ඊයේ රාත්‍රී සිඩ්නි ගුවන් තොටුපොලෙන් චීනයේ ෂැංග් හයි බලා ගුවන්ගතවූ එයාබස් A380 යානයක් ගුවන්ගතවී මිනිත්තුවකින් පමණ අති විශාල ශබ්දයක් ඇසී තිබෙනවා. යානයේ මගීන් 297 දෙනෙකු සිටි අතර ශබ්දයෙන් සියලු දෙනා භීතියට පත්වී කෑගසන්නට පටන් ගෙන තිබෙනවා. ශබ්දය ඇසුනේ වම් පසින් නිසා ජනේල වලින් බැලූ ගුවන් සේවිකාවන්ට යානයේ වම්පස එන්ජිමේ විශාල සිදුරක් සෑදී තිබෙන අයුරු දකින්නට ලැබී තිබෙනවා.
යානය ආපසු හරවාගත් නියමුවන් එය නැවතත් නිරුපද්‍රිතව සිඩ්නි ගුවන්තොටුපොලට ගොඩබස්වා තිබෙනවා.
__________________________________________________________________________
