ලෝක ප්‍රකට විද්වතුන්, විද්‍යාඥයින්, අධිතාක්ශණික සමාගම් ප්‍රධානීන් රැසක්, විවෘත ලිපියක් මගින් ලොව සංවර්ධිත රටවල රජයන් වෙතින් කෘත්‍රිම බුද්ධි තාක්ශණයේ සංවර්ධනය පාලනය කොට වැඩදායි කටයුතු සඳහා පමණක් එම තාක්ශණය යොදාගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.
කීර්තිමත් භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස්, ගූගල් සමාගමේ පර්යේෂණ ප්‍රධානී පීටර් නෝවිග් , ලොව ප්‍රථම පෞද්ගලික අභ්‍යවකාශ රොකට්ටුව නිපදවූ ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ (Space X) ඊලෝන් මස්ක්, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තාරකාවිද්‍යාව හා තාරකා භෞතික විද්‍යාව පිලිබඳ මහාචාර්ය මාටින් රීස්, නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥ ෆ්‍රෑන්ක් විල්සෙක් වැනි විද්වතුන් රැසක් මෙම විවෘත ලිපියට අත්සන් කොට තිබෙනවා.
පසුගිය දෙසැම්බර් මස බී.බී.සී වැඩසටහනකට සහභාගීවූ මහාචාර්ය ස්ටීවන් හෝකින්ස්, පූර්ණ කෘත්‍රිම බුද්ධිය ඇති පරිගණකයක් හෝ රොබෝවෙකු මිනිස් සංහතියේ විනාශය සිදුකරනු ඇති බවට බලවත් අණතුරු ඇඟවීමක් සිදුකලා. එපමණක් නොව, මාස කිහිපයකට පෙර අමෙරිකාවේ හෆිංටන් පෝස්ට් පුවත් පතට ලිපියක් සම්පාදනය කල ස්ටීවන් හෝකින්ස්, මැසචුසෙට්ස් තාක්ශණික විශ්වවිද්‍යාලයේ (MIT) භෞතික විද්‍යාඥයින් වන මැක්ස් ටෙග්මාක් හා විල්සෙක්, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාඥ ස්ටුවර්ට් රසල් යන විද්වතුන් සිවුදෙනා පූර්ණ ලෙසම මිනිසෙකු මෙන් සිතිය හැකි කෘත්‍රිම බුද්ධියක් නිපදවීමෙන් සිදුවිය හැකි විපාක පිලිබඳව අදහස් දැක්වූවා. ඔවුන් පවසන අන්දමට පූර්ණ කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ සුපිරිම නීර්මාණය මෙන්ම අවසාන නිර්මාණයද විය හැකියි.
ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ (Space X) ඊලෝන් මස්ක් පසුගිය වසරේ ඔක්තෝම්බර් මස MIT විශ්වවිද්‍යාලයේ ගගනවිද්‍යා හා අභ්‍යවකාශවිද්‍යා අංශයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වූ AeroAstro 100 සම්මන්ත්‍රණයේදී පවසා සිටියේ ලොව රජයන් එක්ව කෘත්‍රිම බුද්ධි තාක්ශණය සංවර්ධනය කිරීම සඳහා යම් සීමා පැනවිය යුතු බවයි. ඔහු පවසා සිටියේ පූර්ණ කෘත්‍රිම බුද්ධිය මානවයාගේ ඉදිරි පැවැත්මට ඇති බලවත්ම තර්ජනය බවයි.
ගූගල් සමාගමේ ඉන්ජිනේරු නිර්මාණ අංශයේ ප්‍රධානී රේ කර්ස්වෙයිල් පවසන අන්දමට කෘත්‍රිම බුද්ධිය, මානව බුද්ධිය අභිබවා යන දිනය 2045 වසරට පෙර උදාවිය හැකි බවයි. එම වසර වනවිට මිනිසාට තමාගේ සියලුම සිතුවිලි ඩිජිටල් කේත බවට හරවා පරිගණකයකට ඇතුලු කිරීමෙන් අමරණීය භාවය ලබාගෙන පරිගණක මතකයක් තුල සදාකාලික ජීවිතයකට හිමිකම් කිවහැකි වනවා.
එමෙන්ම මිනිස් මොළය අභිබවා දියුණුවන කෘත්‍රිම බුද්ධියකට, තව තවත් බුද්ධිමත් කෘත්‍රිම මනස් ඉතා වේගයෙන් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන අතර, එවිට මිනිස් බුද්ධියට කිසිසේත් සමකල නොහැකි අපරිමිත මානසික හැකියාවකින් යුතු සුපිරි බුද්ධියක් බිහිවෙනු ඇති. එවැනි බුද්ධියක් ඇති පරිගණකයක් හෝ රොබෝවෙක්, මිනිසා ගැන කෙසේ සිතනු ඇතැයි උපකල්පනය කල හැකිද?
කිසිසේත් නොහැකිය.
මිනිසුන්, මීයන් කැරපොත්තන් වැනි කරදර කාරී පලිබෝධයක් ලෙස සලකා විනාශ කරදැමීමට එවැනි බුද්ධියක් පෙළඹෙන්නට පුලුවන.
Source:LiveScience