ප්‍රෙෂර් කුකරයක් භාවිතයෙන් බෝම්බයක් තනාගන්නා ආකාරය පිලිබඳව විස්තර හා රූපසටහන් අල්ඛයිඩාවේ නිළ ඉංග්‍රීසි ප්‍රකාශණයක් වන "ඉන්ස්පයර්" සඟරාවේ විස්තර හා රූපසටහන් බගින් දක්වා ඇති නමුදු, බොහෝ දෙනා විශ්වාස කරන පරිදි හෝ සමහර පුවත්පත් මගින් වාර්තාකරන ආකාරයට ප්‍රෙෂර් කුකර් බෝම්බය අල්ඛයිඩා නිර්මාණයක් නම් නොවේ.
ප්‍රෙෂර් කුකරයකින් බෝම්බයක් තනා ගන්නා ආකාරය මුල්වරට විස්තර කොට තිබුනේ "Anarchist's Cookbook"නම්වූ විවිධ පුපුරණ ද්‍රව්‍ය හා ඒවායින් බෝම්බ වැනිදෑ තනාගන්නා ආකාරය විස්තරකල අත්පොතෙනි. විලියම් පවෙල් නැමත්තෙකු විසින් රචනා කරන ලද මේ අත්පොත මුල්වරට අමෙරිකාවේදී නිකුත්වූයේ 1971 වසරේදීයි. ඔහු අමෙරිකානු යුධහමුදා සෙබළෙකු වන අතර වියට්නාම් යුද්ධයේ සටන් වැදුනු යුධ අත්දැකීම් ඇති පුද්ගලයෙකි.
අමෙරිකාවේ ආයතනය නිකුත්කල වාර්තාවක් අනුව ප්‍රෙෂර් කුකර් බෝම්බ ඉන්දියාවේ හා නේපාලයේ මාඕවාදී කැරලිකරුවන්, කාශ්මීර සටන්කාමීන්, පාකිස්තානයේ හා ඇල්ජීරියාවේ සටන්කාමීන්ද භාවිතා කොට ඇති අතර මේ අතර අල්ඛයිඩාව බිහිවීමට වසර ගණනාවකට පෙරද මෙවැනි බෝම්බ භාවිතාවී ඇත.