ඉරානයේ ආගමික නායකයින් විනාශකල යුතුබව දැක්වෙන ඉස්ලැමික් ස්ටේට් ෆේස්බුක් පෝස්ටුවක්. |
ලංකාවේ බොහෝ දෙනා, මෙහි මුස්ලිම් ජනයා වේගයෙන් වහාබ්වාදය හා වෙනත් අන්තවාදී ඉස්ලාමීය ඇදහිලික්රම වෙත ඇදී යාම සඳහා සෞදිය හා ඉරානය වැනි රටවල බලපෑම අනුව සිදුවන බව දැඩි ලෙස විශ්වාස කරනවා. ඉරානය හා සෞදි අරාබිය අන්තවාදී මුස්ලිම් සංවිධානවලට නොමසුරුව ආධාර කිරීම මේ සැකයට ප්‍රධාන හේතුවක් ලෙස ගන්නට පුලුවන්.
මේ තර්කය බොහෝ සෙයින් වලංගුවුවත් 2019 වර්ෂය දෙස බලන විට, සෞදිය මෙන්ම ඉරානයත් ඉස්ලැමික් ස්ටේට් හා අල් ඛයිඩා ත්‍රස්ත සංවිධාන විනාශකිරීම සඳහා බොහෝ කැපවී ක්‍රියාත්මකවී ඇති බව පැවසුව හොත් ඔබ පුදුම වනු ඇති.
මේ වෙස් පෙරලියට මූලිකම හේතුව, ඉරානය, සෞදිය වැඩිවශයෙනුත් කටාරය, බහරේනය, කුවේටය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යම් පමණකටත් කිරිපොවා, මුදල් පොම්පකොට, ආයුධ සන්නද්ධ කර හදාවඩාගත් අන්තවාදී ඉස්ලාමය හා අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදය කෙලින්ම ඒ රවලට පුරවැසියන් මරාදමමින් එම රටවල රජයන්ට එම භූමියේ සිටම අභියෝග කිරීමේ දිට්ඨ-ධම්ම කර්මය පඩිසන්දීම බව මේ ලිපියන් අප හෙලිදරව් කරනවා.
මූළධර්මවාදී ඉරානය හා ත්‍රස්තවාදය
ඉරානය ආගම මුල්කොටගෙන, ආගමික නායකයෙකු මගින් පාලනය වන රටකි. සුප්‍රීම් ලීඩර් හෙවත් ප්‍රධාන නායකයා රජයේ ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් බොහොමයක ප්‍රතිපත්ති සකසන්නා හා අවසන් තීරකයා වෙයි. ජනාධිපතිට ඇත්තේ අඩු බලතලය. ඉරානය ෂියා මුස්ලිම් දහම අදහන රටක් වන අතර ඉරාකය ප්‍රධාන ලෙසම සුන්නි මුස්ලිම් රටකි. ෂියා හා සුන්නි මුස්ලිම්වරුන් වර්තමානයේ එකිනෙකාට වෛරකරගන්නා ඉස්ලාම් ඇදහීලි ක්‍රම දෙකක් පිලිපදිති.
ඉරාන රජය බිහිවූයේ 1979දී සිදුවූ ඉස්ලාමීය විප්ලවයෙන් පසුවයි. ඉරාන රජපවුල බලයෙන් පහකල අතර සංස්කෘතික විප්ලවයක් මගින් ඉස්ලාමයට විරුද්ධ සියලුම මතවාද හා පොතපත විනාශකොට "පිරිසිදු"කරන ලදී. 1980දී ඉරාකය, ඉරානය ආක්‍රමණය කල අතර වසර 8ක මහත් විනාශකාරී යුද්ධයකින් දෙපාර්ශවයටම විශාල ලෙස හානිවිය.
