Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1214

AirAsia QZ8501 මුහුදට ගොඩබැස රළපහරට ගිලිගියාදැයි සැකයක්!!

$
0
0
හිටපු ඉන්දුනීසියානු ගුවන් හමුදා නියමු හා  AirAsia QZ8501 පියාසැරියේ කපිතාන් ඉලියන්ට්‍රෝ
ඉන්දුනීසියානු ගුවන් හමුදාවේ හිටපු නියමුවෙකු හා ඉතා පළපුරුදු මගී ජෙට් නියමුවෙකු වූ ගුවන් නියමු ඉලියන්ට්‍රෝ දැඩි කුණාටුවකට හසුව සිටි සිය යානයේ මගීන්ගේ ජීවිත ගලවාගැනීම සඳහා යානය ඉතා සෙමින් මුහුදට ගොඩබැස්සුවාදැයි විමර්ශකයින් අතර විවාදයක් හටගෙන තිබෙනවා.

මගී ජෙට් යානයක් වෙනත් විකල්පයක් නොමැති විට ජලයට හෝ මුහුදට ගොඩබැස්වීමට ගුවන් නියමුවන් හොඳින් පුහුණුව ලබා තිබෙනවා.ඔබ ගුවන් යානයක ගමන් කරනවිට ජීවිතාකරක්ශක කබා තිබෙන ස්ථානය හා ඒවා පලඳින ආකාරය පිලිබඳව කාර්ය මණ්ඩලය ඔබට විස්තර කරදෙන්නේ මෙවැනි අවස්ථාවදී දියේ නොගිලී සිටීමට ජීවිතාරක්ශක කබා අත්‍යාවශ්‍ය බැවිනුයි. එයා ඒෂියා යානය නිපදවූ Airbus සමාගම සිය මගී ගුවන්යානා සඳහා "water ditch button"නැමති බොත්තමක් නියමු කුටියේ සවිකොට තිබෙනවා. නියමුවා එය ක්‍රියාත්මක කලවිට යානයේ බඳෙහි ඇති ජලය ඇතුලුවිය හැකි සියලුම ස්ථාන වැසී මුද්‍රාතැබෙන්නේ යානය ජලයට ගොඩබැස්වීමේදී ඇතුලට ජලය කාන්දුවීම වැලැක්වීමටයි.
2009 වසරේදි US Airways යානයක් අමෙරිකාවේ හඩ්සන් ගංගාව මතට හදිසියේ ගොඩබැස්සවූ අතර සියලු මගී ජීවිත ගැළවුනා.
සාමාන්‍යයෙන් මගී ගුවන් යානාවල තිබෙන ඉමර්ජන්සි ලොකේටර් බීකන් හෙවත් හදිසි අණතුරකදී යානය තිබෙන ස්ථානය දක්වා රේඩියෝ පණිවුඩ යවන ට්‍රාන්ස්මීටරය යානය පොලෙවේ හෝ ජලයේ හෝ කඳුපන්තියක වැදීමේදී ක්‍රියාත්මක වීමට නිර්මාණය කොට තිබෙනවා. එය ක්‍රියාත්මක නොවී තිබුණේ නියමුවන් දෙදෙනා ඉතා සෙමින් යානය මුහුද මතට ගොඩබස්වා යානය මුහුදමත පාවෙන්නට සැලැස්වූ බැවින් බව විමර්ශකයින් දැන් විශ්වාස කරනවා.

යානයෙන් හමුවූ මගී මළසිරුරු බොහොමයක ජීවිතාරක්ශක කබා පැළඳ තිබූ බවත්, මළසිරුරු විනාශ නොවී තිබීමත් යානය පුපුරා යාමක් හෝ කඩාවැටීමක් සිදු නොවීමට තවත් සාක්ශි බව ඔවුන් පවසනවා. සෝනාර් මගින් යානය කඩාවැටුනු ප්‍රදේශයේ මුහුදු පතුල නිරීක්ශණය කිරීමේදී සෝනාර් තිරවල යානයේ අනුරුව ඔවුනට දකින්නට ලැබී ඇති අතර යානය කැඩීබිඳී ගොස් නැතිබව තහවුරු කරගෙන තිබෙනවා. යානය කඩා වැටීමක් හෝ පිපිරීමක් සිදු නොවී ගොඩබැස්වූ බවට එයත් සාක්ශියත්.

එහෙත් නියමුවන්ගේ මෙම ව්‍යායාමය නිශ්ඵලවී සියලු ජීවිත අහිමිවූයේ එම ප්‍රදේශයේ ඒ අවස්ථාවේ හමමින් තිබූ දැඩි කුණාටුවෙන් හටගත් විශාල රළපහරවල් වලට හසුවී යානයේ මගීන් ඉවත්කරගැනීමට පෙර එය ගිලී ගිය නිසා බවට විශ්වාස කෙරෙනවා. මේවන විටත් යානයේ කළු පෙට්ටිය සොයාගැනීම සඳහා යානය වෙත කිමිදුම් කරුවන් යැවීමට නොහැකිවී ඇත්තේ තවමත් එම ප්‍රදේශයේ මුහුදු රළ අඩි 9කටත් වඩා විශාල වීම නිසයි.

Viewing all articles
Browse latest Browse all 1214

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>