ලංකාවේ ජල විදුලිබල පද්ධතියේ දේශීය ඉංජිනේරු දැනුමෙන් නිමවුණු, නව ලක්‍ෂපාන විදුලි බලාගාරයට කැනියන් ජලාශයේ සිට ජලය ගෙන එන අඩි 18600 ක් දිග, එනම් කිලෝ මීටර් හයක් දිග උමං මාර්ගය නිරීක්‍ෂණයට ලක් කිරීමේ අවස්‌ථාවය. 1974 වසරේදී ක්‍රියාවට නැඟෙන මෙම නව ලක්‍ෂපාන විදුලි බලාගාරය සඳහා ජලය ගෙනඑන උමං මාර්ගය තැනීමේ කටයුතු 1969 වසරේදී ආරම්භ කෙරෙන අතර සම්පූර්ණයෙන්ම දේශීය ඉංජිනේරු ඥනය යොදා ගනිමින් එය සිදුකෙරෙන්නෙකි. එතැන් පටන් පුරා වසර 40 කට වැඩි කාලයක් තිස්‌සේ දේශයට ජල විදුලිය උත්පාදනය කරමින් නව ලක්‍ෂපාන බලාගාරයද එම උමං මාර්ගයද කැනියොන් ජලාශයද ජාතියට සලසා ඇත්තේ අනුපමේය සේවාවකි. මෙම වසර 40 තුළදී මෙම විදුලි බලාගාරය කෙසේ වෙතත් උමං මාර්ගයේ කිසිදු අලුත්වැඩියාවක් සිදුකෙරී තිබුණේ නැත. එහෙත් 1976 දී පටන් මෙම උමං මාර්ගය සුවිසල් නළ දෙකකට සම්බන්ධවී බලාගාරය දක්‌වා ගෙන එන ගමන් මාර්ගය ආරම්භයේ එනම් උමං පිටවුම අසලින් ජල කාන්දුවක් වාර්තාවන්නට පටන් ගත්තේය.
නමුත් 1994 වසර දක්‌වා එය උමං කාන්දුවක් ලෙස හඳුනාගෙන නොතිබූ අතර නල්ලතන්නිය ශ්‍රීපාදය දෙසට යන බොහෝ සංචාරක පිරිස් දිය නෑවේද මෙම උමං පිටවුම අසල දිය උල්පත් වලිනි. එපමණක් නොවේ උල්දිය ව්‍යාපෘතිය ලෙසින් නම් කෙරුණු ජල ව්‍යාපෘතියක්‌ද මෙම දිය උල්පත් භාවිතයට ගෙන ක්‍රියාවට නැඟුණේය.
කැනියොන් ජලාශයේ සිට මෙසේ අප ඇතුල් වූ උමං පිටවුම දක්‌වා අඩි 18,600 ක දිගකින් සමන්විත මෙම උමඟේ උස මීටර් 3.1 කි. පළල මීටර් 3.6 කි. උමං පිවිසුම් කට මුහුදු මට්‌ටමේ සිට අඩි 3100 ක් ඉහළින් පිහිටා ඇති අතර උමං පිටවුම් කට පිහිටා ඇත්තේ මුහුදු මට්‌ටමේ සිට අඩි 2881 ක් තරම් උසකිනි. එනම් උමගයේ ආතතිය අඩි 219 ක් දක්‌වා වෙනසක් ඇතිවන පරිදි තනා තිබේ. මෙසේ තනා ඇති ප්‍රධාන උමඟය පොළොව මතුපිට සිට මීටර් 300 ක් ගැඹුරින් ගමන් ගන්නා අතර. ස්‌ථාන දෙකකදී උමඟ තුළට ප්‍රවේශ විය හැකි පරිදි තවත් පැති උමඟ දොරටු දෙකකින් සම්බන්ධ කෙරේ. ඒ, උමඟ තැනීමේදී අභ්‍යන්තර සුන්බුන් ඉවත් කිරීම, පහසුකම් සැපයීම, වාතනය වැනි කටයුතු සඳහා වන අතර මෙවන් ප්‍රතිසංස්‌කරණයකදී ද සේවා හා පහසුකම් උමඟ තුළටත් උමඟයෙන් පිටතටත් ලබා ගැනීම සිදුවන්නේ ද මෙම පැති උමඟ මගිනි.