ඉරාන විප්ලවය හා ඉරාන-ඉරාක යුද්ධය හා ඒ යුද්ධයේදී බටහිර රටවල් ඉරාකයට සහය දෙමින් ක්‍රියාත්මකවූ ආකාරය, මෙන්ම ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිවාදී ලෙස ක්‍රියාත්මකවීම ඉරානය බටහිර විරෝධී අන්තවාදී ඉස්ලාමයට හා ත්රස්තවාදයට පණපෙවීමට යොමුකල බවයි පැවසෙන්නේ
ඉරාන විප්ලවය හා ඉරාන-ඉරාක යුද්ධය හා ඒ යුද්ධයේදී බටහිර රටවල් ඉරාකයට සහය දෙමින් ක්‍රියාත්මකවූ ආකාරය, මෙන්ම ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිවාදී ලෙස ක්‍රියාත්මකවීම ඉරානය බටහිර විරෝධී අන්තවාදී ඉස්ලාමයට හා ත්රස්තවාදයට පණපෙවීමට යොමුකල බවයි පැවසෙන්නේ
ඉරානයේ ත්‍රස්ත සංවිධාන - හිස්බුල්ලා, හමාස්, ඉරාක ෂියා ත්‍රස්තකල්ලි
ලෙබනනයේ ක්‍රියාත්මකවන හිස්බුල්ලා ත්‍රස්ත ව්‍යාපාරය ඉරානයේ නිර්මාණයකි. හිස්බුල්ලා ව්‍යාපාරය, ඉරානය මෙන්ම ෂියා ඉස්ලාමය අදහන මුස්ලිම් ත්‍රස්ත ව්‍යාපාරයකි. බොහෝ සම්පත් ඇති සාරවත් රටක් වූ ලෙබනනය අසාර්ථක රාජ්‍යයක් බවට පත්ව ඇත්තේ හිස්බුල්ලා ත්‍රස්තවාදය නිසාය.
ඊශ්‍රායලයට ආසන්න ගාසා තීරයේ ක්‍රියාත්මකවන හමාස් ත්‍රස්ත කල්ලිය ඉරානයේ උදව් ලැබෙන තවත් ත්‍රස්ත කල්ලියකි. එහි ප්‍රධාන අරමුණ ඊශ්‍රායලය විනාශකර දැමීමයි. හමාස් සුන්නි මුස්ලිම් සංවිධානයක් වූවත්, ෂියා ඉරානය එයට අවි සපයන්නේ ඔවුන් ඉරානයේ සතුරෙකු වන ඊශ්‍රායලටය විරුද්ධව සටන් වදින නිසාය. පොදු සතුරා නිසා ආගම් බේධය අමතක කොට ඉරානය හමාස් ත්‍රස්තයින්ට එලිපිට උදව්දෙයි.
එමෙන්ම බහරේනය, ඉන්දියාව, කෙන්යාව, තායිලන්තය ආදී රටවල සිදුවූ ඉස්ලාමීය ත්‍රස්ත ක්‍රියා සඳහා ඉරානයේ සහය ලැබී ඇතැයි චෝදනා ලැබී ඇත.
තවද ඇෆ්ඝනිස්තානයේ තලේබාන් අන්තවාදී කල්ලියටද ඉරානයේ නොමසුරු සහය ලැබී ඇත.
ඒත් ඉරානය ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්තයින් විනාශ කිරීමට කල හැකි බොහෝ දෑ සිදුකරයි. ඒ ඇයි?
ඉරානයේ පාර්ලිමේන්තුවට එල්ලවූ ඉස්ලැමික් ස්ටේට් ප්‍රහාරය |
2017 ජූනියේදී ඉස්ලැමික් ස්ටේට් කල්ලියට පක්ෂපාතිත්වය පලකල ත්‍රස්තයින් පිරිසක් ඉරානයේ පාර්ලිමේන්තුවට හා ඉරාන ආධ්‍යාත්මික නායක අයතොල්ලා කොමේනිගේ සමාධි පරිශයට මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක් එල්ලකලේය.
