ඇමසන් යනු තාක්ෂණික ලොවේ කිරුලු පලන් සමාගමක්. ලොව සාර්ථකම අන්තර්ජාල සාප්පු සංකීර්ණය වන ඇමසන් දිනකට ලක්ෂ ගණනක් ඇණවුම් බෙදා හරිනවා. මෙම ඇණවුම් බෙදාහරින්නේ ලොව පුරා රටවල් කිහිපයක ඇති අතිවිශාල ඇමසන් ගබඩා සංකීර්ණ වල සිටයි. මෙම ගබඩාවල සේවය කරන සේවක සේවිකාවන්ට ඉතා වෙහෙසකර, දීර්ඝ සේවා මුර ලබාදෙන බවට චෝදනා නැගෙන්නේ කලක පටන්.
ඇමසන් සමාගම මේ චෝදනා ප්‍රතික්ෂේප කලත් නැවත වතාවක් මෙම චෝදනා කරලියට පැමිණ තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ ප්‍රකට ඩේලිමේල් පුවත්පතේ ගවේෂණාත්මක පුවත්පත් කලා වේදියෙක් ඇමසන් සමාගමේ සේවකයෙකු ලෙස බැදී සේවය කොට සිය ඇත්දැකීම් හෙලි කිරීමෙන් පසුවයි.
පැයට පවුම් £7.35 හෙවත් බ්‍රිතාන්‍යයේ අවම වේතනයට මෙම සේවකයින්ගෙන් වැඩගන්නා ඇමසන් සමාගම ඔවුනට පැය 12ක දීර්ඝ සේවා මුරයක් කිරීමට අණදෙන බවත්, ඔවුන්ගේ සෑම පියවරක්ම වීඩියෝ හා වෙනත් ඉලෙක්ට්‍රොණික උපක්‍රම මගින් දැඩිලෙස නිරීක්ෂණය කරන බවත් පවසනවා. සෑම කටයුත්තක් සිදුකිරීම සඳහාම ඉතා කෙටි කාළ ඉලක්ක (time targets) ලබාදෙන අතර එම කාළයට වඩා වැඩි කාලයක් ගතකරන්නන්ට විවිධ දඬුවම් පැමිණවෙනවා.
එපමණක් නොව සේවකයින් වැසිකිලියට යන කාළය පවා මණින ඇමසන් සමාගම, වැසිකිලිය තුල වැඩිකාලයක් ගතකරන සේවක සේවකාවන්ටද විවිධ දඬුවම් නියම කරනවා. ඇමසන් සමාගමේ දැවැන්ත ගබඩා/සැපයුම් මධ්‍යස්ථාන තුල දිනකට සැතපුම් 14ක් පමණ ඇවිදීමට සිදුවන බවත් සේවාමුරය අවසානයේ කකුල්වල දිය පට්ටා එන බවත් සේවකයින් පවසනවා.
Source:
__________________________________________________________________________
