දුම් පානය කරන්නන්ට හා අධික ස්ථූලතාවයෙන් යුතු පුද්ගලයින්ට මිළ අධික ප්‍රතිකාර හා ශල්‍යකර්ම නොකිරීමට බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය සූදානම් වන බවට වාර්තා වෙනවා. දැනටමත් යෝක්ෂයර් ප්‍රාන්තය, හර්ට්ෆර්ඩ්ෂයර් ප්‍රාන්තය හා උතුරු ලන්ඩනයේ සෞඛ්‍ය සේවා මෙම ප්‍රතිපත්තිය හඳුන්වා දෙනවා.
National Health Service (NHS) හෙවත් ජාතික සෞඛ්‍ය සේවය 1948දී ස්ථාපනය කරන ලද අතර, එමගින් ධනවතුන්ට හා විජාතිකයින්ට හැර අනෙක් බ්‍රිතාන්‍ය පුරවැසියන්ට සෞඛ්‍ය සේවා හා රෝහල්ගතවීම් නොමිලයේ ලැබෙනවා.
අරමුදල් හා ආයෝජන හිඟවීම නිසා අර්බුධවලට මුහුණදී සිටින NHS සේවය, මෙම තීරණය ගෙන ඇත්තේ අධික ස්ථූලතාවය ඉතා විශාල සෞඛ්‍ය අර්බුධයක් බවට පත්වෙමින් තිබෙන නිසයි. එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම ආයතනයට අනුව බ්‍රිතාන්‍යයේ වැඩිහිටියන් සතර දෙනෙකුගෙන් එක් අයෙක් යම් ආකාරයක ස්ථූලතාවයකින් (obesity) පෙලෙනවා. Body Mass Index (BMI) 25-29 අතර අය ස්ථූල පුද්ගලයින් ලෙස වෛද්‍යවරු හඳුන්වනවා. එමෙන්ම, මහා බ්‍රිතාන්‍යයේ ජනගහණයෙන් 61.7% පුද්ගලයින් ප්‍රමාණයක් තම සිරුරේ උසට, වයසට හා ස්ත්‍රී පුරුෂ භාවයට ගැලපෙන ආකාරයට වඩා වැඩි ශරීර බරකින් යුතු පුද්ගලයින් (over weight) බවට ජාතික සෞඛ්‍ය සේවය පවසනවා.
ස්ථූලභාවය හා බරවැඩිවීම බ්‍රිතාන්‍යයේ පාසැල් දරුවන් අතරත් වැඩිවෙමින් යනවා. දැනටමත් පාසැල් දරුවන් ගෙන් 1/3ක් බර වැඩි කුළකයේ පසුවන අතර 16%ක් ස්ථූල බවට හඳුනාගෙන තිබෙනවා. දිනකට අවම මිනිත්තු 20ක්වත් ශාරීරික ක්‍රියාකරකම් වල යෙදෙන ලෙස බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බළධාරීන් මහජනතාවට අවවාද කලද වයස 16 වැඩි පුද්ගලයින් අතරින් 33%-45% ප්‍රමාණයක් මෙම දෛනික ව්‍යායාම හෝ ක්‍රියාකාරකම් සිදුකරන්නේ නෑ.
එමෙන්ම දුම්බීම නිසා සිදුවන රෝගී තත්වයන්ට, බදු ගෙවන්නන්ගේ මහජන මුදල් වලින් ප්‍රතිකාර කිරීමද අසාධාරණ බවට විශාල මතයක් පැතිරෙනවා.
එමෙන්ම දුම්බීම නිසා සිදුවන රෝගී තත්වයන්ට, බදු ගෙවන්නන්ගේ මහජන මුදල් වලින් ප්‍රතිකාර කිරීමද අසාධාරණ බවට විශාල මතයක් පැතිරෙනවා.
__________________________________________________________________________