ඉරාන පාර්ලිමේන්තු සංකීර්ණයේ පරිපාලන ගොඩනැගිල්ලකට ඇතුලුවූ මරාගෙන මැරෙන ත්‍රස්තයින් සිවුදෙනෙකු, බෝම්බ පුපුරුවමින්, වෙඩි තබමින් බොහෝ පිරිසක් ඝාතනය කලේය. ඒ මොහොතේම අයතොල්ලා කොමේනියේ සමාධිය අසල මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බෝම්බයක් පුපුරවාගත් අතර ඔහු සමග සිටි අනෙක් ත්‍රස්තයා අල්ලාගැනීමට ඉරාන ආරක්ෂක අංශ සමත්විය.
ප්‍රහාර දෙකෙන් 23දෙනෙකු මියගිය අතර 50දෙනෙකු තුවාල ලැබීය. මියගිය ගණන මීට වඩා වැඩිවිය හැකි බව බටහිර ආරංචිමාර්ග සඳහන් කරනවා.
2018 සැප්තැම්බරයේදී ඉරානයේ ප්‍රාදේශීය නගරයක් වන අහ්වාස් නගරයේ පැවැත්වෙමින් තිබූ සංදර්ශන හමුදා පෙලපාලියකට එල්ලකල මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 29ක් මියගොස් 53 දෙනෙකු තුවාල ලැබුවා. ප්‍රහාරය සිදුවී පැය කිහිපයකින් ඉස්ලැමික් ස්ටේට් කල්ලිය එහි වගකීම භාරගත් අතර ප්‍රහාරකයින්ගේ ඡායාරූප හා ප්‍රහාරයේ ඡායාරූප ISIS-Amaq නිවේදන වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කලා.
මේ ප්‍රහාරයද ඉරානය දැඩිලෙස කම්පණයට පත්කොට තිබුණා.
ඉරානය, සිරියාවේදී ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්තයින්ට දැඩිලෙස පහරදුන් හේතුව
ඉරානය, සිරියාවේදී ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්තයින්ට දිගින් දිගටම පහරදී එහි විනාශයට දායක වන්නට හේතු දෙකක් තියෙනවා. එක් හේතුවක් වන්නේ ඉහත කී ඉරානයට එල්ලවූ ප්රහාරයි. දෙවැන්න ඉරානයේ හිතවතෙකු වූ සිරියාවේ අසාද්ගේ පාලනය රැක ගැනීමට ඇති උවමනාවයි. රුසියාවද මේ අරමුණට දායකවූ අතර සිරියානු හමුදා, ඉරානයේ සහය ලබන භටපිරිස් හා රුසියානු ගුවන් හමුදා එක්ව දිගින් දිගටම පහරදීම සිරියාව තුල ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්තයින් විනාශවීමට මූලික ලෙස බලපෑවා.
අන්තවාදී, රැඩිකල් ඉස්ලාමයක් දේශනා කරන වහාබ්වාදය හා සලාෆි-ජිහාඩ් මතවාද ප්‍රවර්ධනය සඳහා වැඩියෙන්ම ධනය වියදම් කරන රට ලෙස සෞදි අරාබිය හඳුනාගන්නවා. වහාබ්වාදය හා සලාෆි-ජිහාඩි මතවාද සාරාංශයක් ලෙස ගත්විට;
1] "තව්හීඩ්"සංකල්පය හෙවත් එක් සර්වබලධාරී දෙවියෙකු පිලිබඳව දැඩි විශ්වාසය. සහරාන්ගේ තව්හීඩ් ජමාත් මේ අදහස දැඩිලෙස දැරූ ව්‍යාපාරයකි.
