අභ්‍යවකාශය ජයගත් ප්‍රථම මිනිසා වන යූරී ගගාරින් ගුවන්ගත වුනු බයිකොනූර් අභ්‍යවකාශ තොටුපොල තියෙන්නේ කසක්ස්තානයේ. අද වෙනම රාජ්‍යයක් වුවත්, කසක්ස්ථානය පැරණි සෝවියට් දේශයේ ප්‍රාන්තරාජ්‍යයක් වූ අතර සෝවියට් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මර්මස්ථානය වූවා. අමෙරිකානු අභ්‍යවකාශ ෂටල් ව්‍යාපෘතියට සමගාමී සෝවියට් ෂටල් ව්‍යාපෘතියේ මූලස්ථානය වුනෙත් කසක්ස්ථානයයි.
අවාසනාවකට සෝවියට් දේශයේ බිඳවැටීමත් සමග බූරාන් නම්වූ සෝවියට් ෂටල් ව්‍යාපෘතිය මියැදුන අතර, මෙම ව්‍යාපෘතියට අයත් ෂටල් යානයක් හා එය උඩුගුවනට ගෙනයන්නට නිර්මාණය කල දැවැන්ත එනර්ජියා කාණ්ඩයේ රොකට්ටුවක්, බයිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට කිලෝමීටර් 25 ඈතින් අතහැර දමා තිබූ අභ්‍යවකාශ සංකීර්ණයක තිබිලා හොයාගන්නට රුසියානු ඡායාරූප ශිල්පියෙකු වන ඇලෙක්සැන්ඩර් කෞනාස් සමත්වෙලා තියෙනවා. මේ ඔහු ගත් ඡායාරූප.
__________________________________________________________________________
