හුන්ඩායි, කියා වගේ ලෝකෙ ජනප්‍රියම වාහන හදන කොරියාව, රොබෝ කාර් නැතිනම් ස්වයංධාවන මෝටර් රථ තාක්ෂණ අංශයෙන් ඉන්නේ ඇමරිකාව, ජර්මනිය හා ජපානය කියන ප්‍රධාන මෝටර් රථ තරඟකරුවන් අතරින් පිටුපසින්ම. මෙයට එක් හේතුවන් වන්නේ කොරියානු මහා මාර්ගවල ස්වයං ධාවන රථවල ධාවන හැකියා පරීක්ෂණයට දාලා තියෙන දැඩි නීතිමය සීමා.
මේකට විසඳුමක් විධියට කොරියානු රජය K CITY කියලා අක්කර 88ක භූමියක කෘත්‍රිම නගරයක් නිර්මාණය කරලා. කොරියාවේ ස්වයං ධාවන තාක්ෂණ නිර්මාණ සමාගම් වන සැම්සුන්ග්, SK ටෙලිකොම්, නේවර්, කියා, හුන්ඩායි වගේ සමාගම් මෙම කෘත්‍රිම නගරය සිය පරීක්ෂණ සඳහා භාවිතා කරන්න දැනටමත් ලියාපදිංචිවෙලා.
කොරියාවේ Land, Infrastructure & Transport අමාත්‍යාංශයෙන් සැලසුම් කරන මෙය නවීන කොරියානු නගර සැලසුම් ප්‍රමිතීන් වලට අනුව සිදුවෙනවා. මේ සඳහා කොරියන් වොන් බිලියන 11ක් වියදම් කරන්නට බලාපොරොත්තු වෙනවා.
කොරියාවේ ඇති මංතීරු 6, 10, 12 මාර්ග, අධිවේගී මාර්ග, බස් සඳහා වෙන්කල ධාවන තීරු, බයිසිකල් සඳහා වෙන්කල ධාවන තීරු, උමං මාර්ග, ඉහලට එසවූ මාර්ග, රථගාල් ආදියෙන් සමන්විත මෙම පරීක්ෂණ නගරය 2018 මැද වනවිට සම්පූර්ණයෙන්ම අවසන් වන අතර දැනටමත් එහි එක් කොටසක් පරික්ෂණ කටයුතු සඳහා විවෘත කොට තිබෙනවා.
__________________________________________________________________________