2] "හකිමියාත් අල්ලාහ්"හෙවත් දෙවියන්ගේ කැමැත්ත, වෙනත් සියලුම තර්ක-විතර්ක, සමාජ සංකල්ප, හොඳ-නරක පිලිබඳ මිනිස් දැක්මවල් අර්ථසුන් කරන අතර එවැනි සංකල්ප ඉස්ලාම් විරෝධීවේ. සියල්ලම සෑමවිටම දෙවියන්ගේ කැමත්ත මතම සිදුවේ.
3] "බිදාහ්"සංකල්පය හෙවත් මධ්‍යස්ත මතධාරී, නම්‍යශීලී ඉස්ලාම් සංකල්ප මෙන්ම වෙනත් ආගමිකයින් සමග සහජීවනය දැඩිලෙස ප්‍රතික්ෂේප කිරීම
4] "තක්ෆීර්"සංකල්පය හෙවත් දැඩිමතධාරී ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන ඕනෑම මුස්ලිම්වරයෙකු, මුස්ලිම් නොවන බවට ප්‍රකාශකොට ඔවුන් "ඉන්ෆිදෙල්"නොහොත් දෙවියන් විශ්වාස නොකරන (non beliver), පාපිෂ්ඨයෙකු බවට ප්‍රකාශකිරීමට ඇති අයිතිය.
5]"ජිහාඩ්"හෙවත් ඉස්ලාමිකයින් නොවන සියලුම ජනකොටස් හා රාජ්‍යවලට විරුද්ධව යුධ කිරීමේ ප්‍රතිපත්තිය.
NOTE : ජිහාඩ් පිලිබඳව සාම්ප්‍රදායික, මධ්‍යස්ථමතධාරී මුස්ලිම් වරුන් දරන මතය මීට වඩා වෙනස් බව කියවුතුයි. ඔවුන් විශ්වාසකරන අන්දමට;
- ජිහාඩය යනු දැඩි සික්ෂණයක් මත, විනයගරුකව සතුරන්ට විරුද්ධව කරන සටනක් මිස, ඉස්ලාම් නොවන ජනයා ඝාතනය කරන ත්‍රස්ත්වාදයක් නොවේ. ජිහාඩ් යුද්ධයක් සිදුකරන්නේ කෙසේදැයි කොරානයේ පැහැදිලිව විස්තර කොට තිබෙන බව මුස්ලිම් විද්වතුන් ප්‍රකාශ කරනවා.
කොරානයේ මගපෙන්වීමට අනුව ජිහාඩ් යුද්ධයකදී සටන්කල යුත්තේ හා මරාදැමිය හැක්කේ අවිගත්තවුන් පමණයි. එනම් අහිංසකයින් මරාදැමීම, නිරායුධ සෙබලුන් මරාදැමීම, අවි අත නොදරන අන්‍යාගමක පූජකයින් මරාදැමීම, අන්‍යාගමික පූජ්‍යස්ථාන විනාශ කිරීම හා ගොඩනැගිලි විනාශ කිරීම තහනම් වනවා.
- ජිහාඩය ගැන ඇති තව අර්ථකතනයකට අනුව ජිහාඩ් යනු මුස්ලිම් වරයෙක්, සිය පාපිෂ්ඨ හැඟීම් යටපත් කරගෙන, දෙවියන්ට කැපවූ පුදගලයෙකු බවට පත්වීමට දෙවියන්ගේ මග පෙන්වීම අනුව සිදුකරන අභ්‍යන්තර ආධ්‍යාත්මයේ සිදුවන අරගලයක්.
සෞදි අරාබිය පෙට්රෝ වහාබි-සලාෆි ඉස්ලාමය පැතිරවීම - ත්‍රස්තවාදී සංවිධාන පණපෙවීම, මදරාසා හා පල්ලි තැනීම
වහාබි-සලාෆි ජිහාඩි මතවාද වෙනුවෙන් ත්‍රස්ත ක්‍රියා සිදුකරන අල්ඛයිඩාව ඇතුලු සුන්නි මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධාන සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා සෞදි අරාබිය බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු රහස් වාර්තාවක් පවසනවා. මේ රහස් වාර්තාව විකිලීක්ස් හරහා හෙලිවූවක්.
