මහාන්ත්‍රයේ (colon) ස්කෑන් පරීක්ශාවක් සඳහා මෙම කාන්තාව නිර්වින්දනය කරන ලද්දේ මෙම යන්ත්‍රය මගිනි. |
ප්‍රොපොෆොල් නම් නිර්වින්දක ඖශධය එන්නත්කොට රෝගියෙකු නිර්වින්දනය කිරීමට හැකි ලෙස මෙම යන්ත්‍රය නිර්මාණය කොට ඇති අතර, සෙමින් එන්නත ලබාදෙන අතරේදී රෝගියාගේ රුධිරපීඩනය, රුධිර ඔක්සිජන් ප්‍රමාණය, හෘද ස්පන්ධනය වැනි අත්‍යාවශ්‍ය දත්ත නිරන්තරයෙන් සුපිරික්සමින්, එම දත්ත ආරක්ශිත පරාසවල (safe parameters) පවතින බවට තහවුරු කරගන්නවා. යම් ආකාරයකින් මෙම දත්ත අන්තරායකාරී පරාසවලට යොමුවන්නේ නම් එවිට ඖශධ මාත්‍රාව අඩුකිරීමට හෝ එන්නත් කිරීම නවතාදමා අණතුරු ඇඟවීමේ සංඥා නිකුත් කිරීමට යන්ත්‍රයේ ප්‍රෝග්‍රෑම් කොට තිබෙනවා.
වොශින්ටන් පෝස්ට් පුවත්පත වාර්තාකරන අන්දමට මෙවැනි යන්ත්‍ර භාවිතා කිරීම රෝහල්වලට මෙන්ම රෝගීන්ටත් ඉතා ලාභදායි වනවා. එක් රෝගියෙකු නිර්වින්දනය කිරීම සඳහා නිර්වින්දන වෛදවරයෙකු යොදාගැනීමේදී අමෙරිකානු ඩොලර් 2000ක් පමණ වැයවන අතර මෙම යන්ත්‍රය මගින් එය ඩොලර් 150-200 දක්වා සුවිශාල ලෙස අඩුකොට තිබෙනවා.
මෙම යන්ත්‍රයට අමෙරිකානු නිර්වින්දන විශේෂඥයින්ගේ සංසදය කලක් දැඩි විරෝධය පලකලද දැන් ඔවුන් එම ස්ථාවරය වෙනස් කොට, යන්ත්‍රයේ භාවිතය දැඩි නියාමනයන්ට යටත් කොට භාවිතා කිරීමට විරුද්ධ නොවීමට එකඟවී තිබෙනවා. නිර්වින්දන විශේෂඥයින් පවසන අන්දමට මෙම යන්ත්‍රයට, වසර ගණනාවක් පුහුණුවීම් හා අද්දැකීම් ඇති නිර්වින්දන විශේෂඥයෙකු සතු වෘත්තීමය දැනුම හා පලපුරුද්ද නොමැති බැවින් සංකීර්ණ ශල්‍යකර්මවලදී නිර්වින්දන කටයුතු සඳහා යොදාගත නොහැකියි.