24-3000mm අවුරුදු 4කට කලින්, 2018දී එලි දක්වපු නිකොන් P-1000 කැමරාව තවමත් ඡායාරූප ලෝකයේ සුපිරිම සූම් කැමරාව. මිලිමීටර් 3000 සූම් බලයක් තියෙන DSLR ලෙන්ස් එකක් ලක්ෂ ගාණක් වෙනවා. නිකොන් P-1000 දරන්න පුලුවන් මිලකලට ඒවගේ බලයක් අපට ලබල දෙනවා.
ඒත් ඕනෙම සාමාන්‍ය (DSLR නොවන) කැමරාවක තියෙන ප්‍රධානම අවාසියක් වෙන කුඩා සෙන්සර් එක, P-1000 කැමරාවෙත් දකින්නට තියෙනවා. නිකොන් P-1000 කැමරාවේ සෙන්සර් එක 1/2.3"කුඩා සෙන්සර් එකක්.
සෙන්සර් එක පොඩි වෙනකොට, ඒ සෙන්සර් එකෙන් ග්‍රහණය කරගන්න ආලෝක ප්‍රමාණය අඩුයි. ඒක ෆොටෝ කොලිටියට බලපානවා. DSLR කැමරාවල ෆොටෝ කොලිටිය ගොඩක් හොඳ වෙන්නෙ ප්‍රධාන හේතුවක් වෙන්නෙ ඒවාවල තියෙන විශාල සෙන්සර් එක.
ඒත් DSLR කැමරාවල තියෙන සමහර පහසුකම් මේ කැමරාවේ තියෙනවා.
උදාහරණයක් විධියට RAW ආකෘතියෙන් ඡායාරූප සටහන් කර ගැනීම. ගොඩක් DSLR නොවන කැමරාවලින් (වගේම ස්මාර්ට් ෆෝන් කැමරාවලින් ) ලබාගන්න ඡායාරූප JPG ආකෘතියෙන් සටහන් වෙනවා. JPG ආකෘතිය ඉහල රෙසොලූෂන් එකක ඡායාරූප පොඩි ෆයිල් සයිස් එකකින් සටහන් කරගන්නවා. ඒත් ඡායාරූපයේ වෙනස් කම් කරන්න ඕනෙ වෙනකොට JPG ආකෘතියෙන් සටහන් කරගත්ත ෆොටෝ එඩිට් කරන්න පුලුවන් ආකාර සීමා සහිතයි. RAW ඊට වඩා විශාල පරාසයක එඩිට් පහසුකම් ලබලා දෙනවා.
කැමරාවේ තොරතුරු
- 125x zoom lens that has the 35mm-equivalent focal range of 24-3000mm
- 16-megapixel back-side illuminated CMOS sensor that has an expanded ISO range of up to 6400.
- JPG + RAW Shoot modes
- f/2.8-f/8 through the zoom range
- Dual Detect Optical VR in the camera provides 5-stops of camera shake compensation
- 2.3-million-dot OLED electronic viewfinder and a swiveling 3.2-inch 921K-dot LCD screen
- 4K video recording, stereo audio recording, Wi-Fi/Bluetooth connectivity, quick start-up