1970 දශකයේ ලංකාවේ ගමක දරුවන්. මෙයාල හැමෝද දැන් අවුරුදු 45-50 වයසේ තලතුනා අය. |
1973 ලංකාව තිබුණේ මෙහෙමයි කියලා පෙන්වන, දුර්ලභ වර්ණ ඡායාරූප වගයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරනවා. විවිධ වෙබ් අඩවිවල, ට්විටර් පණිවුඩ වල වගේම මෙම ඡායාරූප එකතුකරලා හදපු යූ ටියුබ් වීඩියෝත් දැන් තියෙනවා. ඒ වුනත්, මෙම ඡායාරූප අන්තර්ජාලයට එකතුකරපු අය මෙම ඡායාරූපවල පලමු අයිතිකරු පිලිබඳව හෝ මෙම ඡායාරූපවලින් පෙන්වන, 70 දශකයේ ලංකාවේ ආර්ථික හා සමාජී කරුණු පිලිබඳව උනන්දුවක් දක්වලා නැති බව පෙනෙනවා. මේ සටහනේ අරමුණ ඒ පිලිබඳව විස්තරයක් ඉදිරිපත් කිරීමයි.
මේ ඡායාරූප ගත්තේ කවුද?
ඡායාරූප ගොන්නේ තිබෙන ඡායාරූප කිහිපයක් මෙම ඡායාරූප ගන්නට ඇත්තේ කවුදැයි යන්නට ඉඟි ලබාදෙනවා. ලංකාවට පැමිණි සුදු ජාතික යුවලක් මෙම ඡායාරූප ගන්නට ඇතිබව සිතාගත හැක්කේ මේ ඡායාරූපයෙන් මෙහි. සංචාරක මගපෙන්වන්නා හා ඡායාරූප ගත් සංචාරකයාගේ බිරිඳ පෙනී සිටින බව සිතාගත හැකියි. ඔවුන් ගේ කාර් රථයේ "TOURIST CAR"යනුවෙන්ද "CEYLON HOTELS CORPORATION"යනුවෙන්ද සටහන් කොට තිබෙන බව පේනවා.
මෙම ඡායාරූපය මහනුවර ආසන්නයේදී ගන්නා ලද එකක් බව පැවසෙනවා. |
මෙම ඡායාරූප දක්වා තිබුනු තවත් වෙබ් අඩවියක් වන newslanka.net අඩවියේ, මෙම ඡායාරූප තිස්ස මඩවල නැමැත්තෙකුට අයත් බව දක්වා තිබෙනවා.
1973 කාළයේ ශ්‍රී ලංකාව
දේශපාලනය
1970 දශකයේ ලංකාව අදට වඩා බොහෝ වෙනස් ස්වරූපයක් ගත්තා. ඒ වන විට සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ සමගි පෙරමුණු රජය බලයට පත්වී තිබුණා. සමගි පෙරමුණු රජය 1970 බලයට පත්වූ අතර ඉන් වසරක් යන්නට පෙර රෝහණ විජේවීරගේ නායකත්වයෙන් 1971 අප්‍රේල් කැරැළ්ල සිදුවී මහා විනාශයක් වූවා. තරුණ තරුණියන් දහස් ගණනක් මිය ගොස්, තවත් දහස් ගණනක් පුනරුත්තාපන කඳවුරුවලට ගාල් වී සිටියා.
1973 වනවිට දකුණ සාමකාමීව තිබුණත් උතුරුකරයේ දමිළ තරුණයන් අතර බෙදුම්වාදී අදහස් මෝරමින් තිබුණා. ද්‍රවිඩ සන්නද්ධ අරගලයේ ආරම්භක ලක්ෂයක් ලෙස සැලකෙන යාපනය පුරපති ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා මහතාව ඝාතනය කරන්නේ මෙම ඡායාරූප ගත් 1973ට වසර දෙකකට පසු, එනම් 1975 ජූලි මාසයේදීයි.
ආර්ථිකය
සමගි පෙරමුණු රජය, එහි මුදල් ඇමති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේ ස්වයංපෝෂිත, සමාජවාදී, මධ්‍යගත සැළසුම් ආර්ථිකයක් වෙත යොමු කරනවා. ආනයන අඩුකොට, දේශීය නිශ්පාදනය ඉහල නැංවීමට හා ආනයන ආදේශක නිපදවීමට වැඩි බරක් දෙන දෙන ලද අතර හැකිතාක් විදේශ විනිමය ආරක්ෂාකර ගනිමින් රට ණයබරින් මුදවා ගැනීමද ඉලක්කයක් වුනා. එමෙන්ම පුද්ගලික ව්‍යාපාර හා වතු විශාල ලෙස රජයට පවරාගත් අතර ඒවා රාජ්‍ය සංස්ථා බවට පත් කෙරුනේ ජනතාවට හා රටට අත්‍යාවශ්‍ය දෑ අඩුමිලට සැපයිමට හා පෞද්ගලික ව්‍යාපාරිකයින් ජනතාව සූරාකන බවට ඇති සමාජවාදී න්‍යාය මත පිහිටලයි.
