Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1214

Spice බීලා පාරේ වැටෙන එන්ගලන්තෙ කුඩ්ඩෝ

$
0
0



මේ ෆොටෝවල ඉන්නේ එන්ගලන්තේ කුඩ්ඩෝ නැතිනම් මත්ලෝලීන්. මෙයාලා පාවිච්චි කරන්නේ අපිට අහල පුරුදු හෙරොයින්, කොකේන්, ගංජා නැතිනම් ඇපල් පෙති නෙමෙයි. මෙයාලා මත්වෙන්නේ එන්ගලන්තෙ පුරාම මේදවස්වල වසංගතයක් වගේ පැතිරෙන ස්පයිස් කියන නමින් හඳුන්වන ප්‍රභල මත් ද්‍රව්‍යයක්.

Spice අයත්වෙන්නේ synthetic cannabinoids හෙවත් කෘත්‍රිමව නිර්මාණය කල, කැනබිස් හෙවත් ගංජාවල ඇති කැනබිනොයිඩ් කියන මත්ද්‍රව්‍යයට සමානව ක්‍රියාකරන රසායණිකයක්. කෘත්‍රිමව නිර්මාණය කොට ඇති නිසා මේවාට designer drugs කියලත් කියනවා. ස්පයිස් මත්කුඩු හදන්නේ දුම්කොළ කුඩු නැතිනම් වෙනත් වියලි ශාකමය ද්‍රව්‍යයකට synthetic cannabinoid ද්‍රවයක් ඉසීමෙන්. කෘත්‍රිම කැනබිනොයිඩ රසායණික වර්ග විශාල ප්‍රමාණයක් මේවනවිට සොයාගෙන තියෙනවා. මේවා අධික මාත්‍රාවකින් ගත්තම වෙනදේ තමයි මේ ඡායාරූපවල පෙනෙන්නට තියෙන්නේ.

අධිමාත්‍රාවෙන් ස්පයිස් පානය කලවිට හ‍්‍රාන්තියට (stupor) පත්වන මත්ලෝලීන් පණඇති මළමිනී මෙන් දිස්වෙන සොම්බී (zombie state) අවස්ථාවකට පත්වනවා.

සමහර මත්ලෝලීන්ට සපයිස් පානය කිරීමෙන් පසු වළිප්පුව වැනි රෝග තත්වයක් ඇතිවන අතර ඉන් ඔවුන්ගේ මොළයට හානිවන බවයි පැවසෙන්නේ. එමෙන්ම වකුගඩු අක්‍රියවීම, හෘදයාබාධ හා භ්‍රාන්තිය (hallucination) ඇතිවන අතර මෙම මත්ද්‍රව්‍යය අධිමාත්‍රාවෙන් දිගින් දිගටම භාවිතයෙන් භයානක ප්‍රතිවිපාක සිදුවිය හැකිබව වෛද්‍යවරුන් පවසනවා.









__________________________________________________________________________

Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

Viewing all articles
Browse latest Browse all 1214

Trending Articles