Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1214

HISTORY : එදා රුපියල් 1,527,976කට අලෙවි කල මෙගාබයිට් 10 හාඩ්-ඩිස්ක් එක | අද මෙගාබයිට් 1,000,000ක්ම රු.7000යි!

$
0
0

මේ තියෙන්නේ 1980 වසරේ පරිගණක සඟරාවක පලවූ දැන්වීමක්. පුද්ගලික පරිගණක මේනියාව වේගයෙන් පැතිරීම ආරම්භවුනේ මේ කාලේ. ස්ටීව් ජෝබ්ස්ගේ සුප්‍රකට ඇපල් I පුද්ගලික පරිගණකය හඳුන්වාදීලා යන්තම් අවුරුදු 4යි. ඇපල් සමාගම මුලින්ම ලෝක පූජිත කල ඇපල් II පුද්ගලික පරිගණකය හඳුන්වලා දීලා අවුරුදු 3යි.

හාඩ් ඩිස්ක්වල ඉතිහාසය ගත්තොත්, මුලින්ම හාඩ් නිස්ක් එකක් නිර්මාණය කලේ අයි.බී.එම් පරිගණක සමාගමයි. ඒ ඔවුන්ගේ අතිවිශාල මේන් ෆ්‍රේම් පරිගණක වල දත්ත ගබඩාකිරීම සඳහායි. 1957දී අයි.බී.එම් සමාගම හඳුන්වලා දුන්න IBM 305 RAMAC හාඩ් ඩිස්ක් පද්ධතියට මෙගාබයිට් 3.75ක ධාරිතාවයක් තිබුණා.

කුඩා ශීතකරණයක් තරම් විශාලවූ IBM 305 RAMAC හාඩ් ඩිස්ක් පද්ධතිය 1980 පමණ වනවිට ශබ්දකෝෂයක් වගේ ඝණකම් පොතක් තරමට කුඩා වෙලා තිබුණා. ඒ අතරම ධාරිතාව වැඩිවෙමින් තිබුණා. මේ දැන්වීමේ පෙන්වලා තියෙන්නේ ඝණකම් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි ශබ්දකෝෂයක් තරමට කුඩාවූ, මෙගාබයිට් 10ක "අතිවිශාල"ධාරිතාවයකින් යුතුවූ 1980වේ එලි දැක්වුනු හාඩ් ඩිස්ක් එකක්. මේවා පුද්ගලික පරිගණක සමග භාවිතයට නිර්මාණය කොට තිබුණා. 

දැන්වීමේ හැටියට 1980දී ඇමරිකන් ඩොලර් 3380කට මෙය මිලදී ගන්නට පුලුවන් වුනා. ගූගල් දෙයියා කියන හැටියට 1980දී ඩොලර් 34ක් අද ඩොලර් 100ක් වනවා. ඒ අනුව මේ හාඩ්ඩිස්ක් එක අද ඩොලර් වටිනාකමින් $9940ක් වෙනවා. අද රුපියල් වලින් නම් 1,527,976ක් වගේ අස්ප ගාණක්. 

ලංකාවේ බාක්ලේස් සමාගමේ වෙබ් අඩවියට අනුව ටෙරබයිට් එකක හාඩ්ඩිස්ක් එකක් රුපියල් 7000කට මිල වෙනවා. 



ටෙරාබයිට් එකක් කියන්නේ මෙගාබයිට් 1,000,000ක්. අවුරුදු 37කට කලින් මෙගාබයිට් 10ක් අද රුපියල් වලින් මිලියන 1.5ක් වුනත්, අද මෙගාබයිට් මිලියනයක් රුපියල් 7000කට ගන්න පුලුවන්.

මෝටර් රථ තාක්ෂණයත් පරිගණක තාක්ෂණයේ වගේ දියුණු වුනානම් අද 2017 මාදිලියේ කාර් එකක මිල ඩොලර් 4400ක් (රු.676,368) තරම් අඩුවෙලා පැට්‍රෝල් ගැලුමකට හැතැප්ම මිලියන 3.66ක් විතර යන්න පුලුවන් වෙයි කියලා ගණන් බලලා තියෙනවා.






__________________________________________________________________________
Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

Viewing all articles
Browse latest Browse all 1214

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>