Advanced Aviation Threat Identification Program කියන්නේ පෙන්ටගනය විසින් ක්‍රියාත්මක කරපු පිටසක්වල යානා පිලිබඳව ගැඹුරු අධ්‍යයනයක් සිදුකල ව්‍යාපෘතියක්. මේ වැඩසටහනේ ප්‍රධානියා ලෙස ක්‍රියාකල, දැන් විශ්‍රාම ගොස් සිටින බුද්ධි අංශ නිළධාරියෙකු වන ලුයී එලිසොන්ඩෝ ප්‍රකාශකරන විධියට පිටසක්වලින් හඳුනා නොගත් යානා පෘථිවියට පැමිණෙන බව සැකයකින් තොරවම තහවුරු වෙලා තියෙනවා.
2007 තරම් මෑතකදී ඇරඹුනු මෙම ව්‍යාපෘතිය මීට කලින් ඇමරිකන් ගුවන් හමුදාව ක්‍රියාත්මක කල "Project Blue Book"වැඩසටහන ක්‍රියාත්මකවූ අරමුණින්ම ක්‍රියා කොට තිබෙනවා. එනම් රේඩාර් වලට හසුවන, ගුවන් නියමුවන්ට දකින්නට ලැබෙන, පෘථිවියේ නිර්මාණය කල යානා නොවන බවට තහවුරුවූ යානාවලින් යම් තර්ජනයක් ඇතිදැයි සොයාබැලීමයි.
මේ යානාවල හැකියාවන් අධ්‍යයනය කල ඔවුන්ගේ නිගමනය වන්නේ එම යානාවලට ඇති පියාසර හැකියාවන් දැනට මානවයින් සතු දියුණුම ගුවන් තාක්ෂණයන්ට වඩා බොහෝ ඉදිරියෙන් තිබෙනවා.
මිනිසා නිර්මාණය කර ඇති කිසිම යානයක දකින්නට නැති අපූර්ව ප්‍රචාලක තාක්ෂණයන්, ගුවනේ හැසිරවීම් තාක්ෂණයන්, වගේම අප දන්නා කිසිදු ජීවියෙකුට දරාගත නොහැකි තරමේ ගුරුත්ව ත්වරණ බලවේගයන් ජනිතකරමින් පියාසර කිරිමට මේ යානාවලට හැකියි.
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________