අල්ඛයිඩා, තලේබාන්, පාකිස්තානයේ ක්‍රියාත්මක වන, 2008 මුම්බායි ප්‍රහාරයට වගකිවයුතු ලක්ෂර්-එ-තයිබා ආදී ත්‍රස්ත සංවිධාන සෞදි ධනයෙන් ක්‍රියාත්මක වෙනවා.
මීට අමතරව කටාරයේ, කුවේටයේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සලාෆි-වහාබි මතවාද දරන ධන කුවේරයින්ද මේ සංවිධාන සඳහා නොමසුරුව වියදම් කරනවා.
පෙට්‍රෝලියම් අපනයනය කරමින් ධනවත්වූ සෞදිය හා අරාබි මුහුදේ තෙල් රටවල් වලින් වලින් සුන්නි ඉස්ලාම් ත්රස්ත්වාදයට ලැබෙන මුදල් කොතරම්ද යත් මෙය "පෙට්රෝ-ඉස්ලාම්"ත්‍රස්තවාදය ලෙස පර්යේෂකයින් හඳුන්වනවා. ඇෆ්ඝන් හා පාකිස්ථාන ත්‍රස්ත කණ්ඩායම් පූර්ණවශයෙන්ම පෙට්රෝ-ඉස්ලාම් ධනයෙන් පෝෂණය වනවා.
සෞදිය ප්‍රචලිත කරන වහාබි-සලාෆි ඉස්ලාමය ප්‍රචලිත කිරීම සඳහා මදරාසා ආගමික පාසැල් බිහිකිරීමට, වහාබි-සලාෆි පල්ලි ඉදිකිරීමට, මේ මතවාද හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව, පර්යේෂක දීමනා, පොත්පත් මුද්‍රණය හා බෙදා හැරීමටද පෙට්රෝ-ඉස්ලාම් ධනය විශාල ලෙස පොම්පකරනවා.
සෞදිය පණපොවන වහාබි-සලාෆි ඉස්ලාමයට අනුව;
1] සියලුම ආකාරයේ ඉන්ෆිදෙල් වරුන්, එනම් සලාෆි නිර්වචනයට අනුව ඉස්ලාමය අදහන්නේ නැති මුස්ලිම්වරුන් හා වෙනත් ආගමිකයින්ට වෛරකිරීම කල යුතුය.
2] අල්ලාහ් දෙවියන් වෙනුවෙන් ඔවුන් විනාශ කිරීමට හැකි සැමදෙයක්ම කල යුතුය
3] 20වැනි ශතවර්ශයේ සියලු යුධ ගැටුම් හා අර්බුදවලට ප්රජාතන්ත්රවාදය වගකිවයුතු අතර එය විනාශකොට වහාබි-සලාෆි මූලධර්ම අනුව ක්‍රියාත්මකවන ෂරියා රාජ්‍යයන් බිහිකල යුතුය.
සිංගප්පූරුවේ ලී ක්වාන් යූ අගමැතිවරයාට අනුව;
සෞදි ධනයෙන් ව්යාප්තකෙරෙන වහාබි-සලාෆි වාදය අග්නිදිග හා දකුණු ආසියාතික සාම්ප්‍රදායික, නම්‍යශීලී, අන්‍යාගමිකයින්ට ගරුකරන මුස්ලිම් සම්ප්‍රදායන් ක්රමාණුකූලව විනාශකරමින් තිබෙන අතර, වහාබි-සලාෆි ඉස්ලාමය, පිරිසිදු ඉස්ලාමය බවට කළාපයේ මුස්ලිම් ජනයාට ඒත්තුගන්වමින් සිටියි.
ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්තයින් සෞදියේ ෂියා පල්ලියකට සිදුකල බෝම්බ ප්‍රහාරය - මේ ප්‍රහාරයෙන් ෂියා සෞදි ආගමිකයින් 21 මියගියේය. |
ඉස්ලැමික් ස්ටේට් සෞදි රජය අස්ථාවර කොට විනාශ කලයුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශකිරීම
ලොව පුරා රටවල සලාෆි-වාහාබි ත්රස්තවාදයට පණපොවන සෞදියට, සලාෆි-වහාබි මතවාදයෙන් පෝෂණයවූ ඉස්ලැමික් ස්ටේට් ත්රස්තවාදයට මුහුණදෙන්නට සිදුවීම දෛවයේ සරදමක් විය යුතුය. එහෙත් අබු බකර් අල් බැග්ඩෑඩී, සෞදි රජුගේ පාලනය විනාශකොට දැමිය යුතු බවට ශපත කොට ඇති අතර ඒ සඳහා සෞදි අරාබිය තුල සුන්නි-ෂියා ගැටුම් ඇති කිරීමට ප්‍රහාර අරඹා ඇත.
එමෙන්ම, සෞදියේ අසල්වැසි යේමනයේදීද සෞදි සහය ලැබෙන යේමන රජය හා ඉස්ලැමික් ස්ටේට් සහය ලබන කැරලිකරුවන් අතර පෙර-කලාසි යුද්ධයක් (proxy war) ඇතිවී ඇත.
සුන්නි සෞදී ජාතිකයින් දෙදහස් පන්සීයක් පමණ ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්ත කල්ලියට බැඳී සටන් කිරීම සඳහා සිරියාවට ගොස් ඇති අතර, ආපසු පැමිණෙන ඔවුන් හරහා සෞදියේ ඉස්ලැමික් ස්ටේට් ත්රස්තවාදයක් ඇති කිරීමේ දැඩි උත්සාහයක් පිලිබඳව සෞදි ආරක්ෂක අංශ දැඩි සෙවිල්ලෙන් සිටිනවා.
මුලින් ෂියා පල්ලි වැනි මෘදු ඉලක්ක වලට පහරදුන් ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්තයින් දැන් දැන් දෘඩ ඉලක්ක කරාද යොමුවනවා. 2019 අප්‍රේල් 21වැනිදා (පාස්කු ඉරිදා) ලංකාවේ ප්‍රහාරයට අමතරව ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්තයින් සෞදි හමුදා බැරැක්කයකටද මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කලා. ප්‍රහාරය එතරම් සාර්ථක නොවූ අතර ප්‍රහාරකයින් සතර දෙනා මියගියා. එමෙන්ම අප්‍රේල් 7වැනිදාත් ඉස්ලැමික් ස්ටේට් ප්‍රහාරයක් එල්ලවූ අතර, බෝම්බ බැඳගත් ප්‍රහාරකයින් දෙදෙනෙක් ආරක්ෂක හමුදා මුරපොලකට ප්‍රහාරයක් එල්ලකලා.
සෞදිය ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්තවාදය විනාශකිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගන්නේ 2014 වකවානුවේ ඉඳලයි. ඇමරිකාව සමග එක්ව සිරියාවේ ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්තයින්ට විරුද්ධව සටන්වදින මිලිෂියා සංවිධානවලට අවි-ආයුධ හා පුහුණුව ලබාදීමට සෞදිය ක්‍රියාකරමින් සිටිනවා.
