පසුගිය සඳුදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත උද්වේගකාරී විමර්ෂණ වාර්තාවක් පලකලා. මයිකල් එලෙමන් නම් මිසයිල විශේෂඥයෙකු උපුටා දක්වමින් ඔවුන් ප්‍රකාශකලේ මෑතකදී උතුරු කොරියානු බැලිස්ටික් මිසයිල ගුවන්ගත කිරීම් එක පිට එක සාර්ථක වන්නට හේතුවී ඇත්තේ යම් ආකරයකින් උතුරු කොරියාවට, යුක්රේනයේ නිෂ්පාදනය කල RD-250 අධිබල රොකට් එන්ජින් ලැබීම නිසා බවයි.
සෝවියට් සමූහාණ්ඩුව පැවති යුගයේ සෝවියට් රොකට් එන්ජින් නිර්මාණ හා නිෂ්පාදන බියුරෝවක් යුක්රේනයේ පිහිටුවා තිබූ අතර සෝවියට් රොකට් හා මිසයිල ව්‍යාපෘති සඳහා මේවා නිපදවූවා. OKB-586 යන කේතයෙන් හැඳින්වූ මිසයිල නිර්මාණ බියුරෝවක්වූ මෙහි ප්‍රධානියාවූයේ සෝවියට් දේශයේ ප්‍රමුඛපෙලේ මිසයිල නිර්මාණ විද්‍යාඥයෙකුවූ මිකායිල් යැන්ගෙල් මහතායි. මේ නිසාම OKB-586 යැන්ගෙල් නිර්මාණ බියුරෝව ලෙසද සෝවියට් දේශය තුල ප්‍රසිද්ධවූවා.
සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමත් සමග යුක්රේනය රුසියානු ෆෙඩරේෂණයෙන් වෙන්වයාමෙන් පසු OKB-586 යැන්ගෙල් මිසයිල නිර්මාණ බියුරෝව Yuzhnoye State Design Office නම් යුක්රේන රජයට අයත් සමාගමක් බවට පත්වූ අතර අද ඔවුන් විවිධ රොකට් ව්‍යාපෘති සඳහා අධිබල ද්‍රව හා ඝණ ඉන්ධන රොකට් එන්ජින් නිර්මාණය කරන්වා.
RD-250 රොකට් එන්ජිම දැන් නිෂ්පාදනය නොවූවත්, නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවට අනුව යම් ආකාරයකින් උතුරු කොරියානුවන් මෙම රොකට් එන්ජිමේ නිර්මාණ සැළසුම් හා වැදගත් උපාංග රහසේ ලබාගෙන තිබෙනවා. දූෂිත Yuzhnoye සේවකයින් හා දූෂිත යුක්රේනියානු රජයේ නිළධාරීන්ගේ උදව්වෙන් උතුරු කොරියානු බුද්ධි අංශ මෙම රොකට් එන්ජින් පිඹුරුපත් ලබාගන්නට ඇතැයි ඔවුන් අනුමාන කරනවා. මේ සඳහා ජාත්‍යන්තර අපරාධ කල්ලිවල සහයද ලබාගන්නට ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.
මිසයිල විශේෂඥ එලෙමන් පවසන අන්දමට උතුරු කොරියානු හ්වාසොංග් 12 හා හ්වාසොංග් 14 මිසයිලවල බූස්ටර් අදියරේදී අනුවර්තනය කරන ලද RD-250 එන්ජින් භාවිතාවන බව පැහැදිලියි. එසේ නොමැතිනම් වසර දෙකකට පෙර එකපිට එක අසාර්ථක රොකට් ගුවන්ගත කිරීම් සිදුකල උතුරු කොරියාව හදිසියේම අන්තර්මහද්වීපික ප්‍රහාරක හැකියාව ඇති දැවැන්ත මිසයිල සාර්ථකව අත්හදා බලන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්ණ කරනවා.
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________