මීට සති දෙකකට පමණ පෙර, පසුගිය නොවැම්බර් 29 සෙනසුරාදා දින රාත්‍රියේ ට්විටර් සමාජ ජාලය හදිසියේම පිරී ඉතිරී ගියේ තමන්ට අභිරහස් පිපිරුම් හඬ කිහිපයක් අසන්නට ලැබුණු බව පවසමින් එන්ගලන්ත වැසියන් විසින් #loudbangs, #omgwereallgoingtodie වැනි හෑෂ්ටැග්ස් සමග පළකරන ලද ට්වීට් සටහන් වලිනි. ලන්ඩනයේ සිට ග්ලාස්ගෝ, බටහිර සසෙක්ස්, බෙඩ්ෆෝර්ඩ්ෂයර්, උතුරු ඩෙවොන් වැනි ප්‍රදේශ දක්වා වූ විශාල වපසරියකට ශ්‍රවණය වූ මේ පිපිරුම් හඬ හේතුවෙන් සමහර ස්ථානයන්හි වීදුරු ජනේල, දොරවල් දෙදරා ගිය බවද, සුරතල් සුනඛයින් භීතියෙන් වියරු වැටුණු බවද වාර්තා විය.
රාත්‍රී 10 - 10.30 පමණ වද්දී මෙම සිදුවීම් පෙළ වාර්තා වුණි. සති දෙකක් ඉක්ම ගොස් තිබේ. සැබැවින්ම සිදුවූයේ කුමක්ද? ස්වභාවික සංසිද්ධියක්ද? රජයේ රහස් මෙහෙයුමක්ද? එසේත් නැතිනම් සමහරුන් කියනා ආකාරයට බ්‍රිතාන්‍ය ජනයා එලෙස අත්දුටුවේ මක් 10ක පමණ වේගයෙන් පියාසර කල හැකි බවට මත පලවෙන අභිරහස් අධිවේගී ස්ටෙල්ත් යානයකින් නිකුත්වූවක්ද?
මෙම ශබ්ද විවිධ පුද්ගලයින් විසින් පටිගත කරගෙන තිබෙන අතර. මෙම පටිගත කිරීම් වලට සවන්දුන් බ්‍රිතාන්‍ය ජෙට් එන්ජින් විශේෂඥයෙකු පවසා සිටියේ මෙම ශබ්ද "pulse detonation engine"නම් පර්යේෂණ මට්ටමේ තිබෙන අධිවේගී ජෙට් එන්ජිමක් ක්‍රියාත්මක වීමේදී නිකුත්වෙන ශබ්දයට සමානය. එහෙත් බ්‍රිතාන්‍යයේ ආරක්ශක අමාත්‍යාංශය ප්‍රකාශ කොට සිටින්නේ යුධගුවන්යානා කිසිවන් මෙම පිපිරුම් ශබ්ද ඇසෙන අවස්ථාවලදී බ්‍රිතාන්‍ය අහසේ නොතිබූ බවයි.