Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1214

ලොව විශාලතම සූර්යතාප බලාගාරය තෙල් නිධි වලින් පොහොසත් අබුඩාබියේ!

$
0
0


2010 වසරේ අගභාගයේදී ඩොලර් මිලියන 100ක වියදමින් ඉදිකිරීම් කටයුතු ආරම්භ වුනු මෙම සූර්යතාප බලාගාරයේ ධාරිතාවය මෙගාවොට් 100කි. මෙගාවොට් 100ක ධාරිතාවයට වඩා විශාල ධාරිතාවයෙන් යුතු සූර්යබල ව්‍යාපෘති කිහිපයක් ලොව ඇත. උදාහරණයක් ලෙස ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි "ගුජරාට් සූර්ය උද්‍යානය - Gujarat Solar Park Project" නම් සූර්ය බල ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 600ක් උත්පාදනය කෙරෙතත් එම ව්‍යාපෘතියේ ජනක ඒකක ගුජරාට් ප්‍රාන්තයේ විවිධ නගරවල පිහිටා තිබෙන අතර එහි එක් ජනක ඒකකයක ධාරිතාවය මෙගාවොට් 100ට අඩුය.

එකම ජනක ඒකකයකින්(generation unit) මෙගාවොට් 100ක් නිපදවන දැනට ඇති එකම බලාගාරය අඩුඩාබිහී නොබෝදා විවෘතවුනු ශම්ස්-1 නම් සූර්යතාප බලාගාරයයි.

ශම්ස්-1 ව්‍යාපෘතියේ මෙගාවොට් 100 මගින් සුඛෝපභෝගී නවීන නිවාස 20,000කට විදුලිබලය සැපැයිය හැකි බව පැවසේ. වර්ග කිලෝමීටර් 2.5ක් පුරා පැතිරී ඇති පැරබෝලික් දර්පණ 258,048ක් මගින් නාභිගත කෙරෙන සූර්යතාපය, දර්පණවල නාභිය ඉදිරියෙන් දිවෙන බටයක් තුල ඇති ජලය හුමාලය බවට හරවන අතර එම හුමාලය විශාල හුමාලයෙන් ක්‍රියාකරන ටර්බයිනයක් කරාගෙන යනු ලැබේ. විදුලි ජනක යන්ත්‍ර ධාවනය වන්නේ මෙම හුමාල එන්ජිම මගිනි.

ශම්ස්-1 සඳහා ආයෝජනය කල අබුඩාබි සමාගම දැන් ශම්ස්-2 හා ශම්ස්-3 ලෙස හැඳින්වෙන සූර්ය බල ව්‍යාපෘති දෙකක්ද ආරම්භ කොට ඇත.



Viewing all articles
Browse latest Browse all 1214

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>