා මානසික සුවය අවශ්‍යවනු ඇති බවයි. මේ සඳහා දැනට මිනිස් ප්‍රජාවේ අයිතිවාසිකම් සුරකිමින් ඔවුන් රැකගැනීමට අන්තර්ජාතිකව පිලිගැනෙන මානව අයිතීන් වැනි මූලික නීතිමය සංකල්ප රාමුව සැකසිය යුතු බව ඔහු පවසනවා.
සිතුවිලි ඇති, සංජානනය හා බුද්ධියෙන් හෙබි යන්ත්‍ර අනවශ්‍ය ලෙස අපයෝජනයට බඳුන්කිරීම, විනාශකිරීම හා පීඩාවට පත්කිරීමන් මේ නීතිමය රාමුව මගින් වැලැක්වෙනු ඇති.
මෙලෙස කෘත්‍රිම බුද්ධි පරිගණක ආරක්ශණයට නීතිමය රාමුවක් සැකසීමෙන්, මානව වර්ගයාගේ යහපත පිණිස කෘත්‍රිම බුද්ධි පරිගණකවල සහය ලබාගැනීමට පිටුවහලක් වනු ඇතැයි විශ්වාස කෙරෙනවා. මානවයා තමන්ව ආරක්ශා කිරීමට හැකි සියලුදේ කිරීමට සූදානම් බැවින් මානව වර්ගයා සුඛිත-මුදිත කිරීමට සිය සුපිරි බුද්ධිමය හැකියාවන් යෙදවීමට කෘත්‍රිම බුද්ධි පරිගණක තීරණය කිරීමට ඉඩ තිබෙනවා. මානවයා තමන්ව අවිශ්වාස කරන, අපයෝජයන කරන, තමන්ගේ විනාශය සැළසුම් කරණ බවට කෘත්‍රිම බුඩ්ධි ප්‍රජාව තීරණය කලහොත් එහි නරක ප්‍රතිවිපාක වලට මුහුනදීමට මින්ස් සංහතියට සිදුවනු ඇති.
ටර්මිනේටර් විද්‍යාප්‍රබන්ධ චිත්‍රපටවලට එන කෘත්‍රිම "ස්කයි නෙට්"නම් කෘත්‍රිම බුද්ධි පර්ගණකය සංජානනය ලබාගැනීමෙන් පසුව, බියට පත්වෙන එහි නිර්මාණ කරුවන්, එය විනාශ කිරීමට සූදානම් වනවිටයි ස්කයි-නෙට් කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන සිය පැවැත්ම තහවුරු කරගැනීම සඳහා මානව වර්ගයා විනාශකල යුතුයයි තීරණය කරන්නේ.
__________________________________________________________________________
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .
POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR
CONTACT : terence.arachchi@gmail.com
GOOGLE + : About Me
FACEBOOK : www.facebook.com/terence.arachchi__________________________________________________________________________