Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1214

SOCIAL : ඉරාජ් දැන් ලොකු ළමයෙක් | රූකාන්ත ඇයි මේ?

$
0
0


ඉරාජ් ගැන යලිත් ඇවිලී ඇත. ඉරාජ් වික්ටර්ගේ අලුත් විවාහය ඉලක්ක කරගෙන ගැසූ මියුසික් වීඩියෝවක් අලුත්ම රන්ඩුවට හේතුවී ඇත. එහි පියුමී හංසමාලී නම් සුරූපී නිළිය නිරුවත් (ඒ කියන්නේ අඩ නිරුවත්) කොට ඇති බව කියැවේ. මා එම වීඩියෝව නරඹා නැත. ආසාවකුත් නැත. ලෙස්බියන් සීන් ඇති "ගිණියම් රැය"වීඩීයෝව ගැනත් කලක් බුකිය මෙන්ම බ්ලොග් අවකාශයද ගිණිගෙන තිබුණි. මා එය නැරඹුවේද නැත. නග්න ලාංකික යුවතියන් බලන්න ඕනෑනම් බාගෙට පෙන්නා ඔච්චම් කරන Iraj Production බලබලා ලතැවෙන්නට ඕනෑ නැත. ඔක්කොම පෙන්නන, ඔක්කොම කරන ලාංකික ගෑණුන්ගේ ඒවා එමට ඇත.

අලුත් ඉරාජ් වීඩියෝ නොබලන්නට ප්‍රධාන හේතුව මා ඒ සංගීතයට අකමැති වීමයි. එහෙත් ඉරාජ්ගේ "රන් රන් රන්", "අහංකාර නගරේ", "හිතුවක්කාරී", "කොත්තු"වැනි පැරණි ගීත  මා බොහෝ ප්‍රියකරයි. තවමත් ඉඩක් ලැබුණු විට ඒවාට සවන් දෙයි. කලක් මේවා Sri Lankan New Age ගීත ලෙස හඳුන්වන ලදී.  එහෙත් ඉරාජ්ගේ අලුත් ගීතවලට මා කැමති නැත. 

මේ අලුත් Iraj ගීතවල යූටියුබ් හිට්ස් පිරික්සා බැලූවිට විශාල ඉලක්කම් දැකිය හැකිය. බොහෝ දෙනෙකු, ලෝකල් ලෙස්බියන් සීන් එකක් හෝ පියුමිගේ සෙළුව බලන්නට මේ වීඩියෝ බලන බව සිතාගත හැකිය. එහි අවුලක්ද නැත. ස්ත්‍රී නග්නත්වය දැකීමට පිරිමින්ගේ ඇති ඇති ආශාව, ලිංගිකත්වයට ඇති කුතුහලය, සරාගී දසුන්වලින් ලබන උත්තේජකත්වය ලාංකිකයාට සීමාවී නැත. ලංකාව සෙක්ස් වචනය සෙවීමෙන් කප්ගසා ඇති බව ගූගල් වාර්තා උපුටා දක්වන්නෝ උපහාසයෙන් පවසති. එසේ පවසන අයද  ගූගල් හෝ යාහූ හරහා ඇති තරම් සෙක්ස් හොයා ඇති බවට සැක නැත. මෙය අන්තර්ජාලය සියලු ලාංකිකයන් වෙත කාන්දුවී ඇති බවට සාක්ෂියකි. 

