දුර්ලභ තල්මස් විශේෂයක් වන ඔමුරාස් තල්මසා ලෙස නම් තබා ඇති තල්මස් විශේෂයක් ශ්‍රී ලංකාව අවට මුහුදින් නිරීක්ෂණය වූ බව ආචාර්ය ආෂා ඩී වෝස් පවසනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමුද්‍ර ජීව විද්‍යාඥවරියක් වන ආශා ඩි වොස් සිය නිරීක්ෂණ පිලිබඳ වාර්තාවක් Marine Biodiversity Records පර්යේෂණ සඟරාවේ පලකොට තිබෙනවා.
පසුගිය පෙබරවාරි මාසයේ සිදුකරන ලද මෙම නිරීක්ෂණය මගින් මෙම තල්මසා දුර්ලභ ඔමුරා තල්මසුන් ලංකා මුහුදේ ගැවසෙන බව තහවුරු වී තිබෙනවා. අඩි 30-35ක් පමණ දිගට වැඩෙන ඔමුරා තල්මසා කුඩා ප්‍රමාණයේ තල්මස් විශේෂයක්. දුර්ලභ නිසාම මෙම තල්මසුන් පිලිබඳ වැඩි තොරතුරු දැන ගැනීමට නෑ.
කෙසේ වෙතත් ෆින් වේල් නැමති තවත් කුඩා තල්මස්වර්ගයකට බොහෝ සෙයින් සමාන ඔමුරා තල්මසුන් වෙනම වර්ගයක් බව ජාන පර්යේෂණ වලින් සනාතවී තිබෙනවා.
![]() |
පසුගිය පෙබරවාරියේ ලංකා මුහුදේ දර්ශණය වුනු ඔමුරා තල්මස් රංචුව |
සමුද්‍ර ජීව විද්‍යාඥ ආෂා ඩී වොස් |
__________________________________________________________________________
