ඉහත චිත්‍රයේ වම්පස උඩින් පිරමීඩ 3ක් ඇඳ ඇති ආකාරය පෙනෙනවාද? අද දිනයේ පිරමීඩ නරඹන්නෙකුට ඈතින් ගීසාහි පිරමීඩ තුන පෙනෙන ආකාරයයි මේ. මේ චිත්‍රය ඇඳ ඇත්තේ පැස්බර බිත්තරයක වන අතර එය ඉපැරණි ඊජිප්තු සොහොන් ගෙයක මිහිදන් කොට තිබී සොයාගත්තේ 1907දී මැලබී සිසිල් ෆර්ත් නම් බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයාය.
ඊජිප්තුවේ අස්වාන් ප්‍රදේශයේ පිහිටුවා ඇති නුබියන් කෞතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා ඇති මෙම පැස්බර බිත්තරෙය පිලිබඳ කෞතුකාගාර විස්තරයට අනුව එය උපරිමයෙන් වසර 4400ක් පැරණිය. එසේ නම්, එය ඇඳි සිත්තරා ඊජිප්තු පිරමීඩ දැක තිබෙන්නට පුලුවන. මන්දයත් ප්‍රධාන ධාරාවේ ඊජිප්තු විශේෂඥයින් හා පුරාවිද්‍යාඥයින්ට අනුව පිරමීඩවල වයස උපරිමයෙන් වසර 5000කට අඩුය.
මෙම පැස්බර බිත්තරය සොයාගත් සොහොන් ගෙය අයත්වූයේ පැරණි ඊජිප්තුවේ නකාඩා ශිෂ්ඨාචාරයට වන අතර, එම සොහොන් ගෙයි මිහිදන්කොට තිබී හමුවූ මමීකෘත සිරුරුවල වයස වසර 7000ක් බව හෙලිවී ඇත.
ප්‍රධාන ධාරාවේ ඊජිප්තු විශේෂඥයින් මෙම ප්‍රථිපල එතරම් තැකීමටකට බඳුන් නොකලත්, වසර 7000කට පෙර ජීවත්වුනු සිත්තරෙකු මෙම පැස්බර බිත්තරයේ සිතුවම් ඇන්දේනම්, ඔහු පිරමීඩ තුනම ඇඳ ඇත්තේ ඔහු ජීවත්වූ වසර 7000කට පෙරද පිරමීඩ අදමෙන්ම පැවති නිසාද?
විකල්ප ධාරාවේ ඊජිප්තු විශේෂඥයින් තර්ක කරන ආකාරයට පිරමීඩ ඊජිප්තු ශිෂ්ඨාචාරයට වඩා බෙහෙවින් පැරණිවන අතර කූෆූ වැනි ඊජිප්තු ෆේරෝවරුන් සිදුකරන්නට ඇත්තේ ඒවා පිලිසකර කොට, තම නම සෙල්ලිපිවල සටහන් කරගැනීම පමණක් බවයි.
එමෙන්ම කූෆූ ෆේරෝ අධිරාජ්‍යයා තැනුවායයි කියන මහා පිරමීඩයේ ප්‍රධාන ගොඩනැගීම් කිසිවක කූෆූගේ නම සටහන් කොට නැත. මහා පිරමීඩය කූෆූගේ ගිණුමට බැර වන්නේ වෙනත් සබැඳි සටහන් වලින් පමණකි. ඒවාවලත් කූෆූ විසින් පිරමීඩය ගොඩනැගූ බවට නිශ්චිත සටහන් නැත. ඇත්තේ අනුමාන පමණකි.
Image may be NSFW.
Clik here to view.

POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR .
CONTACT : terence.arachchi@gmail.com.
GOOGLE + : About Me .
FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________