Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1214

තාක්ශණික ලෝකයට අලුත් නිමැවුම් රැසක් එක්වුනු "අගෝස්තු මාසය"

$
0
0
1947 අගෝස්තු 17 අමෙරිකාවේ සුප්‍රකට HP සමාගම බිහිවිය

විලියම් හිව්ලට් හා ඩේවිඩ් පැකාර්ඩ් සිය සමාගම ආරම්භ කලේ මෙම ගරාජයේදීය  Image Credit : Wikimedia Commons
Hewlett Packard සමාගම ලෙස ලියාපදිංචි කල මෙම සමාගම ඉලෙක්ට්‍රොණික ඉන්ජිනේරුවන් දෙදෙනෙකු වූ විලියම් හිව්ලට් හා ඩේවිඩ් පැකාර්ඩ් විසින් ඉලෙක්ට්‍රොණික උපාංග නිපදවීම සඳහා ආරම්භ කරන ලදී. සුප්‍රකට සිලිකන් නිම්නයට අයත් කැලිෆෝනියාවේ පෑලෝ ඇල්ටෝ ප්‍රදේශයේ බිහිවූ මෙය සිලිකන් නිම්නයේ බිහිවූ මුල්ම අධිතාක්ශණික සමාගම් වලින් එකකි. හිව්ලට් පැකාර්ඩ් සමාගම පරිගණක නිර්මාණයට පිවිසියේ 1966 වසරේදී mini computer නම් කුඩා ප්‍රමාණයේ පරිගණක නිපදවීමෙනි.

HP 1000 මිනි කොම්පියුටර් මාදිලියේ පරිගණකය Image Credit : Wikimedia Commons
1960 අගෝස්තු 12 ලොව ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව වන ECO 1 නාසා ආයතනය මගින් අභ්‍යවකාශගත කරන ලදී.

NASA ECO 1 -  Image Credit : Wikimedia Commons
ඉලෙක්ට්‍රොණික උපකරණ හෝ ට්‍රාන්ස්පොන්ඩර් කිසිවක් නොතිබුණු මෙය අභ්‍යවකාශයට යැවුනු ලෝහමය තීන්ත (metallic paint) ආලේපනය කරන ලද යෝධ බැලූනයක් විය. කක්ශයේ ස්ථානගත වූවිට එය වෙත එල්ල කරන මයික්‍රෝවේව් තරංගයක් ලොව තවත් තැනකට පරාවර්තනය කිරීම මගින් එය ක්‍රියාත්මක විය. මෙම චන්ද්‍රිකාව භාවිතා කොට සිදුකල මුල්ම සන්නිවේදනය කැලිෆෝනියාවේ නාසා පර්යේෂණාගාරයක සිට එල්ල කරන ලද මයික්‍රෝවේව් තරංගයක් අමෙරිකානු මහද්වීපයේ අනෙක් පස පිහිටි නිව් ජර්සි නගරයේ බෙල් දුරකථන සමාගමේ පර්යේෂණාගාරයක් මගින් ග්‍රහණය කරගැනීමෙන් ඉටුවිය.


1981 අගෝස්තු 12 - අයි.බී.එම් පුද්ගලික පරිගණකය හෙවත් IBM Personal Computer (PC) එක ලොවට හඳුන්වාදුන් දවස

Original IBM PC Model 5150 - Image Credit : Wikimedia Commons
IBM PC Model 5150 ලෙවට ඉදිරිපත් කල මෙය මාස 12ක කාළයත් තුල 12දෙනෙකුගෙන සමන්විත කුඩා අයි.බී.එම් ඉන්ජිනේරු කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලදී. ඉන්ටෙල් 8088 මයික්‍රෝප්‍රොසෙසරයකින් බල ගැන්වූ මෙහි ක්‍රියාත්මක වේගය 5MHz විය. ෆ්ලොපි ඩිස්ක් දෙකකින් හා කොළ පැහැයෙන් අකුරු දිස්වෙන මොනෝක්‍රෝම් මොනිටරයකින් සමන්විත විය. මෙහෙයුම් පද්ධතිය ලෙස එකල කිසිවෙකුත් නොදැන සිටි, බිල් ගේට්ස් නම් තරුණයෙකු සතුවූ මයික්‍රෝසොෆ්ට් නම් කුඩා මෘදුකාංග සමාගමක් නිමැවූ MS-DOS නැමති මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කොට තිබුණි. මෙම පරිගණකයට දෘඩ තැටියක් නොහොත් Hard Disk එකක් නොතිබූ අතර මෙහෙයුම් පද්ධතිය ෆ්ලොපි ඩිස්කයක් මගින් ඇතුලුකල යුතු විය.

1982 අගෝස්තු 17 ලොව ප්‍රථම මියුසික් සී.ඩී එක ඇබා සංගීත කණ්ඩායමේ "THE VISITORS"ඇල්බමය ලෙස එලිදකියි. 

ගීත 10ක් සමග එලි දැක්වුනු මෙම ගීත ප්‍රකාශ තැටිය ලොව මුල්ම වාණිජමය ලෙස වෙළඳපොලට ඉදිරිපත්කල සීඩී තැටියයි. බ්‍රිතාන්‍යයේදී එපික් රෙකෝඩ්ස් නම් සංගීත සමාගමක් හරහාද, අමෙරිකාවේදී ඇට්ලැන්ටික් රෙකෝඩ්ස් නම් සමාගමක් හරහාද එලිදැක්වුනු මෙය මිනිත්තු 42ක වාදන කාලයකින් යුතු විය. ඇබා සංගීත කණ්ඩායමේ මව් රටවූ ස්වීඩනයේදී මෙම තැටිය Polar Records නම් ස්වීඩන් ගීත සමාගමක් මගින් එලිදැක්වුනි.



Viewing all articles
Browse latest Browse all 1214

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>