jjjjjjj
මහා රාවණා කොරල් පරයෙන් හමු වූ අබිරහස් නැව (Originally published in සිවුමංසල කොලූගැටයා, Ravaya. Unicode edition from Open Minds!, Nalaka Gunawardene)
වසර 52ක් තිස්සේ (1956 – 2008) ශ‍්‍රී ලංකාවේ පදිංචිව සිටි, මෙරටට මහත් සේ ඇලූම් කළ ආතර් සී. ක්ලාක් ශ‍්‍රී ලංකාව ගැන දේශාටන පොත් කිහිපයක් රචනා කළා. මේ පොත්වල අන්තර්ගතය වූයේ දුපත් තුළත්, එය අවට මුහුදේත් ක්ලාක් හා ඔහුගේ මිතුරන් කළ ගවේෂණ ගැන අත්දැකීම් හා ඡුායාරූපයි. ඉන්දියානු සාගරයේ පුරෝගාමී කිමිදුම්කරුවකු වූ ක්ලාක් ලියූ මේ පොත් ගැන මෙරට ඉංග‍්‍රීසි පාඨකයන් පවා එතරම් දැනුවත් නැහැ. මෑතක් වන තුරු මේ පොත් සිංහලට පෙරළී තිබුණේ ද නැහැ.
කල් ගත වී හෝ මේ හිදැස පුරවන්නට මනෝ ප‍්‍රනාන්දු ලේඛකයා ඉදිරිපත් වී සිටිනවා. ක්ලාක් ශ‍්‍රී ලංකාව ගැන ලියූ මුල් ම චාරිකා ග‍්‍රන්ථය වූ The Reefs of Taprobane (1957) ඔහු 2011දී ‘ලක්දිව සාගර පත්ල’ නමින් පරිවර්තනය කළා. එයට ලැබුණු පාඨක ප‍්‍රතිචාර යහපත් වූ බැවින් 1964දී ක්ලාක් ලියූ The Treasure of the Great Reef නම් වූ පොත ‘‘මහා ගල්වැටි පරයේ මුහුදුබත් නිධානය’’ නමින් දැන් ඔහු සිංහලට පෙරළා තිබෙනවා. මේ දෙකම සූරිය ප‍්‍රකාශනයි.
බි‍්‍රතාන්‍ය ජාතික ආතර් ක්ලාක් හා ඔහුගේ කිමිදුම් සගයා වූ මයික් විල්සන් යන දෙදෙනාම 1956දී මාස කිහිහිපයක් මෙරට අවට මුහුද ගවේෂණය කරන්නට පැමිණ පසුව මෙහි පදිංචි වූවා. ඔවුන්ගේ මුල් ම ලාංකික මිතුරන් වූයේත් කිමිදීමට හා මුහුදට ඇලූම් කළ කිහිප දෙනෙක්. ඒ අය අතර සත්ත්‍ව විද්‍යාඥ රොඞ්නි ජොන්ක්ලස් හා බොක්සිං ක‍්‍රීඩක හෙක්ටර් ඒකනායක මුල් තැන ගත්තා.
මයිකල් විල්සන් කිමිදීමට, දිය යට ඡායාරූප ගැනීමට හා දිය යට චිත‍්‍රපට රූපගත කිරීමට හැකියාව තිබූ බෙහෙවින් නිර්මාණශීලී කෙනෙක්. ඇත්තට ම ක්ලාක්ට කිමිදීමේ වටිනාකම පෙන්වා දී එයට යොමු කළේත් මයික්. මේ දෙදෙනා ලංකාවට එන්නට කලින් ඕස්ටේ‍්‍රලියාවේ මහා බාධක පරයේ (Great Barrier Reef) මාස කිහිපයක් කිමිදෙමින් ගවේෂණය කර තිබුණා.
ලංකාව අවට මුහුදු බොහොමයක් 1950 දශකය මැද වන විටත් කිසිවකු ගවේෂණය කර තිබුණේ නැහැ. දිය යට කිමිදීමේ තාක්‍ෂණය (aqua-lung) නිපදවනු ලැබුවේ 1946දී බැවින් එය බොහෝ පිහිනුම් දක්‍ෂයන්ට පවා තවමත් අළුත් හා ආගන්තුක වුණා. ඒ දක්වා දිය යට විනාඩි කිහිපයකට වඩා හුස්ම අල්ලාගෙන ගත කළ නොහැකි වූ බැවින් දිය යට ගවේෂණය කර තිබුණේ ඉතා සීමිතව වෙරළාසන්න නොගැඹුරු මුහුදුවල පමණයි. (මන්නාරමේ සාම්ප‍්‍රදායික මුතු කිමිදෙන්නෝ කළේ හුස්ම අල්ලා ගෙන දිය යට යාමයි.)