තෙල් සංස්ථාව (1961දී පිහිටුවන ලද අතර 1971දී තෙල් වෙළඳාමේ ඒකාධිකාරිය හිමිකරගන්නා ලදී), හෝටල් සංස්ථාව, රක්ෂණ සංස්ථාව, වානේ සංස්ථාව, ටයර් සංස්ථාව, පොහොර සංස්ථාව, පිඟන් සංස්ථාව ආදී වශයෙන් රාජ්‍ය සංස්ථා ආරම්භකරන ලද අතර ආනයන-අපනයන-නිෂ්පාදන-වෙළඳාම ආදී සියලු ආර්ථික කර්තව්‍යයන් රජයේ පාලනයෙන් සිදුවිය.
මෙහි එක් අහිතකර ප්‍රථිපලයක්වූයේ මෙරට ආයෝජනය කරමින් ව්‍යාපාර පවත්වාගෙන ගිය විදේශික ආයෝජකයින්ගේ ව්‍යාපාර (උදාහරණයක් ලෙස බොහෝ කාළයක සිට ලංකාවේ තෙල් ආනයනය හා වෙළඳාම සිදුකල බහුජාතික සමාගම් වන ශෙල්, එසෝ හා කැල්ටෙක්ස් සතුවූ තෙල් ව්‍යාපාර) රජයට පවරාගැනීම නිසා ලංකාවෙන් විදෙස් ආයෝජකයින් ඉවත්වූ අතර අලුත් විදෙස් ආයෝජන පැමිණීම ඇණහිටියේය. එමෙන්ම ලංකාවේ ව්‍යාපාර කරමින් සිටි විදේශිකයින්ද සිය ව්‍යාපාර විකුණාදමා ලංකාවෙන් පිටවිය.
අකාර්යක්ෂම රාජ්‍ය සංස්ථා, අක්‍රමිකතා හා නිළධාරීවාදය නිසා මෙම ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක වන්නට වූ අතර අගහිඟකම් පැතිරෙන්නට විය. විදෙස් විනිමය අඩුවීම නිසා ආනයන සීග්‍ර ලෙස පහත වැටුනු අතර එදිනෙදා ජීවිතයට අවශ්‍ය හාල්, පිටි, සීනි, කරවල, සිමෙන්ති, බයිසිකල් ටයර්, ටෝච් බැටරි, රෙදිපිලි දැඩි ලෙස හිඟවන්නට වූ අතර මේ සියල්ලම අලෙවිය හා බෙදාහැරීම දැඩිලෙස සීමා කරන සළාක ක්‍රමයක් ඇති කරන්නට සිදුවුනා.
ඊට අමතරව හාල් පොලු, මිරිස් පොලු ලෙස හැඳින්වූ මාර්ග බාධක දමා පාරේ යන බස් මගීන්ගේ බෑග් මලු පවා පරීක්ෂාකොට ඒවායේ හාල්, වියළි මිරිස් ආදී දැඩි ලෙස සීමා කොට ඇති භාණ්ඩ ගෙනියනවාදැයි සෙවූ බව පැවසුවොත් ඔබ සමහර විට "මේ ලංකාවේ ඔහොම වුනාදැයි?"පුදුමයෙන් අසන්නට පුලුවන්.
පාන් මිලදීගැනීමට පාන් පෝලිම්, හාල් මිලදී ගැනීමට හාල් පෝලිම්, කිරිපිටි සඳහා කිරිපිටිපෝලිම් ආදී සියගණනක් පෝලිම් වල රස්තියාදුවීමට එකල ලාංකිකයින්ට සිදුවුනා. මාගේ දෙමව්පියන් පවසන ආකාරයට එක පාන් ගෙඩියකට සීමා කොට තිබූ සලාකයට පාන් ගැනීම සඳහා පාන්දර 5.00ට පාන් පෝලිමට එකතුවීමට සිදුවුනු අවාසනාවන්ත යුගයක් 1973-1976 කාළය වනවිට බිහිව තිබුණා.
