1] අවශ්‍ය පමණට වතුර නොබීම
පර්යේෂණ වලට අනුව සිරුරේ බරින් 2%කට වඩා ජලය අඩුවූ විට එය සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බලපායි. ජලය අඩුවූවිට රුධිරය මදක් ගණවන අතර ඒ අනුව රුධිරය පොම්පකිරීම සඳහා හදවට වැඩි ශක්තියක් වැයවේ. එමෙන්ම මාංෂ පේෂිවලට හා මොලයට අවශ්‍ය ඔක්සිජන ප්‍රමාණයට වඩා අඩුවෙන් ලැබේ. එවිට නිතරම මහන්සිය දැනීම සිදුවේ.
2] නිසි පරිදි ව්‍යායාම නොගැනීම
බොහෝ දෙනෙකු වැඩ වැඩිවූ විට ව්‍යායාම අතපසු කරයි. අද හරි මහන්සියි කියමින් ඔබගේ දෛනික ව්‍යායාම - මෙය විනාඩි 20ක් 30ක් ඇවිදීම වැනි සුළු ව්‍යායාමයක් විය හැකියි - අතපසු කරන්නේ නම්, ඔබට විඩාව දැනීම වැඩි බව පර්යේෂකයින් සොයාගෙන ඇත. ව්‍යායාම කිරීමෙන් සිරුරේ ශක්ති ජනන ක්‍රියාවලිය (metabolism) වේගවත්වී, හෘද-රුධිර පද්ධතිය ශක්තිමත්වී සිරුරේ සියලු තැන්වලට ඔක්සිජන් වැඩි රුධිරය ගෙයාමෙන් විඩාව දැනීම අඩුවේ.
3] යකඩ හා විටමින් බී අඩු ආහාර ගැනීම
යකඩ රුධිරය ඔක්සිජනීකෘත වීමට අවශ්‍ය හිමෝග්ලොබින් සඳහා අත්‍යාවශ්‍යය. යකඩ හිඟවීමෙන් හිමෝග්ලොබින් අඩුවී, ඔක්සිජන් ප්‍රවාහණය අඩුවීමෙන් විඩාව දැනිය හැකිය. එමෙන්ම සෛලතුල ශක්ති ජනන ක්‍රියාවලියේදීද යකඩ වැදගත් ක්‍රියාවලියක් ඉටුකරයි.
විටමින් බී යනු, වර්ග 8ක සංකීර්ණයකි (vitamin B complex). B1, B2, B3, B5, B6, B7, B9, B12 යනුවෙන් ඒවා නාමකරණය කොට ඇත. ආහාරවලින් ශක්තිය නිපදවීම සඳහා විටමීන් බී සංකීර්ණය වැදගත්වේ. විටමින් බී අඩුවූ විට නිතරම මහන්සිය දැනේ.
4] ලඟාවීමට ඉතා අපහසු පෞද්ගලික ඉලක්ක සකස්කර ගැනීම
සමහර පුදගලයින් තමන් වෙත ඉතා අපහසු ඉලක්ක ලබාදී ඒවා ලඟාකර ගැනීමට දැඩි ලෙස මහන්සිවේ. වෙහසවී ඉලක්ක හඹායාම හොඳ දෙයක් වන නමුත් නිතරම ඉතා අපහසු ඉලක්ක හඹායාමෙන් ජීවන තෘප්තිය අඩුවී, තමන් පරාජිතයෙකු යන හැඟීම ඇතිවේ. මේ මානසික පීඩනය නිරන්තර විඩාව ලෙස දැනෙන්නට පුලුවන.
5] අනවශ්‍ය ලෙස ආතතියට පත්වීම
සමහර පුදගලයින් සෑම කරුණක් ගැනම ඕනෑවට වඩා කළබලවී ආතතිය ඇතිකර ගනී. උදාහරණයක් ලෙස තමන්ගේ ඇඳුම, අන් අය තමන් දකිනු ඇතැයි සිතන ආකාරය පිලිබඳව, කාර්යාලයේ හැල හැප්පිලි (office politics), ප්‍රධානීන් සමග ඇතිවන සුළු මත ගැටීම්, පෙම්වතා/පෙම්වතිය එතරම් නොසිතා කියන/කරන දැයින් ඇතිවන සුලු අනවබෝධ යනාදිය පිලිබඳව දැඩි ලෙස කරදර වෙමින් නිරන්තර මානසික ආතතියෙන් ජීවත්වේ. මේ ආතතිය නිරන්තර විඩාව ලෙස සිරුරට දැනිය හැකිය.
6] හොඳින් උදය ආහාරය නොගැනීම
පෝෂ්‍යදායි උදය ආහාරයක් නොගැනීම නිසා දවසේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ඉන්ධන නොලැබීමෙන් දවසම විඩාව දැනීමට පුලුවන
7] අධික ලෙස කාබෝහයිඩ්‍රේට් අඩංගු ක්ෂණික ආහාර නිරන්තරයෙන් ගැනීම.
සුදු පාන් පිටිවලින් සැකසෙන මෙවැනි ක්ෂණික ආහාරවල තන්තුමය ද්‍රව්‍ය (fiber) හා සංකීර්ණ කාබෝහයිඩ්‍රේට අඩංගු නැති නිසා ඉක්මණින් ජීර්ණයවී වේගයෙන් රුධිරයේ සීනි ප්‍රමාණය ඉහලදමයි. එවිට ඉන්සුලින්වල ක්‍රියාකාරිත්වය නිසා ඉක්මණින්ම රුධිරයේ සීනි මට්ටම යලි පහල දමයි.
මෙලෙස දිනකට කිහිප වතාවක් රුධිරයේ සීනි මට්ටම ඉතා ඉහලට ගොස් යලි පහලට වැටීම දිනය පුරා විඩාව දැනවීමට හේතුවන බව පර්යේෂණ වලින් හෙලිවී ඇත. සංකීර්ණ කාබෝහයිඩ්‍රේට හා තන්තු අඩංගු ආහාර මගින් රුධිරයේ සීනි මට්ටම ඉහලයාම පාලනය කරන නිසා එවැනි ආහාර නිතර ගත යුතුය.
8] රාත්‍රීකාලයේ නින්දට පෙර ස්මාර්ට්ෆෝන හා ටැබ්ලට් භාවිතාකිරීම
මෙවැනි උපකරණවල තිරයෙන් නිකුත්වන තීව්‍ර ආලෝකය සිරුරේ රිද්මය හා නින්දිමත දැනීමේ ක්‍රියාවලිය පාලනය කරන circadian rhythm නම් චක්‍රය අවුල්වී නිදිමත දැනීම පමාකරයි. එමෙන්ම පාන්දරට නින්දයාම වැඩිවන නමුත් රැකියාවට යාම සඳහා අවදිවීමට සිදුවීම නිසා අවශ්‍ය පමණට නින්ද නොලැබීමෙන් විඩාව දැනේ.
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________