ලංකා මුහුදු වෙරළෙන් ඔබ්බෙහි විවිධ තැන්වල මේ මිතුරන් කිමිදුනත් ඔවුන් වැඩිපුරම අවධානය යොමු කළ දෙතැනක් තිබුණා. එකක් ත‍්‍රිකූණාමලය කලපුව. දෙවැන්න දකුණු දිග වෙරළේ කිරින්දෙන් කිලෝමීටර් 10ක් පමණ මුහුද දෙසට වන්නට පිහිටි මහා රාවණා කොටුව (Great Basses Reef) නම් මුහුදු ගල් පර්වතය හා එයට ආසන්න කොරල් (හිරිගල්) පරයයි.
කිමිදුම්කරුවන් කොරල්පර ගවේෂණයට කැමතියි. නොගැඹුරු මුහුදේ වැඩෙන කොරල්පර අතර විචිත‍්‍ර මසුන් හා වෙනත් සමුද්‍ර ජීවීන් රැසක් හමු වනවා. ජෛව විවිධත්වයෙන් ඉහළ නිසා කොරල්පර මහ මුහුදේ වර්ෂා වනාන්තර ලෙස ද හඳුන් වනවා.
ක්ලාක් සහ මිතුරන් මුල් වරට මහා රාවණා කොටුව අවට කොරල්පරයට ගියේ 1958දී. මහා රාවණා කොටුවේත්, එයට කි.මි කිහිපයක් නැගෙනහිරින් පිහිටි කුඩා රාවණා කොටුවේත් (Little Basses Reef) බි‍්‍රතාන්‍ය පාලන කාලයේ ගොඩනැංවූ ප‍්‍රදීපාගාර දෙකක් තිබෙනවා. මේ අසලින් දිවෙන ප‍්‍රධාන නැව් මාර්ගයක් තිබෙන නිසාත්, ගල් පර්වත සහිත මේ මුහුදු තීරයේ ඉතිහාසය මුළුල්ලේ නැව් මුහුදුබත් වී ඇති නිසාත් මේ ප‍්‍රදීපාගාර නැව් ගමනාගමනයට තීරණාත්මක මෙහෙවරක් ඉටු කරනවා.
මහා රාවණා ප‍්‍රදීපාගාරය 1867දී බි‍්‍රතාන්‍යයේ ස්කොට්ලන්තයේ සැළසුම් කර කළුගලින් කොටස් වශයෙන් තනනු ලැබුවා. ඉනික්බිති මේ කොටස් නැව් මගින් කිමී දහස් ගණනක් දුර ගෙවා ගෙන ආවා. මේ ගමනේදී හානි වූයේ කොටස් දහස් ගණනක් අතරින් එකම එකක් පමණයි.
ගාල්ලට නැවෙන් ගෙනා ප‍්‍රදීපාගාර කොටස් කුඩා බෝට්ටු මගින් ගෙන ගොස් මහා රාවණා කොටුවේ අටවනු ලැබුවා. ප‍්‍රදීපාර ආලෝකය සැළසුම් කළේ එම සියවසේ විසූ ශ්‍රේෂ්ඨතම බි‍්‍රතාන්‍ය විද්‍යාඥයකු වූ මයිකල් ෆැරඬේ විසින්. විදුලිබලය පිළිබඳ ඔහු කළ සොයා ගැනීම් මානව ශිෂ්ටාචාරය වෙනස් කළා.
මහා රාවණා ප‍්‍රදීපාගාරය 1873 මාර්තු 10 වනදා විවෘත කළා. එදා පටන් දිගටම සේවයේ නියුතු මෙය ලෝකයේ ප‍්‍රකට (වඩාත්) ප‍්‍ර‍්‍රදීපාගාර අතරින් එකක්.