එක්දහස් නවසිය හැත්තෑ හතර වසරේදී ආරම්භ කෙරුණ නව ලක්ෂපාන බලාගාරය මස්කෙළිය ඔය සම්බන්ධ කරගෙන කැනියොන් පොකුණ හරහා ජලය ලබා ගනිමින් U හැඩැති උමං මාර්ගයක් දිගේ ගමන් කර ජල විදුලිය නිපදවන්නේය. මේ සඳහා භාවිත කැරෙන ටර්බයින වර්ගය වන්නේ පෙල්ටන්ය. උමං මාර්ගය ප්‍රතිසංස්කරණ කැරෙන අතරේම මෙම විදුලි උත්පාදක යන්ත්‍ර ද ප්‍රතිසංස්කරණය කරනු ලැබේ. කෙසේ වෙතත් ලක්ෂපාන බලාගාරවල වාර්ෂිකව ගි. වො. පැය 1400 ක විදුලියක් නිපදවේ.
උමං මාර්ගය තැනු කාලයේ පටන්ම එහි සුළු දිය කාන්දුවක් තිබී ඇත. එක්දහස් නවසීය හැත්තෑ හයේ දී පමණ මේ දිය කාන්දුව නිසා උමඟ අවට පදිංචි ජනතාව බියට පත්ව ගම්බිම් අතහැර දමා ගොස් ඇත. කාලයත් සමඟ ජල කාන්දුව වැඩිවී ඇති අතර එය තත්පරයට වතුර ලීටර් 250 - 300 අතර කාන්දු වීමක් දක්වා වර්ධනය වී තිබේ. උමං මඟ දිගේ කාන්දු වන ජලය දිය උල්පතකින් එන ජලය යැයි සිතු ගැමියෝ ඒවා ප්‍රයෝජනයට ගෙන ඇත. පසුගිය කාලය පුරාම නල්ලතන්නිය හරහා සිරිපාදේ ගිය ජනතාව උමං මාර්ගයෙන් කාන්දු වී කඳු මැදින් පීලිවලින් ගැලු ජලයෙන් ස්නානය කර ඇත.
ප්‍රධාන ඉංජිනේරු හේරත් මහතා කියන පරිදි ලක්‍ෂපාන උමඟයේ දිය කාන්දුව ඇතිව තිබෙන්නේ මෙසේ මීටර් සියයක යකඩ සිලින්ඩරය නිමාවෙන් පසු සෘජුවම ස්‌වාභාවික පාෂාණයට නිරාවරණය වූ මීටර් 54 ක කලාපයයේය. හුණු ගලෙන් සමන්විත මෙම ප්‍රදේශය පසුගිය අවුරුදු 40 ක කාලයේදී ජලය සමග ක්‍රියා කිරීම හේතුවෙන් දැඩි ඛාදනයකට ලක්‌ව තිබූ බව හේරත් මහතා සඳහන් කළේය. ඇතැම් තැන්වල විශාල ආවාට ආකාරයට හුණු ගල් තුළ කුහර සෑදී තිබුණු බවද සඳහන් කළ ප්‍රධාන ඉංජිනේරුවරයා කියා සිටියේ මෙම ආවාට ඔස්‌සේ කාන්දු වූ ජලය උල්පත් මෙන් පහළ ජනාවාස සහිත පරිසරයට ගලා ගිය බවට හඳුනාගත් බවයි.
මේ අනුව මෙසේ අවදානම් කලාපයක් ලෙස හඳුනාගත් මීටර් 54 ක් වූ හුණුගල් පාෂාණමය උමං කොටස කොන්ක්‍රීට් ආස්‌තරණය යොදා, ආවාට වසා පිළිසකර කරන්නට විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවරු තීරණයකට එළැඹියහ. උමඟයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු ඇරඹුණේ ඉන්පසුවය. මීට අදාළ මුදල් ප්‍රතිපාදන පිළිබඳව වෙනම කතා කළ යුතු වුවත්, රටේම වාසනාවකට මෙන් මීට අදාළ වියදම් ඇස්‌තමේන්තුව වශයෙන් රුපියල් මිලියන 145 ක් කලට වේලාවට ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස ලක්‍ෂපාන උමඟයේ ප්‍රතිසංවර්ධන කටයුතු ඇරඹිණ. ලෝක බැංකු ආධාර යටතේ වේලි ආරක්‍ෂණ ව්‍යාපාතියෙන් රුපියල් මිලියන 100 ක්‌ද, විදුලි බල මණ්‌ඩලයෙන් රුපියල් මිලියන 45 ක් ද ලෙස මෙසේ මුදල් ලැබී තිබිණි.
Photo Credit: Silumina, 09/03/2014
Sources:
http://www.silumina.lk/2014/03/09/_art.asp?fn=af1403091&p=1
http://www.divaina.com/2014/05/25/nimna01.html