DISCLAIMER : මේ ලේඛකයා ආරක්ෂක විශේෂඥයෙකු නොවේ. මේ තොරතුරු සියල්ල පොදු අවකාශයේ (public domain) ඇති තොරතුරු මත පදනම්වී ඇති අතර මූලාශ්‍ර සියල්ල ලිපියේ අග දක්වා ඇත.
සහරාන් ජන ඝාතකයා මියගියේ නැද්ද?
අද දහවල් ප්‍රංශයේ ජාත්‍යන්තර පුවත්සේවය වන France24 පුවත් සේවය, ලංකාවේ බෝම්බ ප්‍රහාර පිලිබඳව විකාශය කල ප්‍රවෘතියකින් ලැබූ තොරතුරු මත තව්හීඩ් ජමාත් ත්‍රස්ත කල්ලියේ නායක හා න්‍යායාචාර්ය මොහොමඩ් සහරාන් ඉන්දියාවට පලා ගොස් ඇති බවට සැක කල හැකියි. එම වාර්තාවේ සඳහන් වන ආකාරයට ඉන්දියාවේ යම් ස්ථානයක සිට සහරාන් තවත් වීඩියෝ කිහිපයක් නිකුත් කොට ඇති බවයි. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා තිබෙන්නේ තමන් කලින් සමාජ ජාල අවහිර කිරීම අවසන් කිරීමට කලින් තීරණය කොට තිබුණත්, සමාජ ජාලවල පසුගිය පැය කිහිපයේදී පලවී ඇති යම් යම් වීඩියෝ අධ්‍යයනය කිරීමෙන් පසු, එම තහනම දීර්ඝකිරීමට තීරණය කල බවයි.
කෙසේ වෙතත් France24 ප්‍රවෘත්ති සේවා වෙබ් අඩවියේම පලවන තවත් වාර්තාවකින්, මොහොමඩ් සහරාන් ෂැන්ග්‍රී-ලා හෝටලයේ සිදුවූ පිපිරීමෙන් මියගිය බව ජනාධිපතිවරයා උපුටා දක්වමින් පවසනවා. එම වෙබ් පිටුවට මෙතනින් පිවිසිය හැකියි. සමහර විට, මේ වීඩියෝ කලින් රූගත කොට, තව්හීද් ජමාත් කල්ලියේ ඉන්දියානු සහචරයින් වෙත යවා තිබී, ඔවුන් ඒවා සමාජ ජාලවලට මුදා හැරියා වන්නට පුලුවන්. අප විසින් මීට පෙර පලකල ලිපියේ, සහරාන් විසින් දිගින් දිගටම ඉන්දියාවේ, බංගලිදේසයේ හා ඇෆ්ඝනිස්තානයේ අයි.සි.ස් කල්ලි හා තව්හීද් ජමාත් කල්ලි සමග සම්බන්ධතා පවත්වා ඇතිබව, ඉන්දිය බුද්ධි අංශ සොයාගෙන ඇති බව වාර්තා කලා.
කෙසේ වෙතත් මේ ලේඛකයා එම වීඩියෝ නරඹා නොමැති අතර, රජය විසින් සමාජ ජාල අවහිර කොට ඇති හදිසි නීතිය ක්‍රියාත්මක වන මේ මොහොතේ, වෙනත් උපක්‍රම වලින් සමජ ජාලවලට පිවිසීම නීති විරෝධී බැවින් එවැනි උත්සහයක් නොගත් බව සටහන් කල යුතුයි.
පුහුණුව ආමි මොහිදීන්ගෙන් හා සිරියාවේදී
මේ වනවිට විමර්ෂකයින් සොයාගෙන ඇති කරුණු අනුව, මේ ප්‍රහාරකයින් හා තවත් පිරිස් සමහරක් ආමි මොහිදීන් නැමැත්තාගෙන් පුහුණුව ලබා තිබෙනවා. එමෙන්ම කිහිපදෙනෙක් සිරියාවේ ඉස්ලැමික් ස්ටේට් කඳවුරුවල පුහුණුව ලබා ඇති අතර ලංකාවේ නැගෙනහිර පලාතේ, නුවරඑලිය හා තවත් ස්ථානවල පුහුණුවීම් සිදුකල තිබෙනවා. පස්යාලේ කැලෑවක බවට සඳහන් කෙරෙන මෙවන් ස්ථානයක, තහවුරු නොවූ ඡායාරූපයක් දින කිහිපයකට පෙර අන්තර්ජාලයේ සංසරණය වුනා. එම ඡායාරූපය පහත දැක්වෙනවා.