මේ ප‍්‍රදීපාගාරයට හා අසල ඇති කොරළ් පරයට ලඟා විය හැක්කේ වසරේ සීමිත සති කිහිපයක් තුළ පමණයි. නිරිතදිග මෝසම් සුළං හා ඊසාන දිග මෝසම් සුළං යන දෙකෙහිම බලපෑමට හසු වන මේ ස්ථානයට වසරේ වැඩි දින ගණනක් සැඩ සුළං හා රළු මුහුද නිසා ගමන් කිරීම අන්තරාදායකයි. දිය යට කිමිදීමට හැක්කේ මාර්තු – අපේ‍්‍රල් මාසවල පමණයි.
ලංකා ගොඩබිමෙන් දුරස්තව ඉන්දියානු සාගරයෙන් වට වී ඇති මහා රාවණා (සහ කුඩා රාවණා) ප‍්‍රදීපාගාර සේවකයන් හුදකලා වූ ලෙස කල් ගත කරනවා. ඔවුන්ට අවශ්‍ය දේ රැගත් බෝට්ටුවක් විටින් විට එහි ළඟා වනවා. ක්ලාක් සහ මිතුරන් ද මුලින් එහි ගියේ මේ ප‍්‍රදීපාගාර බෝට්ටුවේ, ඔවුන්ගේ අනුදැනුම හා හොඳහිත ඇතිවයි. ඉඳහිට හෝ යමකු එහි පැමිණීම ප‍්‍රදීපාගාර කාර්යමණ්ඩලයේ කාන්සිය තරමක් අඩු කරන්නට ඇති.
මහා රාවණා ප‍්‍රදීපාගාරය තම තාවකාලික නවාතැන කර ගෙන අවට කොරල්පරයේ හා මුහුදේ කිමිදුණු ක්ලාක් හා මිතුරෝ දිය යට විසිතුරු ඡායාරූප ගත කළා. මින් පෙර කිසිවකු දැක නොතිබූ තරම් මනරම් කොරල් පරයත් එහි විවිධාකාර ලොකු කුඩා ජීවීනුත් ඔවුන් මවිතයට පත් කළා.
ඔස්ටේ‍්‍රලියාවේ මහා බාධක පරය මීට වඩා බෙහෙවින් විශාල බව ඇත්තයි. ඒත් එනිසාම එහි විසිතුරු විහිද පැතිර තිබෙනවා. එහෙත් මහා රාවණා පරයේ සමීප මුහුදු පතුලක බොහෝ දේ හමු වන බව ක්ලාක් ලියා තැබුවා.
ඔවුන්ගේ 1958-59 ගවේෂණය පදනම් කරගෙන Indian Ocean Adventure (ඉන්දියානු සාගර වික‍්‍රමය) නම් ඡායාරූප රැසක් සහිත පොතක් ක්ලාක් -විල්සන් දෙදෙනා 1961දී පළ කළා.
කිසිදා මිනිසුන් දැක නොසිටි ඒ ප‍්‍රදේශයේ මසුන් කිමිදුම්කරුවන්ට බිය නොවී කුතුහලයෙන් විමසිලිමත් වූ සැටිත්, සමහර මසුන් තමන් සමග මිතුරු වූ සැටිත් ක්ලාක් විස්තර කරනවා. ලක්දිව දකුණු මුහුදේ තමන්ට හමු වූ මෝරුන් පවා ආක‍්‍රමණශීලි නොවී දුරක සිට තමන් ගැන බලා සිටි බවත් ඔහු කියනවා. (මීට වසර 55කට පෙර තිබූ තත්ත්වය අද වන විට බෙහෙවින් වෙනස් වී ඇති බව වඩා මෑතදී ඒ ප‍්‍රදේශවල කිමිදුණු අය වාර්තා කරනවා.)
1958-59 මහා රාවණා කොරල් පරයේත්, වෙනත් ස්ථානවලත් මුහුද යට රූපගත කළ දර්ශන සංකලනය කොට 1958දී මයික් විල්සන් වාර්තා චිත‍්‍රපටයක් නිපදවූවා. Beneath the Seas of Ceylon (ලක් මුහුද යට) නම් වූ එය විනාඩි 25ක ධාවන කාලයකින් යුක්තයි.