එමෙන්ම සෞදි රජය ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්තවාදය හා බැඳුනු සංවිධානවලට සෞදියෙන් මුදල් ගලාඒම වැලැක්වීමට විශේෂ පියවර ගෙන තිබෙනවා. මේ අනුව ඉස්ලාම් ත්රස්ත්වාදයට පොම්ප කෙරෙන පෙට්රෝ-ඉස්ලාම් ඩොලර් ප්‍රවාහය යම් පමණකට හෝ අඩුවනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
එමෙන්ම සෞදිය හා කටාරය සෞදි හා කටාර් අරමුදල් වලින් ක්‍රියාත්මක වන ඉස්ලාම් ආගම් ප්‍රවර්ධන රූපවාහිණී හා චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා, ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්ත විරෝධී මතවාදයන් වැඩි වැඩියෙන් විකාශණය කිරීමටද එකඟවී තිබෙනවා. මේ අනුව ඉස්ලැමික් ස්ටේට් ත්රස්තවාදීන්ට අලුත් සාමාජිකයින් එකතුකරගැනීම සඳහා සිදුකරන ප්රචාරයන්ට එරෙහි බලසම්පන්න ප්‍රති-ප්‍රචාර මාලාවක් සිදුකෙරෙනවා.
දේශපාලන ඉස්ලාමය හෙවත් ත්රස්තවාදයට පාරකපන ඉස්ලාමය වැලැක්වීම සෞදියේ රාජ්‍ය ප්‍රතිපත්තියක් වෙයි?
මේ අලුත් ප්‍රතිපත්තියට අනුව;
1] වහාබ්වාදය, ජිහාඩි ඉස්ලාමය හෙවත් සියලු විරුද්ධවාදීන් හා අන්‍යාගමිකයින් අනුකම්පා විරහිතව මරාදමන ත්‍රස්තවාදී ඉස්ලාමයෙන් වෙනස් බව ප්‍රචලිත කිරීම.
2] ත්‍රස්තවාදී කල්ලිවලට සෞදියෙන් යන මුදල් නතරකිරීම සඳහා එවැනි අරමුදල් සපයන සෞදි ධනවතුන් දැඩි පීඩනයකට ලක්කිරීම
3] සෞදි රජය හා එහි නීතිය ගරුකරන පුරවැසියන් ඉස්ලැමික් ස්ටේට්, අල් ඛයිඩා වැනි ත්‍රස්ත්වාදී සංවිධාන සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවට ලෝකවාසී මුස්ලිම් ප්‍රජාව මෙනම අනෙකුත් ප්‍රජාවන් දැනුවත් කිරීම.
4] සෞදියේ දැන් ක්‍රියාත්මක වෙන දැඩි වහාබ්වාදී ඉස්ලාමය වෙනුවට නම්‍යශීලී ඉස්ලාමයක් කෙරෙහි ක්‍රමයෙන් යොමුවීම
5] සෞදි ජනයාට, නූතන ලෝකයේ වෙනත් රටවල්වල ජනයා මෙන්ම නිදහසේ සිය ජීවිතය ගෙවීමට ක්‍රමයෙන් ඉඩසැලසීම
6] කාන්තාවන්ට ඇති දැඩි සීමා කෙමෙන් ලිහිල් කිරීම.
ආදී පියවරයන් රැසක් ගනිමින් සිටිනවා. ඒ අනුව දැඩි මූළධර්මවාදී, අන්තවාදී, හිංසාකාරී ඉස්ලාමය සෞදි පුරවැසි ධනවතුන්ගේ අනුග්‍රහයෙන් සිදුවීම හැකි පමණ වැලැක්විය හැකියයි සෞදි රජය කල්පණාකරනවා.
සෞදි පුරවැසිය, විශේෂයෙන් තරුණ තරුණියන් ඉස්ලැමික් ස්ටේට්, අල් ඛයිඩා වැනි විදෙස් ත්‍රස්ත සංවිධානවලට පක්ෂපාතී වනවා වෙනුවට, සිය රටවන සෞදි අරාබියට පක්ෂපාතී බවට පත්කර ගැනීමට දැඩි උත්සහයක් ගැනෙනවා. ඒ අනුව ත්‍රස්ත සංවිධානවලට, සිය ත්‍රස්ත ක්‍රියා සඳහා සෞදියේ හෝ විදේශවලදී සෞදි පුරවැසියන් මෙහෙයවා ගැනීමට නොහැකිවනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.