අන්තර්ජාලය බටහිර රටවල පොදු ජනයාවෙත කාන්දුවෙන්නට පටන්ගත් කාළයේ වැඩියෙන්ම හිට්ස් තිබුණේ අසභ්‍ය වෙබ් අඩවිවලට බව එකල විදෙස් මාධ්‍ය වල ඕනෑ තරම් වාර්තා වී තිබුණි. WWW ජාලය විහිදී යාමට පෙර අන්තර්ජාලයේ බොහෝ පැතිර තිබූ "usenet"නම් සාක්ච්ඡා ජාලයේ ජනප්‍රියම සාක්ච්ඡා නූල් (discussion threads) වූයේ "alt.sex"නමින් ඇරඹුනු ඒවායි. මේවාවල වැඩියෙන්ම හුවමාරුවූයේ Playboy වැනි වැඩිහිටි සඟරාවලින් ලබාගෙන ස්කෑන් කරන ලද නග්න ඡායරූප, අසභ්‍ය චිත්‍රපට හා වීඩියෝවලින් උකහාගන්නා ලද නග්න හෝ ලිංගික ක්‍රියා පෙන්වන නිසල රූ හා ඉංග්‍රීසියෙන් ලියන ලද කාම කතාය. එකල බටහිර වැසියන්ට අන්තර්ජාලය කියූ පමණින්ම සිහිවුනේ "alt.sex"ය.

බටහිරයන් මෙන්ම අන්තර්ජාලයෙන් සෙක්ස් හොයන ලාංකිකයා නොදියුණු ගෝත්‍රිකයන් යයි කියන්නේ ඇයි?

ලාංකිකයා ගෝත්‍රික යයි කියන්නට හේතුව දියුණු චින්තනයක් නොමැති බව පෙනී යන නිසයි. සෙක්ස් යනූ ප්‍රාථමිකම අවශ්‍යතාවයකි. එය විවිධාකාරයෙන් ලබාගන්නට මිනිසා උත්සහ කරයි. සෙක්ස් ගන්නා පාර්ශවයත් දෙන පාර්ශවයත් වැඩිහිටියන් නම්, අන්‍යෝන්‍ය කැමැත්තෙන් ගැනීම හා දීම වනවානම්, පොදු අවකාශයක සිදු නොවනවානම් කාටත් ඇති අමාරුව කිම?

ඒත් අනුන්ගේ සෙක්ස් ආශාවට වලට හිනාවෙන, බනින ගමන් තමන් හොයන්නේත්, කතාකරන්නේත්, හිතන්නේත් සෙක්ස්වීම මගේ දැක්මේ හැටියට ගෝත්‍රික බවේ ලක්ෂණයකි. 

පියුමී හෝ රුවන්ගී හිතෙන් නිරුවත් කරමින්, චිත්ත රමණයේ යෙදෙමින් විඳවන පොදු ලාංකිකයා ගෑණුන් කොටට ඇඳීම ගැන බොහෝ සෙයින් විරුද්ධය. කොට ගවුමක් හැඳගත් ගැහැණියක් දුටු සැනින් සංස්කෘතිය, සභ්‍යත්වය ආදිය ගැන දෙඩවූවත්, සිතින් කරන්නේ කුමක්ද? ඒ කාන්තාව දෙස බලාගෙන ලඟ සිටින යාළුවාට කියන්නේ මොනවාද? කුණුහරුප නොවේද?  මෙය නොදියුණු ගෝත්‍රිකත්ව පෙන්වන මානයක් නොවේද? කොට ගවුමක්, පැළුණු සායක්, උඩින් විවරවූ ලැමක්, හිර ඩෙනිමක් ඇඳගත් පමණින් ගැහැණියක් / කෙල්ලෙක් දූෂණයවීමට සුදුසුකම් ඇති/කැමති ගැහැණියක් බව දියුණු මිනිසුන් සිතයිද?

වික්ටර්ගේ විවාහයද ඔහුගේ පෞද්ගලික ගනුදෙනුවකි. ඔහුත් ඇයත් කැමතිනම්, නීතිමය බාධා නැතිනම් අපිට මොකෝ? වාසනාවකට මෙය, මේ ආකාරයෙන්ම දකින්නට හැකිවූ ලාංකිකයින් කුළකයක් සිටින බවද, ඔවුන්ද නොබියව සිය අදහස් ප්‍රකාශකල බවද මතකතබා ගත යුතුය.