ආහාර දෙපාර්තමේන්තුව හා චාමර්ස් ධාන්‍යාගාරය
සහල් මළු 500,000 ගබඩාකල හැකි ලෙස ඉදිවුනු චාමර්ස් ධාන්‍යාගාරය ඉදිකරන්න පටන්ගත්තේ 1914දී. මේ වැඩේට නිමිත්ත වුනා කියන්නේ ඒකාලේ පැතිරෙන්න පටන්ගත් මහාමාරිය නම් මීයන්ගෙන් බෝවෙන රෝගය. මීයන්ගෙන් ආරක්ෂා කරගත හැකි විධියට ධාන්‍ය ගබඩාකරන්න තමයි චාමර්ස් ධාන්‍යාගාරය තනලා තියෙන්නේ.
මීට දශක කිහිපයකට කලින් ආණ්ඩුවේ හාල් ස්ටෝරුව කියලා හඳුන්වපු චාමර්ස් ධාන්‍යාගාරය පිහිටලා තිබුනේ කොටුවේ ලෝක වෙළඳ පොලට ඉස්සරහායින් ඕල්කට් මාවතෙයි. එක පෙළට පදික වේදිකාව ආසන්නයෙන් හදලා තියෙන කැසට් කඩවල්, ෆොන් කඩවල්, විවිධ වෙළඳ කුටි තියෙන්නේත් මේ මම කියන චාමර්ස් ධාන්‍යාගාර භූමියේ ඕල්කට් මාවත පැත්තේ මායිමේ. දැන් අවුරුදු කිහිපයකට ඉස්සරින් අන්තිමට ඉතුරුවෙලා තිබ්බ ගොඩනැගිලි කිහිපයත් කඩා දමලා මුඩුබිමක් බවට පත් කරපු මේ භූමිය ඕල්කට් මාවත උඩින් කොටුව දුම්රියපල පැත්තට පාර මාරුවෙන්න හදාපු යකඩ මගි පාලම උඩට ගියාම බලාගන්න පුළුවන්.
චාමර්ස් ධාන්‍යාගාරය (Charmers Granary) 1916 මැයි 11 වෙනිදා විවෘත කෙරුණා. චාමර්ස් ධාන්‍යාගාරයට චාමර්ස් කියලා නම දාලා තියෙන්නේ මේකාලේ රට පාලනය කරපු රොබට් චාමර්ස් ආණ්ඩුකාරයායට ගෞරවයක් වෙන්න.
70 දශකයේ සමගි පෙරමුණු ආණ්ඪුව කාලේ ආහාර දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුවක් පිහිටවුනේ රටේ සහල් ආනයනය, ගබඩාකිරීම හා බෙදාහැරීම පාලනය කරන්න. මේ දෙපාර්තමේන්තුවට චාර්මස් ධාන්‍යාගාරය පැවරුනු අතර 1980 දශකයේ මුල් කාලයේ මේ ලේඛකයාත් කුඩා දරුවෙක් විධියට චාමර්ස් ධාන්‍යාගාරයට කිහිපවතාවක් ගිහින් තිබෙන්නේ මගේ පියා එකල ආහාර දෙපාර්තමේන්තුවේ සේවය කල නිසා. දැවැන්ත ගබඩා වගේම සහල් පටවාගත් ලොරියක්, ලොරිය පිටින්ම කිරන්න පුලුවන් විශාල "weigh bridge"තරාදිය මම දැක ගත්තේ මේ ගමන් වලදී.
පෞද්ගලික ව්‍යාපාර
පෞද්ගලික ව්‍යාපාර බොහෝ සෙයින් අඩපණවූ කාළයකි 70 දශකය. ආදායම් ලැබූ ව්‍යාපාරික අවස්ථා රජයට පවරාගැනීම, ආනයන සීමා, විදෙස් විණිමය හිඟකම, අමතර කොටස්, උපකරණ, අමුද්‍රව්‍ය ලබාගැනීමේ අපහසුතා, බැංකු ණය හා මූල්‍ය පහසුකම් ලබාගැනීමේ අපහසුව මෙන්ම රජයේ නිළධාරිවාදය හේතුකොට ගෙනද පෞද්ගලික ව්‍යාපාර කිරීම බොහෝ අපහසු වුනා.