එමෙන්ම ඝාතකයින් ව්‍යායාම මධ්‍යස්ථානයකද පුහුණුවී ඇති අතර සිය ජාතික හැඳුනුම් පත් භාවිතා කරමින්, යම් පාපන්දු පුහුණු මධ්‍යස්ථානයක හෝ ක්‍රීඩාගාරයක පාපන්දු ක්‍රීඩාකොට තිබෙනවා. මෙම ප්‍රහාරකයින්ගේ බෝම්බ එකලස් කොට ඇත්තේද ආමි මොහිදීන් විසින්. මුස්ලිම් ජාතිකයෙකුට අයත් දෙමටගොඩ පිහිටි ලෝහ ප්‍රතිචක්‍රීයකරණය කරන කර්මාණ්තශාලාවකදී මේ බෝම්බ එකලස් කොට ඇති අතර, එම බෝම්බ සෑදීමට මේ කම්හල් අයිතිකරු උදව් දී තිබෙනවා. Colossus Copper නම් වූ මේ ක්‍රමාණ්තශාලාවේ අයිතිකරු වූ ඉල්හාම් ඉබ්‍රහීම් සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරයේදී දිවිනසා ගත්තා. ඔහු පාස්කු ඉරිදාට පෙර සිකුරාදා නිවසින් පිටත්ව ගොස් ඇත්තේ සැම්බියාවේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා දින කිහිපයකට රටින් පිටව යන බව සිය බිරිඳට පවසමින්.
ප්‍රහාරය IS අනුබලයෙන් සිදුවූ බව ඔස්ට්‍රෙලියානු අගමැති තහවුරු කරයි.
පාස්කු ප්‍රහාර මාලාව ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ අනුග්‍රහයෙන් හා සම්බන්ධීකරණයෙන් සිදුව ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පුවත්පත් වාර්තාකරුවන් හමුවේ තහවුරුකොට තිබෙනවා. ඉස්ලැමික් ස්ටේට් කාලිෆේටයට හා එහි කාලිෆ්වරයා ලෙස දැන් ක්‍රියාකරන අබු බකර් අල්-බැග්ඩෑඩී වෙත කැපවීම හා මරණයට පත්වීමට සූදානම් බවට ශපත කෙරෙන වීඩියෝවක් පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු ඉස්ලැමික් ස්ටේට් නිළ පුවත්සේවය විසින් නිකුත්කරනු ලැබුවා.
ලංකාවේ තව්හීද් ජමාත් සංවිධාන කීයක් තියෙනවද?
තව්හීද් ජමාත් යන නම භාවිතාකරන සංවිධාන ගණනාවක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. මේවා තව්හීද් ජමාත් නම භාවිතාකලත් ඔවුන් සියල්ලන් අන්තවාදී මතවාද දරන්නන් නොවේ. සමහර සංවිධාන මූළධර්මවාදී ඉස්ලාම් අදහස් දැරුවත් ඒවා තම කණ්ඩායමේ සාමාජිකයින් අතර පමණක් පවත්වාගෙන යන බව තමයි ඔවුන් කියන්නේ.
Tamil Nadu Thowheed Jamat
තමිල්නාඩු තව්හීද් ජමාත් සංවිධානය ඉන්දියාව, ලංකාව ඇතුලු රටවල් ගණනාවක ක්‍රියාත්මක වෙනවා. තමිල්නාඩු තව්හීද් ජමාත් සංවිධානය, මොහොමඩ් සහරාන්ගේ නැෂනල් තව්හීඩ් ජමාත් සංවිධානය සමග සබඳතා ඇති බවට වාර්තා ඇතත්, තමිල්නාඩු තව්හීද් ජමාත් සංවිධානයේ ප්‍රකාශකයෙකු වන අබ්දුල් රහ්මාන් ද හින්දු පුවත්පතට ප්‍රකාශ කලේ නම හැරුනකොට වෙනත් කිසිම සම්බන්ධයක් හෝ පොදු ක්‍රියාකාරකමක් තමන් හා අන්තවාදී මොහොමඩ් සහරාන්ගේ නැෂනල් තව්හීද් ජමාත් සංවිධානය සමග නොමැති බවයි.