මිලිමීටර් 16 චිත‍්‍රපටයක් වූ එහි කැමරාකරණය, පිටපත හා අධ්‍යක්‍ෂණය මයික් විල්සන්ගෙයි. ලංකා තේ ප‍්‍රචාරක මණ්ඩලයේ අනුග‍්‍රහය ලද මේ චිත‍්‍රපටය වසර ගණනාවක් පුරා මෙරට සංචාරක ප‍්‍රවර්ධනයන් සඳහා යොදා ගනු ලැබුවා. අද මෙහි පිටපතක් කොතැනක ඉතිරිවී ඇත්දැයි මා දන්නේ නැහැ. එය නරඹා ඇති චිත‍්‍රපට ඉතිහාසඥ (මයික් විල්සන්ගේ මිතුරකු වූ) රිචඞ් බොයිල් කියන්නේ මෙය ශ‍්‍රී ලංකාවේ නිපදවන ලද මුල්ම දිය යට සිනමා නිර්මාණය බවයි.
මේ චිත‍්‍රපටයට ලැබුණු හොඳ ප‍්‍රතිචාරවලින් උද්දාමයට පත් මයික් විල්සන් තව දුරටත් චිත‍්‍රපට කැමරාකරණයට හා අධ්‍යක්‍ෂණයට යොමු වුණා. ඔහුගේ මුල්ම වෘතාන්ත චිත‍්‍රපටය චිත‍්‍රපටය වූයේ රන්මුතුදුව. 1962 අගෝස්තු 10 වනදා සිනමා රසිකයන් හමුවට ආ “රන්මුතුදුව” කෙටි කලෙකින් අතිශයින් ජනප‍්‍රිය වූවා. (මයික්ගෙන් ලංකා සිනමාවට ලැබුණු දායකත්වය හරිහැටි ඇගයීමට ලක්ව නැති බව මගේ අදහසයි. ඔහු 1958 තැනූ පුරෝගාමී දිය යට වාර්තා චිත‍්‍රපටය ගැන පවා දන්නේ ලාංකිකයන් ටික දෙනයි.)
1961 මාර්තුවේ මයික් නැවතත් මහා රාවණා කොරල්පරයට ගියා. මෙවර රොඞ්නි ජෝන්ක්ලාස් මාලදිවයිනේ කිමිදෙමින් සිටි අතර ක්ලාක් ලේඛන කටයුතුවල නියැලෙමින් කොළඹ නතර වුණා. එනිසා මයික් සමග ගියේ බොබී ක‍්‍රීගල් (14) හා මාක් ස්මිත් (13) නම් වූ පිරිමි ළමුන් දෙදෙනෙක්. ඔවුන් මෙරට අනුයුක්තව සිටි අමෙරිකානු තානාපති කාර්යාල සේවකයන්ගේ දරුවන්.
මයික්ගේ සැලසුම වූයේ පිහිනීමේ හා කිමිදීමේ දක්‍ෂ වූ මේ දරුවන් ‘‘චරිත’’ ලෙස යොදාගෙන මහාරාවණා කොරල්පරයේ තවත් චිත‍්‍රපටයක් රූපගත කිරීමයි. මේ සඳහා අවශ්‍ය කිමිදුම් හා කැමරා ආම්පන්න තොගයක් ඔවුන් ගෙන ගියා.
1961 මාර්තු 12-21 දිනවල ඔවුන් ප‍්‍රදිපාගාරයේ රැඳී සිටිමින් අවට නොගැඹුරු මුහුදේ කිමිදෙමින් ගවේෂණය හා රූපගත කිරීම් කළා. මාර්තු 22 වනදා මුහුද නිසල වුවත් යම් හේතුවකින් දිය යට මඩ සහිත වී පැහැදිලි නැතිව ගියා. මේ නිසා කැමරා ආම්පන්න නැතිව ඔවුන් තිදෙනා කිමිදුම් කට්ටල පමණක් හැඳගෙන කොරල්පරයේ කිමිදෙන්නට ගියා.
නොගැඹුරු මුහුදු පත්ලෙහි දිලිසෙන යමක් අහම්බෙන් මයික්ගේ නෙත ගැටුණේ එවිටයි. එය කුමක්දැයි සෝදිසි කළ විට එය පිත්තල සිලින්ඩරයක් බව පෙනී ගියා. නාවුකයකු හැටියට කටයුතු කර තිබූ, නාවුක ඉතිහාසය දත් මයික් එක්වරම දැන ගත්තා එය පැරණි කාලතුවක්කුවක් බව.