වතු ආර්ථිකය හා දැඩිලෙස සම්බන්ධවූ බ්‍රවුන්ස්, බවර්, කොළඹ කොමර්ෂල් කොම්පැණිය, කේව්ස්, හන්ටර්ස්, වෝකර්ස්, හේලීස් වැනි සමාගම් විශාල අර්බුධ වලට බඳුන්වූ අතර ඒවායින් සමහර සමාගම් නැවතත් හිස ඔසවා ගැනීමට සමත්වූවත් වෝකර්ස්, විටෝල්ස් වැනි සමාගම් අදවන විට වෙනත් සමූහ ව්‍යාපාරවල කොටස් බවට පත්වී තිබෙන්නේ 1970 ගණවල සිදුවූ ඇදවැටීමෙන් යලි නැගිටීමට නොහැකිවූ නිසා වන්නට ඇති. කොළඹ කොමර්ෂල් කොම්පැණිය රජයට පවරාගත් අතර මේ වනවිට වැසීගොස් තිබෙනවා. සුප්‍රකට තේ අපනයන සමාගමක් වූ කේව්ස් සමාගමද වැසී ගොස් ඇති අතර බොහෝ අපහසුතාවයන් මැද ක්‍රියාත්මකවූ බ්‍රවුන්ස් වැනි සමාගම් දැන් යලිත් දියුණුවී තිබෙනවා.
සන්නිවේදනය හා සමාජ සබඳතා
රූපවාහිණී සේවාවක් නොතිබූ මේ යුගයේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රොණික මාධ්‍යය වූයේ රජයේ ගුවන්විදුලියයි. ස්වදේශීය සේවය, වෙළඳ සේවය හා ප්‍රාදේශීය සේවා මගින් රටටම තොරතුරු සැපයූයේ ගුවන් විදුලියයි. එවක ආනයන සීමා හා ආර්ථික අහේනිය නිසා ගුවන්විදුලි යන්ත්‍රද සීමිත වූ අතර ගම්වල ගුවන්විදුලි යන්ත්‍රයක් තිබුණේ ප්‍රභූ ගෙවල්වල පමණකි. ප්‍රවෘත්ති ඇසීමට හා පෝදා බණ ඇසීමට මෙන්ම විශේෂ අවස්ථාවලදී විස්තර ප්‍රචාර ඇසීමට ගම්මුන් මෙම ප්‍රභූ ගෙදරට රැස්වෙන යුගයක් වුනා.
පුවත්පත් ගණනාවක් තිබූ අතර දැන් ප්‍රකාශය නැවතී ඇති "දවස", "රිවිරැස (ඉරිදා)", "The Sun" , "Weekend Sun"ආදී පුවත්පත් මෙන්ම ලේක් හවුස් පුවත්පත් ජනප්‍රිය වුනා. සමගි පෙරමුණු රජයට පක්ෂපාතීවූ "ඇත්ත"පත්තරේ හා එක්සත් ජාතික පක්ෂයේ "සියරට"පුවත්පතද ඉතා ජනප්‍රිය වුනා.
දුරකථන ඉතා හිඟවූ අතර නිවසේ දුරකථනයක් තිබුණේ ඉහල ප්‍රභූන්, ධනවත් ව්‍යාපාරිකයින්, උසස් රජයේ නිළධාරීන්ට පමණකි. සෙසු ජනතාව දුරකථන ඇමතුමක් ගැනීම සඳහා තැපැල් කාර්යාලයට ගොස් අංකය ලබාදී ඇමතුම සම්බන්ධකර දෙන තෙක් රැඳී සිටිය යුතුවුනා.
හදිසි පණිවුඩ යැවීමට ඉතා ජනප්‍රියම ක්‍රමය වූයේ ටෙලිග්‍රෑම් හෙවත් විදුලි පණිවුඩ සේවාවයි.
රටේ විවිධ ප්‍රදේශවල රැකියාවේ, ඉගැණුමේ යෙදෙන හෝ පදිංචිවී සිටින නෑදෑ හිතවතුන්, දූදරුවන්, සැමියා/බිරිඳ සමග සබඳතා පවත්වීමට බහුලව යොදා ගත්තේ තැපැල් සේවය හරහා ලියුම් හා තැපැල් පත් යැවීමයි.
සිය පෙම්වතාගෙන්, පෙම්වතියගෙන් හසුනක් රැගත් ලිපියක් එනතෙක්, දිනගනන් මගබලාගෙන සිටීම හා තැපැල් පියුම්ගේ සීනු හඬ ඇසුනු සැණින් කරමින් සිටි සියල්ල අතහැර ගේට්ටුව වෙත දිව යාම එකල තරුණ පෙම්වතුන්ගේ/පෙම්වතියන්ගේ උදය වරුවේ ප්‍රධාන කර්තව්‍යය වූ බව මේ කාළයේ තුරුණුවියේ පසුවූවන් දැන් සිහිපත් කරන්නේ මහත් ආස්වාදයෙන්.