එහෙත් ජාතියක ගෝත්‍රිකභාවය පිලිඹිබු වෙන්නේ විචක්ෂණ සුළුතරයෙන් නොව පටු මනස් ඇති බහුතරයෙන්ය.

වික්ටර්ට තරුණියක් හා විවාහ වන්නට අවසර ඇතිවා මෙන්ම ඒ සිද්ධිය ගැන නිර්මාණශීලී වීඩියෝවක් ගහන්නට ඉරාජ්ටද අයිතියක් ඇත. ඔරිජිනල් වියපත් බඹරා සිංදුව ලියැවුනේ, ගැයුනේ වික්ටර්ගේ අඩව්වට කොතරම් කලින්ද? වික්ටර්ගේ අඩව්වෙන් පස්සේ ඔය සිංදුව ලියැවුනානම් එයද වික්ටර් ඉලක්ක කොට ලියුවායයි කියන්නට ඉඩ තිබුණා නේද?

රූකාන්ත! ඇයි මේ?



පුදුමය නම් රූකාන්ත වැනි අයද මේ මෝඩ විවාදයට සිය සතපහ දැමීමය. රූකාන්ත යනු අසූගණන්වල ඉහල නැගි ඉරාජ් වැනිම දක්ෂයෙකි. ඔහු මෙන්ම දැඩි ලෙස විවේචනයට බඳුන්වූවෙකි. රූකාන්ත තමන්ගේ ගීත නිසා පමණක් නොව පෞද්ගලික ජීවිතය නිසාද බැණුම් ඇසුවෙකි.

අතෘප්තිමත් විවාහ ජීවිතයක් ගෙවූ චන්ද්‍රලේඛා නම් තරුණ ජනප්‍රිය ගායිකාව හා විවාහ වීමෙන් රූකාන්ත (එකල) සමාජ සම්මතවලට අතුල් පහරක් එල්ල කලේය.

ස්වාමියාගේ දැඩි කරදර නිසා ඔහුගෙන් වෙන්වන්නට ඕනෑ කමින් සිටි චන්දලේඛාට සෙවනක් වන්නට තරුණ රූකාන්තට කොන්දක් තිබුණි. එයට එල්ලවූ දැඩි විවේචන දරාගන්නටද ඔහුට (හා ඇයට) ආත්ම ශක්තියක් තිබුණි. අවිවාහක පිරිමියෙක්, දික්කසාදවුනු ගැහැණියක් විවාහකර ගන්නවා කියන එක 1980ගණන්වල අග භාගය වනවිටත් අමුතුම, ජුගුප්සාජනක දෙයක්, අපුල දෙයක් ලෙස සැළකූ කාළයේ රූකාන්තලා වැනි ජනප්‍රිය චරිත වලට මෙය කෙතරම් කොතරම් මානසික පීඩා ඇතිවන්නට ඇතිද?

චන්ද්‍රලේඛාගේ පරණ සැමියා හා ඒ පවුල, රූකාන්ත-චන්ද්‍රලේඛා යුවලට ගහන්න පුලුවන් හැම අතින්ම ගැසුවේය හැකිනම් ඔවුන් වැනසීමේ අරමුණිනි. කොටින්ම එම විවාහයෙන් බිහිවුනු දියණියට පවා, මවට එනම් චන්ද්‍රලේඛාට වෛරකරන්නට ඉගැන්නුවේ අම්මා මාව දාලා වෙන මිනිහෙක් එක්ක ගියා යන කුජීත සිතුවිල්ලෙන් ළපටි වයසේදී එම දරුවාගේ මොළය සේදීමෙනි. පසු කලක යලිත් දරුවන් ලැබුවද මවක් ලෙස චන්ද්‍රලේඛා කොතරම් වේදනා විඳින්නට ඇත්දැයි දන්නේ ඇය හා රූකාන්ත පමණකි.