එහි අරුත නම් මේ අවට මුහුදුබත් වූ පැරණි නැවක් තිබිය හැකි බවත් මයික් සැනෙකින් වටහා ගත්තා. කාලතුවක්කුව අඩි දෙකහමාරක් පමණ දිගයි. තනි කෙනකුට ඔසවන්නට බැරි තරම් බරයි.
ක්ලාක් පසුව ලියා ඇති පරිදි ‘‘මුහුදුබත් වූ පැරණි නැව් වල ලීවලින් තැනූ බඳ වසර ගණනකට පසු දිරාපත්ව හඳුනා ගත නොහැකි වනවා. බොහෝ විට නැවක් ගිලූණු බව මුහුදු පත්ලේ සොයා ගත හැක්කේ ලෝහමය දෑ නැතහොත් වීදුරු බෝතල් ආදිය නිසායි. මෙතැනදී නොගැඹුරු මුහුදේ දියවැල් හා රළ කැළඹීම් නිසා කාලතුවක්කු වැලි සමග නිරතුරු ගැටෙමින් දිලිසෙමින් තිබුණා. කිමිදුම්කරුවන්ගේ ඇසට මුලින්ම හසු වූයේ මේ දීප්තියයි.’’
ඉනික්බිති එළැඹුණු දින දෙක තුන තිස්සේ මයික් හා මිතුරෝ ඒ අවට මුහුදුපත්ල සමීපව ගවේෂණය කළා. ගිලූණු නැවක සුන්බුන් ඔවුන් සොයා ගත්තා. ඒ අතර රිදී කාසි තොගයක් ද තිබුණා.
නැව ගිලූණු තැන අවට මුහුදුපත්ලේ විසිරි එකම ආකාරයේ රිදී කාසි දහස් ගණණක් හමු වුණා. සමහරක් තනි තනිව තිබූ අතර අනෙක්වා කොරල් බැඳීමෙන් එක ගොඩට එක්වි තිබුණා. එවිට බැලූ බැල්මට පෙනුනේ ගල් කැබලි වගෙයි. කිහිප වතාවක් කිමිදෙමින්, වෙහෙස වී වැඩ කරමින් කිලෝග‍්‍රෑම් 50ක් පමණ බරැති රිදී කාසිත්, කාලතුවක්කු දෙකකුත්, තඹවලින් තැනූ පොලූ හා වෙනත් කුඩා නාවුක ද්‍රව්‍ය කිහිපයකුත් ඔවුන් සොයා ගත්තා.
ඔවුන් ප‍්‍රවේශමින් මේ තොගය කොළඹට ගෙන ආවා. ක්ලාක් හා රොඞ්නි එය දුටුවේ කොළඹදීයි.
මේ කාසි තොගය රැගත් නැව ආවේ කොහි සිටද? එය කොතරම් පැරණිද? මුහුදුබත් නොවුවා නම් එහි ගමනාන්තය වූයේ කුමක්ද? මේ රිදී කාසිවල ලෝහමය වටිනාකමට වැඩි කෞතුක වටිනාකමක් ඇත්ද?
මෙබඳු ප‍්‍රශ්න රැසක් මයික් විල්සන්, ආතර් ක්ලාක් හා ඔවුන්ගේ කිමිඳුම් සමඟයන්ට මතු වුණා. ඔවුන් මෙරට පුරාවිද්‍යාඥයන්, සාගර විද්‍යාඥයන් (එතෙර හා මෙතෙර) හා කාසි එකතු කරන්නන්ගේ ද සහාය ඇතිව මේ ප‍්‍රශ්න වලට පිළිතුරු ගවේෂණය කළා.
නැව ගිලූණු තැන අවට මුහුදුපත්ලේ විසිරි රිදී කාසි දහස් ගණණක් හමු වුණා. මේ කාසි තොගය රැගත් නැව ආවේ කොහි සිටද? එහි ගමනාන්තය වූයේ කුමක්ද? මේ රිදී කාසිවල ලෝහමය වටිනාකමට වැඩි කෞතුක වටිනාකමක් ඇත්ද?
මෙබඳු ප‍්‍රශ්න රැසක් විල්සන්, ක්ලාක් හා කිමිදුම් සමඟයන්ට මතු වුණා. ඔවුන් මෙරට පුරාවිද්‍යාඥයන්, සාගර විද්‍යාඥයන් (එතෙර හා මෙතෙර) හා කාසි එකතු කරන්නන්ගේ ද සහාය ඇතිව මේ ප‍්‍රශ්න වලට පිළිතුරු ගවේෂණය කළා.