ද හින්දු පුවත්පතේ වාර්තාවෙන් හෙලිවුන තවත් වැදගත් කරුණක් වන්නේ ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය, තමිල්නාඩු තව්හීද් ජමාත් සංවිධානයට ශුද්ධවූ කුරාණයේ සිංහල භාශා පරිවර්තනයක් පලකරන්නට යයි ආරාධනා කලත්, යම් යම් විරෝධතා හා වැරදි වැටහීම් ඇතිවීමේ අවදානම නිසා එය අත්හැර දැමූ බවයි.
තමිල්නාඩු තව්හීද් ජමාත් සංවිධානයේ විකිපීඩියා පිටුවට අනුව එය සමාජසේවා කටයුතු හා මුස්ලිම් ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් පීඩන කණ්ඩායමක් (pressure group) ලෙස ක්‍රියාත්මක වන බවයි.
Sri Lanka Towheeth Jama'ath
තමිල්නාඩු තව්හීද් ජමාත් සංවිධානය සමග සමීප සබඳතා ඇති ශ්‍රී ලංකා තව්හීද් ජාත් සංවිධානය, සහරාන්ගේ නැෂනල් තව්හීද් ජමාත් සංවිධානයේ මිනීමරු ප්‍රහාර දැඩි ලෙස හෙලා දකින බව ප්‍රකාශ කරනවා. ඔවුනට දිය හැකි උපරිම දඬුවම් දිය යුතු බවට ප්‍රකාශ කරන මොවුන් තමන් මොහොමඩ් සහරාන්ගේ අන්තවාදී අදහස් ගැන විරෝධය පලකොට තිබෙන බවද අවධාරණය කරනවා.
ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය, සහරාන්ගේ නැෂනල් තව්හීද් ජමාත් කල්ලියේ ඉස්ලැමික් ස්ටේට් පක්ෂපාතිත්වය පිලිබඳව අවබෝධයෙන් සිටි බවත්, මීට වසර තුනකට පෙරම ඔහු ගැන ආරක්ෂක අංශ දැනුවත් කල බවත් එම සංවිධානය ප්‍රකාශ කරනවා.
එමෙන්ම ප්‍රහාරවලින් තුවාල ලැබුවන්ට ලේ ලබාදීම සඳහා තම සංවිධානය මහනුවරදී ලේ දන්දීමේ ව්‍යාපාරයක්ද සංවිධානය කල බවයි එම සංවිධානය පවසන්නේ.
කෙසේවෙතත් මෙම සංවිධානයේ සාමාජිකයින් කිහිපදෙනෙකු බෞද්ධ විරෝධී වෛරී ප්‍රකාශ සමාජ ජාල ඔස්සේ මුදාහැරීම නිසා අත් අඩංගුවට පත්වී තිබෙනවා.
මේ අතර ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාවකට අනුව ඊයේ ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ පානදුර ශාඛාවේ හිටපු ලේකම්වරයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. දක්ෂිණ අධි-වේගීමාර්ගයේ බණ්ඩාරගම කාර්යාලයේ සේවයකල මොහු සහරාන්ගේ ජමාත් කල්ලියේ එක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ දේශන මාලාවකට සහභාගීවූ බව පිලිගෙන ඇති අතර ඔහුගේ ජංගම දුරකථනයේ මරාගෙන මැරෙන ප්‍රහාරයේ සාමාජිකයින්ගේ ඡායාරූපයක් තිබී හමුවී තිබෙනවා. එමෙන්ම ඔහුගෙන් මේ බෝම්බ කරුවන් පිලිබඳව තොරතුරු රැසක් හෙලිවී තිබෙනවා.
කෙසේවෙතත්මේ සංගමයේ ලේකම් M H M ෆාසී, තමන් අනතවාදී බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ බවට චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා.