එවැනි පන්නරයක් ඇති රූකාන්ත, යම් රේඩියෝ චැනලයකට දුන් සාක්ච්ඡාවක් යුටියුබ් වීඩියෝවක (audio only) තිබී මට හමුවුනා. එය ඉහතින් දක්වා තිබෙනවා. ඉරාජ්ගේ පෞද්ගලික ජීවිතයේ තතු මෙන්ම පේෂල (පේෂල යනු කවුදැයි ඇත්තටම මා දන්නේ නෑ - දැනගන්නට ඕනෑත් නෑ) කාත් එක්කදෝ පැනගිය බව රූකාන්ත කියා සිටියා. චන්ද්‍රලේඛා හා විවාහවූ කාළයේ "පවුලක් කැඩුවා, ළමයි ඉන්න ගෑණියෙක් ගත්තා, ළමයට අම්මා නැතිකලා"වැනි චෝදනා වලට මුහුණදුන් රූකාන්ත, බොහෝ කාළයක් විදෙස් රටවල ජීවත්වූ රූකාන්ත මේ තරම් බොළඳ තත්වයට පත්වුනේ ඇයි දැයි සිතාගන්නට අපහසුයි.

ඉරාජ් සංගීතය කන බවත්, සංස්කෘතිය කන බවත් රූකාන්ත කියන්නේ, 1980-1990 ගණන්වල රූකාන්ත කියූ සිංදු ලාංකීය සංගීතය කාබාසිනියා කරන කසිකබල් ලතෝනි බවට චෝදනා කරමින් ප්‍රබුද්ධයන් යයි කියාගත් සංගීතකාරයින් හා විචාරකයින් තමන්ට වැටෙන්නට ගහපු හැටි අමතක වෙලාද? ජනප්‍රිය ගීත ගැයූ H R ජෝතිපාල සංගීතවේදියාට කොතරම් පහර ගැසුවාද? අවුරුදු 20-30 පෙර සිදුවූ මේ ගෝත්‍රික ක්‍රියා තවමත් සිදුවන්නේ අප මානසිකව තවමත් ගල් යුගයේ ජීවත්වන ගෝත්‍රිකයින් නිසා නොවේද?

රූකාන්ත කියන ආකාරයට ඉරාජ්ට තැනක් නැත. ඔහුට සංගීත සංදර්ෂණ සඳහා පිටරට වාසී ලාංකිකයින් එන්න කියන්නේ නැත්තේ ඒකය. රූකාන්ත මහත්තයා වැනි "පැරණි"සංගීත මාස්ටර්ලා තේරුම් නොගත්තාට, ඉරාජ් සමාජ-ජාල තුලින් මුදල් උපයන ආකාරය හොඳින් වටහාගෙන තිබෙන බව අපටනම් පෙනෙනවා. රූකාන්ත මාස්ටර්ලා විදෙස් කොන්සර්ට් කරමින් හම්බ කරනකොට ඉරාජ්ලා කරන්නේ ඔවුන්ගේ යූටියුබ් චැනල්, ෆේස්බුක් චැනල් වල හිට්ස් වැඩිකරගෙන, ඒ හා සබැඳි අන්තර්ජාල දැන්වීම් ආදියෙන් සල්ලි හම්බකර ගැනීමයි.

නිරුවත මූලික වීඩියෝ කරන්නේ, පිරිමින්ගේ කුතුහලය අවුස්සන ලෙස්බියන් වීඩියෝ කරන්නේත් ඒ නිසායි. ගිණියම් රැය කියන්නේ තනිකරම පිරිමින් ඉලක්කකර ගත් වීඩියෝවක් මිස ගැහැණුන් ඉලක්ක කරගත්...ගෑණුන්ට ලෙස්බියන් පාඩම් කියාදෙන එකක් නොවේ. ඒ වීඩියෝව හරිහැටි නොබලාම එහෙම කියන්නට මට පුලුවන් වෙන්නේ ඒකට ලැබී තියෙන හිටස් ගාණ බැලුවාමය. හිටස් ගාණ 2.2 මිලියන් බව යූටියුබ් කියා සිටී. ඒ කියන්නේ ජනගහනයෙන් 10%ක් නේද? ලංකාවේ ඔච්චරටම ලෙස්බියන් ඉන්ටරස්ට් තියෙන ගෑණු ඉන්නවානම් පිරිමින්ට බඩුම තමාය. අනුමාණයක් ලෙස ඔය 2.2 මිලියන් හිට්ස් වලින් මිලියන්  0.2 ගෑනුන් විය යුතුය. ඉතුරු මිලියන දෙක, ලෙස්බියන් වැල බලා ආතල් ගන්න පිරිමින්, ලෝකල් එකක් දකින්නට ආසාවෙන් බැලුවා විය යුතුය.