රථවාහන හා ප්‍රවාහණය
එකල ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වූයේ ලංගම බස් රථයි. මෙම ඡායාරූප පෙලෙහි එකල ලංගමයේ බස් රථ වැඩි ප්‍රමාණයක් අයත්වූ පැරණි බොඩිය සහිත ලේලන්ඩ් බස් රථ දැකගත හැකිය.
කැළණිය පන්සල ලඟ අරගෙන තියෙන මේ ඡායාරූපයෙන් පේන්නේ එකල බොහොම ජනප්‍රිය වාණිජ කටයුතු වලට යොදාගත් වෑන් රථ මාදිලියක්. වුඩ්ලන්ස් අයික්‍රීම් සමාගම ඒකාලේ හැම ප්‍රසිද්ධ ස්ථානයකටම, පොදු උත්සව අවස්ථාවලට එයාලගෙ අයිස්ක්‍රීම් වෑන්, හා ලොරි පිටත්කර හරිනවා. වටේමට ලයිට් දාලා, ඩක ඩක ඩක ගාමින් මහ සද්දෙට ජෙනරේටරේ වැඩකරන වුඩ්ලන්ඩ් අයික්‍රීම් වෑන් එකක් හරි ලොරියක් හරි දැක්කම ඒකාලේ පුංචි උන් වෙච්ච අපිට පිස්සු වගේ.
එන්ගලන්තෙ මොරිස් මෝටර් සමාගමේ නිපදවපු මේ වෑන් මාදිලිය "Morris Commercial J2"කියලා හැඳින්වුනා. කැත මූනක් තියෙන මේ වෑන් රථය එන්ගලන්තේ හා ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය වුනු අතර 1956 ඉඳන් 1967 මෙම වාහන මාදිලිය නිපදවුනු බව තමයි කියවෙන්නේ.
1970 දශකයේ මුල් කාලේ කියන්නේ ජපන් කාර් ගැන කවුරුවත් අහලාවත් නැති යුගයක්. ඒ කාලේ ලෝකෙ ලොකුම වාහන කර්මාණ්ත තිබුනේ ඇමරිකාවේ, එන්ගලන්තේ, ප්‍රංශයේ, ඉතාලියේ හා ජර්මනියේයි.
මේ ඡායාරූපයේ පෙන්වන්නේ ඒකාලේ බොහොම ජනප්‍රිය වුනු වාහනයක්. වෛද්‍යවරු, ධනවතුන්, වතුපිටි ඉඩ කඩම් ඇති කුළවතුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වාහන මිළදී ගත්ත්ටා.
මේ කාර් රථය ප්‍රංශයේ පර්ජෝ සමාගමේ පර්ජෝ 404 සැලූන් රථයයි. ලොවපුරාම අතිශයින් ජනප්‍රිය වුනු පර්ජෝ 404 මාදිලිය 1960 ඉඳන් 1975 වෙනකම් නිෂ්පාදනය වෙලා තියෙන අතර මේකාලේ 404 කාර් මිලියන 2.8ක් ලොව පුරාම නිපදවලා තියෙනවා. ප්‍රංශයට අමතරව දකුණු අප්‍රිකාවේ, ඔස්ට්‍රිලියාවේ, ආජන්ටිනාවේ, චිලී රටේ, බෙල්ජියමේ, කැනඩාවේ, නවසීලන්තයේ, මැලේසියාවේ හා අයර්ලන්තයේ පර්ජෝ 404 කාර් නිපදවලා තියෙනවා.
ඝාතනය වුනු යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහත්තයත් ඝාතනය වුනු කෝවිල වෙත ගිහින් තියෙන්නේ ඔහුට පක්ෂ සාමාජිකයින් සම්මාදම් වෙලා අරන්දීලා තිබුණු පර්ජෝ 404 කාර් රථයෙන් කියලා වාර්තා වෙනවා.
Sri Lanka in 1973: Flickr Slideshow
SLTB BUS BLOG : http://sltbbus.blogspot.com/
http://www.newslanka.net/pics_of_sri_lanka_from_1973.html

චාර්මස් ධාන්‍යාගාරය හා ඊට එපිටින්වූ කොළඹ වරාය 1970 ගණන්වල දිස්වූ ආකාරය. |

__________________________________________________________________________
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________