
ඊශ්‍රායලයේ වයිස්මාන් පර්යේෂණායතනයේ මහාචාර්ය ශැමුවෙල් පීට්‍රකොෆ්ස්කි හා වෛද්‍ය මෝරාන් ගෂෝනි යම් යම් රෝගවල ප්‍රවනතාවයන් ලිංගබේධය අනුව වෙනස්වන්නේ කෙසේදැයි සොය බැලීම සඳහා පර්යේෂණ සිදුකරනවා.
මිනිස් ජාන 20000ක් අලලා පර්යේෂණයක් සිදුකල මෙම විද්‍යාඥයින්, මෙම ජාන කාන්තාවන්ගේ හා පුරුෂයින්ගේ සිරුරුවල ඇති කරන වෙනස්කම් සොය බැලුවා. මේ අනුව කාන්තා හා පුරුෂ සිරුරුවල විශේෂිත වෙනස්කම් සිදුකරන ජාන 6500ක් පමණ හඳුනාගන්නට හැකිවී තිබෙනවා.

උදාහරණයක් ලෙස මස්පිඩු නිර්මාණය කරන ජාන පිරිමින්ගේ වැඩියෙන් ක්‍රියාකාරී වන අතර ගැහැණුන්ගේ පෙන්වන්නේ අඩු ක්‍රියාකාරිත්වයක්. එහෙත් සිරුරේ මේධ ස්ථර ඇතිකරන ජාන ගැහැණුන්ගේ වැඩි ක්‍රියාකාරිත්වයක් පෙන්වන අතර පිරිමින් අතර එම ක්‍රියාකාරිත්වය අඩුයි.
එමෙන්ම මොළයේ ඇති එක්තරා ජානයක් වැඩියෙන් කාන්තාවන් තුල වැඩියෙන් ක්‍රියාකාරීවන අතර එමගින් කාන්තාවන් පාකින්සන්ස් රෝගයෙන් ආරක්ෂා කරනවා. පිරිමින් අතර එම රෝගය වැඩිවීමට මෙම ජානයේ ක්‍රියාකාරිත්වය අඩුවිම බලපාන බවට විද්‍යාඥයින් දැන් විශ්වාස කරනවා.
මේ අනුව කාන්තාවන් අතර හා පුරුෂයින් අතර සමහර රෝගාබාධ වැඩියෙන් දකින්නට ලැබෙන්නේ කාන්තාවන් හා පුරුෂයින්ගේ ජානවල ඇති ක්‍රියාකාරිත්වයේ යම් යම් වෙනස්කම් නිසා බව නිගමනය වී තිබෙනවා.
__________________________________________________________________________