මුහුදුබත් වූ නැවක් කාලයාගේ ඇවෑමෙන් හඳුනාගත නොහැකි තත්ත්වයට පත්වනවා. කඩදාසි, රෙදි හා ලෝහවලින් තැනූ දේ දිරාපත්ව යනවා. මේ නිසා එබන්දක නිශ්චිත අනන්‍යතාවය නිර්ණය කිරීම අසීරු කාරියක්. කාසි සමීපව නිරික්සීමේදී පෙනී ගියේ ඒවා එකම අච්චුවේ බවයි. හැම එකකම සළකුණු හතරක් තිබුණා.
පසුව හඳුනාගනු ලැබුවේ ඒවා අරාබි ඉලක්කම් වලින් 1113 සංකේතවත් කරන බවයි. මේ කාසි නිපද වූ වර්ෂයද? අරාබි කැලැන්ඩරයේ වසර ගණන් කිරීම ඇරඹෙන්නේ ක‍්‍රි. ව. 622න්. එසේම අරාබි වර්ෂ හා සම්මත වර්ෂ අතර යම් වෙනසක් ද තිබෙනවා. මේ සියළු සාධක සැළකිල්ලට ගෙන ගණන් බැලූ විට 1113 යනු සම්මත (කි‍්‍රස්තු) වර්ෂ 1702 බව පෙනී ගියා.
කාසි ඉතිහාසඥයන් කීවේ මෙබඳු කාසි තැනීම කෙරුණේ 1658-1707 වකවානුවේ ඉන්දියාවේ සුරත් නගරයේදී බවයි. ඒ භාරතයේ වැඩි ප‍්‍රදේශයක පාලකයා වූ ඔරංසෙබ් (Aurangzeb) නම් මෝගල් අධිරාජයාගේ කාලයේ.
ඔරංසෙබ් අධිරාජයා වසර 49ක් සිහසුනේ සිටියා. ඔහු මෝගල් රාජ වංශිකයන් අතර නමක් ගත් අවසාන අධිරාජයායි. ඔහුගේ පියා ෂා ජහාන් ඉතිහාසගත වූයේ අඩු වයසින් මියය ගිය මුම්ටාස් මහාල් දේවිය වෙනුවෙන් ටාජ් මහලය ඉදිකිරීම නිසායි. මුම්ටාස් මහාල් ඔරංසෙබ්ගේ මවයි.
දැඩි ඉස්ලාමීය පාලනයක් සමස්ත භාරත ජනයා මත බලෙන් පැටවූ ඔරංසෙබ්ගේ මරණයෙන් පසු ජන විරෝධයන් මතු වී මෝගල් අධිරාජ්‍යය ඉක්මනින් බිඳ වැටුණා. කුඩා ප‍්‍රාන්ත රාජ්‍ය ලෙස බෙදී ඇණ කොටා ගත් භාරතය ආක‍්‍රමණය කොට අන්තිමේදී යටත් කර ගැනීමට බටහිර ජාතීන්ට වඩාත් පහසු වුණා.
ඔරංසෙබ්ගේ පාලන කාලයේ නැගෙනහිර ඉන්දීය සමාගම යටතේ බි‍්‍රතාන්‍ය වෙළඳුන් ඉන්දියාවේ ගනුදෙනු කරමින් සිටියා. භාරතය හා යුරෝපීය රාජ්‍ය අතර ජාත්‍යන්තර වෙළඳාම කලෙක සිට කෙරුණු අතර ඒ වන විට ඉන්දියානු සාගරයේ ආධිපත්‍යයට ලන්දේසි හා ඉංග‍්‍රීසි ජාතිකයෝ තරග කරමින් සිටියා.
1702 වන විට ලංකාවේ වෙරළබඩ ප‍්‍රදේශ පාලනය කළේ ලන්දේසින්. ඔවුන්ට සම්බන්ධ වූ ඕලන්ද ඉන්දියා සමාගමක් ද තිබුණා. ඉන්දියාව හා ලංකාව අතර මේ කාලය වන විට නාවුක සබඳතා පැවතියේ ලන්දේසින් හරහායි.