ඉරාජ් කෙල්ලන් ලවා කෙල්ලන් අතගාවන ගිණියම් රෑ කරන්නේත් නාකි බඹරුන් ලවා තරුණියන් නිරුවත් කරවන වීඩියෝ කරන්නේත් වෙන මොන කෙහෙල්මලක් නිසාවත් නොව හිටස් වැඩි කරගන්නට හොඳම මාර්ගය නිර්මාණශීලීව සෙක්ස් විකිණීම බව ඔහු හා ඔහුගේ මාකටින් ටීම් එක දන්නා නිසාය.

ඉරාජ් සෙක්ස් විකුණනවා යයි කෑගසන සමහර අය BMICH එකේ මෝටර් රථ ප්‍රදර්ශණවලට ගොස් ඒවායේ මෝටර් සයිකල් ප්‍රදර්ශණ කුටිවල බයික් එක්කම ප්‍රදර්ශනේට දාලා ඉන්න , බයික් පදින්න නොදන්න, එහෙත් කොටට ඇඳගත් සෙක්සි කෙල්ලන් සමග සෙල්ෆිගන්නේ පොරකමින් නොවේද? එහෙම පොරකන්නට ලැජ්ජා අය, හිතෙන් එහෙම කොට ගවුම් සෙක්සි කෑල්ලක් සෙල්ෆියක්  ගන්නට තිබුනානම්, ඒක බුකියේදාලා පොරක් වෙන්න තිබුණානම් කොච්චර හොඳයිද යයි නොහිතන්නේද?

බයික් කොම්පැණි කරන්නේත්, ඉරාජ් කරනදේම නොවේද? මීට කළකට පෙර ඔඩෙල් සමාගමද වැලන්ටයින් සැමරුම කාළයේ ලාවට ලාවට ලෙස්බියන් යයි පෙනන කාන්තා ආයිත්තම් දැන්වීම් මාලාවක් කලේය. ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රින් සමාගමත් වැලන්ටයින් කාලේ එවැනි දැන්වීමක් කලේය. බයික් කොම්පැණි, ඔඩෙල් කොම්පැණි කරනවිට පරල නොවන අය ඉරාජ් කලවිට පරලවන්නේ ඇයි?

මෙවැනි sex marketing රූකාන්තලාට කරන්නට බැරිය, කලයුතුද නැත. එහෙත් කවුරුවත් ඒවා කරනවාට විස්සෝපවී දඟලන්නට නොයා යුතුය. වික්ටර් ඔහුගේ තලයේ මියුසික්ද, රූකාන්ත ඔහුගේ ශෛලියේ මියුසික්ද, ඉරාජ් ඔහුගේ ආරේ මියුසික්ද කල යුතුය. ඒ සැමටම ප්‍රේක්ෂක කුළකයක් සිටී. අපි සම්භාව්‍යයි, ජනප්‍රියයි, අරූ මොකෙක්ද? ඌ මියුසික් කනවා කීම නොදියුණු ගෝත්‍රික ලක්ෂණ ඉස්මතුවීමකට තවත් උදාහරණයක් නොවේද?

රූකාන්ත කළබල නොවන්න ඉරාජ් දැන් ලොකු ළමයෙක්....



__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

Viewing all articles
Browse latest Browse all 1214

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>