2005 වසරේදී මධ්‍යම මැක්සිකෝවේ යමහල් අළු (ගිණිකඳු අළු) මත සටහන්වූ වසර 40,000ක් පැරණි යයි විශ්වාස කෙරුණු මිනිස් පා සටහන් සොයා ගත්තා. බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල ගවේශකයින් පිරිසක් විසින් සිදුකරන ලද මෙම සොයා ගැනීම එවක මහත් ආන්දෝලණයක් ඇතිකලේ, උතුරු අමෙරිකාවට නූතන මානවයින් පැමිණියේ මීට වසර 11,000-12,000 අතර කාලය තුලදී බවට දැනට පිලිගැනෙන මතය මේ මගින් බිඳ හෙලන බැවිනුයි.
මීට වසර 11,000-12,000 අතර කාළය අවසාන අයිස් යුගය පැවති කාළය වන අතර පෘථිවියෙන් භාගයක් පමණ අයිස් වලින් වැසී තිබුණි. මෙලෙස පෘථිවි ජලය අති මහත් ප්‍රමාණයක් අයිස් ලෙස පොලොව මත තිබූ බැවින් මුහුද මට්ටම අදට වඩා බොහෝ පහතින් වූ අතර මේ හේතුවෙන් ආසියා මහද්වීපයත්, උතුරු ඇමරිකාවත් අද බීරිං සමුද්‍ර සංධිය ලෙස හඳුන්වන ස්ථානයේදී එකට යාවී තිබුණි. ගොඩබිම් පාලමක් (land bridge) ලෙස හැඳින්වන මෙම යාවුනු ප්‍රදේශය තරණය කරමින් නූතන මානවයා ආසියාවේ සිට අමෙරිකා මහාද්වීපයට පාතබන්නට ඇතැයි අද අමෙරිකාව ජනාවාස වීම පිලිබඳව පිලිගත් විද්වත් මතයයි. මෙම ගොඩබිම් පාලම බීරින්ජියා ලෙසද හඳුන්වයි.
බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල කණ්ඩායම මගින් සොයාගත් පාසටහන් වසර 40,000ක් පැරණි බවට කාළනිර්ණ පරීක්ශණවලින් හෙලිවීමත් සමග බීරින්ජියා ගොඩබිම් පාලම් කල්පිතය උඩු යටිකුරු වූයේ එයට අනුව අමෙරිකාව ජනාවාසවීමට තවත් වසර 28,000ක් ගතවිය යුතු බැවිනි.
මෙම පාසටහන් පිලිබඳව කාළනිර්ණ වාර්තා සත්‍යනම් මේ මානවයින් කවුරුන්ද?, වසර 40,000කට පෙර ඔවුන් උතුරු අමෙරිකාවට පැමිණියේ කෙසේද? කොහි සිටද යන්න පිලිබඳ ගැටළු වලට විසඳුම් සොයන්නට මානව විද්‍යාඥයින්ට සිදුවිය.
එක් කල්පිතයකට අනුව මෙම මානවයින් නූතන හෝමෝසැපියන් මානවයින් නොව, ඊට වඩා ප්‍රාථමික දෙපයින් ඇවිදින අර්ධ-මානව වර්ගයකගේ වියහැකි බව පැවසිනි.
මෙම ගැටලුව නිසාම මෙම පාසටහන් පිහිටා තිබෙන ගල්වූ ගිණිකඳු අළු (යමහල් අළු) පරික්ශාවට තවත් විද්‍යාඥයින් එකතු වූ අතර ඔවුන් එම පාසටහන් පිහිටි ප්‍රදේශය, යමහල් අළුවල කාළ නිර්ණය සඳහාම නිර්මාණය කල palaeomagnetic analysis නම් කාළනිර්ණ පරීක්ශණ දෙකකට බඳුන් කරන ලදී.
මෙම කාළ නිර්ණ පරීක්ශාවෙන් ලැබූ ප්‍රථිපල මානව විද්‍යා ලෝකයම කළඹන්නට සමත්වූයේ එම පර්යේෂණ වලට අනුව මෙම යමහල් අළු වසර මිලියන 1.3ක් පැරණි බව තහවුරු වීම නිසයි. එනම් මෙම යමහල් අළු පතිතවී ගල් වීමට පෙර ඒමත ඇවිද යමින් සිය පා සටහන් තැබූ අප නොදන්නා මානවයා එසේ ඇවිද යන්නට ඇත්තේ මීට වසර මිලියන 1.3කට පෙරය!
නූතන මානව පරිනාම කල්පිත වලට අනුව නූතන මානවයා අප්‍රිකාවේ පහලවූයේ වසර 200,000ට පෙරය. විද්‍යාත්මකව පැහැදිලි කල නොහැකි මෙම උභතෝකෝටිකය හේතුවෙන් මේවා මානව පිය සටහන් නොවන බවත්, වෙනත් ක්‍රියාවලියක් නිසා පසු කලක ඇතිවන්නට ඇති බවත් යනුවෙන් කල්පිත ගොඩ නැගෙන්නට පටන් ගෙන ඇත.
එහෙත් මානවයාට දැනට මානව විද්‍යාවේ උගැන්වෙනවාට වඩා ඉතා පැරණි ඉතහාසයක් ඇති බව විශ්වාස කරන පර්යේෂකයින්ද ඇත. ඔවුනට අනුව නූතන මානවයායේ ඉතිහාසය වසර මිලියන ගණනක් ඈතට දිවයනවා පමණක් නොව මීට පෙර ඈත අතීතයේදී ඔවුන් සමෘධිමත්, ඉතා දියුණු සිශ්ඨාචාර පවා ගොඩ නැගූ බවත්, ඔවුන්ගේ තාක්ශණය අද අපගේ තාක්ශණය තරමටම හෝ ඊටත් වැඩියෙන් දියුණුව පවතින්නට ඇති බවද විශ්වාස කරති. එහෙත් මෙවැනි පර්යේෂකයින් ප්‍රධාන ප්‍රවාහයේ (mainstream) පුරාවිද්‍යාඥයින් හා මානව විද්‍යාඥයින් විසින් කොන් කරන අතර ඔවුන්ගේ කල්පිත හුදෙක් මනස්ගාත ලෙස බැහැර කරයි.
මේ අතර තවමත් වසර මිලියන 1.3කට පෙර පොලවට පතිතවී ඝණවූ යමහල් අළු මත මිනිස් පාසටහන් ලෙස ප්‍රධාන ප්‍රවාහයි විද්‍යාඥයින් පවා පිලිගන්නා පා සටහන් ඇති කරන්නට ඇත්තේ කවුරුන් විසින්ද යන්න නොවිසඳී පවතී.