මහා රාවණා කොරල්පරයේ මුහුදුබත් වූ නැව, ලංකාවට ආ ගිය නැවක් ද? නැතහොත් දුපත වටා යාත‍්‍රා කරමින් ඉන්දියාවේ සිට පැමිණි හෝ නික්ම ගිය නැවක්ද? මේ ප‍්‍රශ්නය අපේ සාගර ගවේෂකයෝ මතු කළා.
තමන් මුහුදුපත්ලෙන් සොයා ගත් වස්තුන්ගේ ඉතිහාසය ගවේෂණය කරන අතර රටේ නීතියට අනුකූල වන්නට ද ඔවුන් වග බලා ගත්තා. ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුට කාසි හා අන් වස්තූන් පෙන්වූ විට ඔහු කීවේ මේවා මුහුදෙන් රට තුළට ගෙන ඒම හරහා කිසිදු නීතියක් හෝ රෙකුලාසියක් කඩ වී නැති බවයි.
ඊලඟට ක්ලාක් හා මිතුරෝ එවකට සිටි පුරාවිද්‍යා කොමාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරට සියළු දේ ඉදිරිපත් කළා. මේවා සොයා ගත් මුහුදුපත්ලේ ප‍්‍රදේශය තව දුරටත් ගවේෂණයට අවශ්‍ය අවසරය කොමාරිස්වරයා ඔවුන්ට ලිඛිත බලපත‍්‍රයක් ලෙස ලබා දුන්නා. ‘‘හැම දෙයක්ම පොතේ හැටියට කිරීමටත්, බලධාරින් දැනුවත් කර තිබීමටත් අපට අවශ්‍ය වුණා’’ යයි ක්ලාක් තම පොත්වල පැහැදිලිව ලියා තිබෙනවා.
වඩාත් සංවිධානාත්මක කිමිදුම් ගවේෂණයකට මහා රාවණා කොරල්පරයට ආපසු යන්නට මේ මිතුරු පිරිසට තමන්ගේම බෝට්ටුවක ඕනෑකම තදින් දැනුණා. (මේ දක්වා ඔවුන් කළේ කුලියට ගත් කුඩා බෝට්ටුවක හෝ ප‍්‍රදීපාගාරයක බෝට්ටුවේ ගමන් කිරීමයි.) ඒ සඳහා ගැලපෙන බෝට්ටුවකට අඩු තරමින් අමෙරිකානු ඩොලර් දස දහසක් (10,000)වත් අවශ්‍ය වුණා. මේ මුදල හම්බකර ගැනීමේ අරමුණින් සිංහල වෘතාන්ත චිත‍්‍රපටයක් නිපදවීමට මයිකල් විල්සන් යෝජනා කළා.
දිය යට දර්ශන රැගත් මුල්ම ලාංකික වෘතාන්ත චිත‍්‍රපටය වූත්, වර්ණයෙන් මුළුමනින්ම තැනුනු පළමුවන සිංහල චිත‍්‍රපටය වූත් ‘‘රන්මුතුදුව’’ චිත‍්‍රපටය 1961-62 වකවානුවේ නිපදවනු ලැබුවේ ඒ අනුවයි. එහි කථා රචකයා, කැමරාකරුවා හා අධ්‍යක්‍ෂවරයා වූයේ මයික් විල්සන්. එයට වැය වූ වියදමෙන් කොටසක් දුන්නේ ක්ලාක්.
1962 අගෝස්තුවේ මුල් වරට මහජන ප‍්‍රදර්ශනය ඇරඹුණු රන්මුතුදුව බෙහෙවින් ජනප‍්‍රිය වුණා. එහි ආදායම් වාර්තාව වසර ගණනාවක් යන තුරු කිසිදු චිත‍්‍රපටයක් මගින් සම කෙරුණේ නැහැ. මේ ආයෝජනයෙන් ලැබුණු ලාබය නිසා තමන්ට ඕනෑ වූ බෝට්ටුව මිලට ගන්නත්, 1963දී මහා රාවණා කොරල්පරයට ආපසු යන්නත් මිතුරන්ට හැකි වුණා.

Clarke & Mike Wilson |

මහා විද්‍යාඥ මයිකල් ෆැරඩේ නිර්මාණය කල විදුලි පහණකින් දැල්වුන ශ්‍රී ලංකාවේ මහා රාවණ ප්රදීපාගාරය!