ශී-හල්ක් මාවල් සිනමා-ටෙලි විශ්වයේ තවත් අලුත්ම හඳුන්වාදීමක්. ඩිස්නි+ ස්ට්‍රීමින් සේවාව හරහා විකාශයට නියමිත ශී-හල්ක් ටීවී සීරීස් එක 2022 අගෝස්තුවේ එලිදැක්වීමට නියමිතයි.
36 හැවිරිදි ටටියානා මැස්ලනී ජෙනිෆර් වෝල්ටර්ස්/ශී හල්ක් චරිතය නිරූපනය කරන අතර හල්ක් චරිතය රඟන මාර්ක් රෆලෝද මෙම කතාමාලාවේ විද්‍යාඥ බෲස් බැනර්/හල්ක් චරිතය නිරූපණය කරමින් දායක වනවා.
වෘත්තියෙන් නීතිඥවරියක් වන ජෙනිෆර් වෝල්ටර්ස් හදිසි අණතුරකට මුහුණ පාන අතර ඇයගේ ඥාති සොයුරෙකු වන බෲස් බැනර්/හල්ක් ඇයට හදිසි ශල්‍යකර්මයක් සඳහා ලේ ලබා දෙනවා. පූර්ණ සුවය ලබන ජෙනිෆර් බෲස් බැනර්ගේ රුධිරය ශරීරගත වීම නිසා කෝපවූවිට ශී හල්ක් බවට පරිවර්තනය වනවා.
ශී හල්ක් චරිතය ස්ටෑන් ලී හා ජෝන් බුසීමා නිර්මාණය කල අතර පලමු ශී හල්ක් චිත්‍රකතාව 1980දී එලිදැක්වෙනවා. ඇය ඇවෙන්ජර්ස් සුපර් හීරෝ කණ්ඩායම මෙන්ම ශීල්ඩ් ඒජන්සියද නියෝජනය කරනවා.
ශී හල්ක්: ඇටර්නි ඇට් ලෝ - ටීවී සීරීස් එකේ චරිත පෙලගැස්ම
ජෙනිෆර් වෝල්ටර්ස් / ශී හල්ක් - වෘත්තියෙන් නීතිඥවරියක් වන ඇවෙන්ජර්ස් සුපිරි වීරවරිය.
බෲස් බැනර් / හල්ක් - ජෙනිෆර් වෝල්ටර්ස්ගේ ඥාති සොයුරා. වෙඩි වැදීමක් නිසා බරපතල තුවාල ලබා සිටි ජෙනිෆර්ට් බෲස් බැනර් සිය ගැමා විකිරණීකරණයවූ රුධිරය ලබාදීම නිසා ඇයටද හල්ක් පරිවර්තන හැකියාව ලැබෙනවා.
එමිල් බ්ලොන්ස්කි / ඇබෝමිනේෂන් - ස්ටෑන් ලී නිර්මාණය කල තවත් සුපිරි බලයක් සහිත චරිතයක් වන ඇබෝමිනේෂන්, කලක් කේ.ජී.බී ඔත්තුසේවයේ ඒජන්තයෙකු වූ අතර පසුව බ්‍රිතාන්‍යයේ රාජකීය මැරීන් කොමාණ්ඩෝ බළකායට බැඳී සේවය කරනවා.
කැප්ටන් ඇමරිකා හට සුපිරි බලය ලබාදෙන සුපර් සෝල්ජර් සීරම් (super soldier serum) එන්නත හා හල්ක් නිර්මාණයවූ ගැමා විකිරණ පර්යේෂණ වැරදී යාම නිසා එමිල් බ්ලොන්ස්කි ඇබෝමිනේෂන් නම් සුපිරි හැකියාවන් ඇති විරූපී මානවරූපියෙකු බවට පත්වෙනවා. හල්ක්, ඇබෝමිනේෂන්ගේ පරම සතුරා ලෙස සැලකෙනවා.
වොන්ග් - ඩොක්ටර් ස්ට්‍රේන්ජ් චිත්‍රපට හරහා මාවල් සිනමා විශ්වයට පිවිසි වොන්ග්, ශී හල්ක් කතාමාලාවේදී එම චරිතයටම පණපොවනවා.
මේරි මැක්ෆෙරන් / ටයිටෑනියා - උපතින්ම කුළෑටි යුවතියක් වන මේරි මැක්ෆෙරන් පාසැලේදීත්, සේවා ස්ථානයේදී උසුළු විසුළු වලට බඳුන්වෙනවා. ඩොක්ටර් ඩූම් ඇයව ටයිටෑනියා බවට පත්කරන බව ඇයගේ origin story හෙවත් උප්පත්ති කතාවේ සඳහන් වෙනවා. ශී හල්ක්, ටයිටෑනියාගේ එදිරිවාදිනියක් ලෙස පෙනී සිටිනවා.