Ceylon Thowheed Jamaath
සිලෝන් තව්හීද් ජමාත් සංවිධානය පිහිටුවාගෙන ඇත්තේ ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයෙන් කැඩීගිය පිරිසක් විසින්. රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ හිටපු ලේකම්වරයෙකු වූ රශ්මීන් නැමැත්තා ද හින්දු පුවත්පතට ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ තමන් ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය තමිල්නාඩු තව්හීද් ජමාත් සංවිධානය සමග ඇති සමීප සබඳතාවලට තමන් අකමැති බවයි. එමෙන්ම යම් යම් ආගමික කරුණුද හේතුවෙන් ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ බොහෝ සාමාජිකයින් ඉන් ඉවත්ව සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයට එක්වෙමින් සිටින බව ඔහු පවසනවා.
National Thowheeth Jama'ath
කාත්තන්කුඩියේ මොහොමඩ් සහරාන් විසින් ආරම්භකල නැෂනල් තව්හීඩ් ජමාත් සංවිධානය ආරම්භයේ සිටම ඉස්ලැමික් ස්ටේට් කාලිෆේටයේ මූළධර්ම හා ක්‍රියාවලිය අගයකරමින් දේශනා, ෆේස්බුක් හා යූ ටියුබ් වීඩියෝ සමාජගතකල අන්තවාදී, ත්‍රස්තවාදී සංවිධානයක්.
කලක් ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ සිටි සහරාන් 2016 වසරේදී ඉන් ඉවත්ව අන්තවාදී නැෂනල් තව්හීද් ජමාත් පිහිටුවාගෙන සිටිනවා. කුඩා දරුවන් මූළධර්මවාදයට නැඹුරුකිරීම, අන්‍යාගම් දැඩිලෙස විවේචනය කිරීම හා බෞද්ධ භික්ෂූන් සමග කලහ ඇතිකරගැනීම, බුදුපිලිම වලට හානිකිරීම ආදී සමාජවිරෝධී අන්තවාදී කටයුතු නිසා වෙනත් මුස්ලිම් සංවිධාන නැෂනල් ජමාත් සංවිධානය පිලිබඳව නිළවශයෙන් බළධාරීන්ට පැමිණිලි කොට තිබෙනවා.
බී.බී.සී වාර්තාවකට අනුව නැෂනල් තව්හීඩ් ජමාත් සංවිධානය ඉතා කුඩා අංකුර කණ්ඩායමක් (splinter group) බවත් එහි ෆේස්බුක් පිටුව සතියකට වරක් පමණ යාවත්කාලීන වන අතර එහි ට්විටර් ගිණුම 2018 මාර්තුවේ සිටම යාවත්කාලීන වී නෑ.
මානවනැල්ලේ කුප්‍රකට බුදුපිලිමවලට හානිකිරීමේ සිද්ධිය පිටුපසද නැෂනල් ජමාත් කල්ලිය සිටින බවයි වාර්තා වන්නේ.
සබැඳි ලිපි : ලංකා ජමාත් ත්‍රස්තයින් හා ඔවුන්ගේ IS මෙහෙයුම්කරුවන් හඳුනාගැනීමට උපකාරිවුනු මොරොක්කෝ බුද්ධි අංශය
SOURCES FOR THIS ARTICLE
https://www.deccanherald.com/national/india-seeks-info-from-sri-lanka-on-ntj-730454.html
https://newsin.asia/sri-lanka-thowheed-jamath-denies-involvement-in-blasts/
http://www.dailynews.lk/2019/04/26/local/183911/former-sri-lanka-thowheed-jamath-member-arrested
https://www.thehindu.com/news/international/sri-lanka-easter-blasts-sri-lanka-towheeth-jamaath-dissociates-itself-from-national-thowheed-jamaath-tamil-nadu-thowheed-jamath-denies-links/article26914131.ece
https://www.france24.com/en/20190426-suspected-bombing-mastermind-died-blast-sri-lanka
https://www.firstpost.com/world/sri-lanka-blasts-fatima-ibrahim-identified-as-one-of-the-suicide-bombers-wife-of-sl-millionaire-blew-self-up-with-unborn-child-6508131.html
https://www.thehindu.com/news/international/sri-lanka-easter-blasts-sri-lanka-towheeth-jamaath-dissociates-itself-from-national-thowheed-jamaath-tamil-nadu-thowheed-jamath-denies-links/article26914131.ece
https://en.wikipedia.org/wiki/Tamil_Nadu_Thowheed_Jamath
https://en.wikipedia.org/wiki/National_Thowheeth_Jama%27ath
__________________________________________________________________________
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________