සිරියානු යානාවට වෙඩිතැබූ ඇමරිකානු F 18 හෝනට් යානාවක් ගුවන්යානා ගෙනයන නෞකාවකින් ගුවන්ගත වෙමින් |
ඇමරිකානු නාවික ගුවන් බළඇණියකට අයත් F 18 හෝනට් ප්‍රහාරක යානාවක් මගින් සිරියානු ගුවන් හමුදාවට අයත් Su 22 ප්‍රහාරක යානාවක් වෙඩිතබා බිම හෙලීමන් පසු රුසියාව ඇමරිකන් යානා, ඩ්‍රෝන යානා හා හෙලිකොප්ටර් යනාදී සියලුම ඇමරිකානු ගුවන් යානා ඉලක්ක ලෙස සලකන බව රුසියානු ටාස් ප්රවෘත්ති සේවය ප්‍රකාශ කරනවා.
Su 22 යානාව සිරියාවේ ඇමරිකානු මිත්‍ර හමුදාවලට බෝම්බ හෙලීමක් පටන් ගත් පසු එයට වෙඩිතැබූ බවයි ඇමරිකාව ප්‍රකාශ කලේ. එහෙත් රුසියාව ප්‍රකාශ කරන්නේ සිරියානු ගුවන්සිමාවේ පියාසර කල සිරියානු යානාවකට වෙඩි තැබීම සිරියාවේ ස්වෛරීත්වය නින්දිත ලෙස අවතක්සේරු කිරීමක් බවයි. ඇමරිකානු හා රුසියානු හමුදා සිරියාවේ මෙහෙයුම් සිදුකිරීමේදී ඇතිවිය හැකි හදිසි අවස්ථාවලදී රටවල් දෙකේ නායකයින්ට ක්ෂණිකව එකිනෙකා ඇමතිය හැකි දුරක්ථන සම්බන්ධතාවයද කපා හරින බව රුසියාව පැවසූවා.
සිරියාවේ යුප්‍රටීස් නදියෙන් බටහිරට පියාසර කරන ඕනෑම ඇමරිකානු හෝ ඇමරිකන් හිතවාදී රටක යානාවක් තමන්ගේ රේඩාර් වලින් නිරීක්ෂණය කරන බවත් රුසියානු ප්‍රහාරක යානාවලට එම ඇමරිකන් යානා යුක්තියුක්ත ඉලක්ක (legitimate targets) වනු ඇති බවත් රුසියාව කියා සිටිනවා.
පසුගිය 18වැනිදා ඇමරිකන් ප්‍රහාරයෙන් අබලන්වූ යානාවෙන් සිරියානු නියමුවා ඉජෙක්ටර් අසුනේ ආධාරයෙන් පිටතට පැනගත් නමුත් ඔහු පිලිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තාවී නැති බවයි සිරියාව පවසන්නේ.
__________________________________________________________________________
