Bloodhound SSC - ලෝකයේ වේගවත්ම ගොඩබිම් වාහනය ලෙස වාර්තාව දිනා ගැනීමේ උත්සහයක නිරතව සිටින බ්‍රිතාන්‍යයේ නිර්මාණය කල මේ කාර් එක මේ ලඟදී එන්ගලන්තයේ කෝන්වෝල් ගුවන් තොටුපොලේ ධාවන පථයකදී පලමු අත්හදා බැලීමේ ධාවනයක නිරතවුනා.
මේ සුපිරි කාර් එකේ රියැදුරු අසුනේ සිටියේ බ්‍රිතාන්‍ය ගුවන්හමුදාවේ වින්ග් කමාන්ඩර් ඇන්ඩි ග්‍රීන්. කමාන්ඩර් ඇන්ඩි ග්‍රීන් මේ වනවිටත් ලෝකයේ වේගවත්ම ගොඩබිම් වාහනය ධාවනය කල පුද්ගලයා ලෙස ගිනස් වාර්තාපොතේ සටහන් වෙනවා. ඇන්ඩි ග්‍රීන් මේ වික්‍රමය කලේ 1997දී Thrust SSC නැමති ජෙට් එන්ජින් දෙකකින් බල ගැන්වුන කාර් එක පැයට කිලෝමීටර් 1,228 වේගයෙන් ධාවනය කරමින්.
Bloodhound SSC සුපර්සොනික් කාර් එක නිර්මාණය කරන්නේත් 1997දී වාර්තා තැබූ ත්‍රස්ට් SSC කාර් එක හදපු සුපිරි ඉන්ජිනේරු කණ්ඩායම විසින්මයි. පැයට කිලෝමීටර් 1600ක්, එනම් පැයට හැතැප්ම 1000ක සුපිරි වේගය ලඟාකර ගන්න මේ කාර් එකට එන්ජින් තුනක් ලබා දීලා තියෙනවා.
1] යුරෝෆයිටර් ටයිෆූන් ප්‍රහාරක යානාවකින් ලබාගත් යුරෝජෙට් ටර්බෝෆෑන් ජෙට් එන්ජිම
2] ස්වීඩනයේ නැමෝ සමාගම නිර්මාණය කල හයිබ්‍රිඩ් රොකට් එන්ජිම
යුරෝෆයිටර් ජෙට් එන්ජිම මගින් කාරය පැයට කිලෝමීටර් 500කට ආසන්න වේගයකට ගෙන එනු ලබන අතර ඉන් පසුව හයිබ්‍රිඩ් රොකට් එන්ජිම මගින් කාරය පැයට කිලෝමීටර් 1600යේ සීමාව පසුකර රැගෙන යනු ඇතැයි නිර්මාණකරුවන් විශ්වාස කරනවා.
දැනට මූලික ධාවන පරීක්ෂණ සිදු කරන අතර 2020දී දකුණු අප්‍රිකාවේ කාන්තාර ප්‍රදේශයකදී පැයට කිලෝමීටර් 1600යේ ගිනස් වාර්තාව පිහිටුවීමේ උත්සහයන් සිදුවනු ඇතැයි සංවිධායකයින් පවසනවා.
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________