කොමාණ්ඩෝ රෙජිමේතුවේ කර්නල් ෆස්ලි ලෆීර් නුවර කොල්ලෙකි. 1996දී රට වෙනුවෙන් මැරුණ එකෙකි. දැන් නුවර සිංහල අයිතිය සුරකින්නට අහිංසකයින්ගේ ගෙවල් ගිණි තියමින්, කඩු පොලු අරගෙන නටන, අමිත් වීරසිංහ, ඩෑන් ප්‍රියසාද් වැනි හුජ්ජ කොල්ලන්, ලෆීර් වැනි මුස්ලිම් කොල්ලන් හා බලන කල හොරිකඩ නරින් පමණය.
මේ හොරිකඩයින් නටන්නේ උන්ගේ ජාති ආලය නිසාම නොව හැංගි හැංගී උන්ට රුපියල් පොම්පකරමින්, හුලං ගසමින් උන්ව හැකි පමණ ආරක්ෂා කරන ජාතිවාදී සිංහල දේශපාලන-ව්‍යාපාරික හවුලක් විසින් සූක්ෂමව මෙහෙයවන නිසාය.
උන් නැටවෙන බව උන් දන්නේත් නැත. උන්ව නටවන දේසාපාලුවන් ලොකුම ලොකු තක්කඩි මුස්ලිම් බිස්නස් කාරයින්ගේ හොඳම යාලුවන්ය, බුරියානි පාට්නර්ලාය. ඒ බව මේ නරි දන්නේ නැත.
දවස් තුනකට කලින් ප්ලෑන් කරපු හැටිත්, ප්ලෑන් ලීක්වුනු හැටිත් ජාතිආල සෙට් එක ඩිස්කස් කරන හැටි ඉහල ස්ක්‍රීන් කැප්චරයෙන් පෙනේ. වැඩේ සෙට්වුනේ මේවිධියටය. මැරුණ සිංහල කොල්ලා ගැන මුන්ට ඇති වගක් නැත.
උගේ මළමිණිය මුන් හොඳහැටි විකුණාගත්තේ "සිංහල කොල්ලෙක් මරලා, ඉවසුවා..."ඇති කියන මාකටින් මැසේජ් එකෙනි.
මුන්ට ඕනෑ මුස්ලිම් ලේය. මුන් පිටුපස්සේ ඉන්නා බිස්නස් කාරයින්ට මුස්ලිම් බිස්නස් අල්ලාගන්නට ඕනෑය. මේ කල්ලියට ආරක්ෂාව දෙන දේශපාලුවන්ට ඕනෑ, මොන මළමිණියෙන් හරි ආපහු බලය ඩැහැගන්නටය.
මේ වැඩේට ඉතාලියේ කොරියාවේ ජපානයේ ඉන්න සුපිරි දේශප්‍රේමී ඩයල්වලින්ද නොමසුරු යුරෝ යෙන් හා වොන් ලැබෙන බවත් විශ්වාසය. යුරෝපයේ ඉන්නා කාළකණ්නි දෙමළ ඩයස්පෝරාවයි, මුනුයි අතර වෙනසක් නැත.
එහේ සුද්දන්ට, ජපනුන්ට කොරියන්කාරයින්ට කඹුරා නෙලාගන්නා අස්වැන්නෙන් මෙහෙ ගිණිතියන්නට කොටසක් එවන්නේ හිතේ මනාපෙන් විය යුතුය. රට ජාතිය වැනසීම වෙනුවෙන් යමක් කලා යන කාළකණ්නි සිතුවිල්ලෙන් විය යුතුය
සිංහල ජාතිය බේරාගන්නට, සිංහල ගෑණුන්ගේ ඩිම්බ කෝෂ රැකගන්නට, පිරිමින්ගේ වෘෂණ කෝෂ බේරාගන්නට ඉදිරියට ඇවිත් ඉන්නේ මේ කාළකන්නි සෙට් එකයි.
මුන් පත්තු කරන ගිණි නිවන්නට එකා පිට එකා මැරී වැටෙන්නට වෙන්නේ යුනිෆෝම් එක ඇඳගත් ගොවි මහත්තුරුන්ගේ පුත්තුන්ට මිස මුන්ට නොවේ.
එදාට මුන් කොහොම හරි රටෙන් පැන ගෙන වෙන රටකට වී මෙහෙ ගින්නට දාන්නට පැට්‍රෝල් එකතුකරනු ඇත.
පතෝල ජනපතිතුමනි, වැඩ බැරි අගමැති තුමන, බොරු සාකච්චා නොතියා කරුණාකර මේ දඩ බල්ලන් යලි එලියට එන්නට නොහැකි පරිද්දෙන් කූඩුකර දමන්න. එහෙම කරන්න පුලුවන් එකෙකුට හමුදාව, පොලීසිය බාර දෙන්න.
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________