Jaguar Land Rover Classic Works පිහිටලා තියෙන්නේ එන්ගලන්තේ කොවෙන්ට්‍රි නුවර. ජගුවාර්-ලෑන්ඩ් රෝවර් සමාගම විසින්ම ආරම්භ කරලා තියෙන මේ අති නවීන ක්ලැසික් කාර් ගරාජ් එකට ඔවුන් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 7ක් වියදම් කරලා තියෙනවා.
කාර් එකක් නැතිනම් ජීප් එකක් "ක්ලැසික්" කියලා හඳුන්වන්නේ නිෂ්පාදනය නවත්තලා අවුරුදු 10ක් පසුවුනාමයි. ඒ විධිය ඔනෑම ලෑන්ඩ් රෝවර්, රේන්ජ් රෝවර්, ඩෙෆෙන්ඩර් ජීප් වගේම ජගුවාර් මාදිලියේ ක්ලැසික් කාර් මේ ගරාජ් එක බාර ගන්නවා.
වර්ග අඩි 150,000කට අතිවිශාල වපරිසයක පැතිරී තිබෙන මේ රෙස්ටෝරේෂන් ගරාජ් එකේ දැනටමත් ක්ලැසික් ජගුවාර් කාර් හා ලෑන්ඩ් රෝවර් ජීප් 500ක් විතර තියෙනවා. සමහර ඒවා ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා. තවත් ඒවා අලුත්ම වගේ වෙන්න හදලා විකුණන්න ලෑස්තිකරලා තියෙනවා.
ජගුවාර් හා ලෑන්ඩ් රෝවර් වාහන සඳහාම විශේෂඥයින්වූ ඉන්ජිනේරුවන්, කාර්මිකයින් හා තාක්ෂණවේදීන් 80ක් මේ ස්ථානයේ සේවය කරනවා. මෙතන වැඩකරන සමහර කාර්මිකයින් හා තාක්ෂණවේදීන් මීට පෙර මෙම වාහන නිෂ්පාදනය කල ජගුවාර් හා ලෑන්ඩ් රෝවර් කර්මාණ්තශාලාවල වැඩකරපු අය කියලයි කියන්නේ. මෙතනට ගෙන එන වාහන අලුත්ම වගේ පෙනෙන්න ආපහු හදන්න සාම්ප්‍රදායික තාක්ෂණය වගේම 3D ස්කෑනින් තාක්ෂණය, CAD / CAM වගේ අලුත් තාක්ෂණ භාවිතා වෙනවා.
ජගුවාර්-ලෑන්ඩ් රෝවර් සමාගම ඇස්තමේන්තු කරලා තියෙන විධියට ලෝකේ පුරාම ක්ලැසික් ජගුවාර් කාර් හා ලෑන්ඩ් රෝවර් ජීප් 1,500,000ක් විතර තියෙනවා. මේ වාහන වලින් යම් ප්‍රමාණයක් තම අති නවීන ක්ලැසික් කාර් ප්‍රතිසංස්කරණ ගරාජ් එකට පැමිණේවියයි ඔවුන් බලා පොරොත්තු වෙනවා.
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________