ලංකාවේ අපි නොදන්නවා වුනාට ගූගල් සමාගම ඇමරිකාවේ සමහර නගරවල අන්තර්ජාල සාප්පු හා මිළදීගත් බඩු බෙදාහැරීමේ සේවාවක් පවත්වාගෙන යනවා. අන්තර්ජාල ව්‍යාපාරික පුවත් සේවාවලට අනුව, ගූගල් ෂොපින් එක්ස්ප්‍රස් ලෙස හැඳින්වෙන මෙම සේවාව දැන් සිල්ලර බඩු (ග්‍රොසරි) බෙදෑහැරීමේ සේවාවන් සඳහා පුලුල්වෙලා.
මෙම සිල්ලර බඩු බෙදාහැරීමේ සේවාව කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරින් ආරම්භ කරන බව තමයි ගූගල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ. අමෙරිකාවේ විශාල සිල්ලර බඩු සුපිරි වෙළඳසැල් වන "හෝල් ෆුඩ්ස් - Whole Foods"හා "කොස්ට්කෝ - Costco "සුපිරි වෙළඳසැල් ජාල දෙක හා ඒකාබද්ධව මෙම ගූගල් ෂොපින් එක්ස්ප්‍රස් සේවාවේ සිල්ලර බඩු බෙදාහැරීමේ සේවාව ක්‍රියාත්මක වනවා.
ගූගල් ෂොපින් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය පිවිසී, තමන් වාසය කරන ප්‍රදේශයේ තැපැල් කේතය (Zip Code/Postal Code) ඇතුලු කිරීමෙන් අනතුරුව හෝල් ෆුඩ්ස් හා කොස්ට්කෝ සුපිරි වෙළඳ සැල්වල විකුණන්නට තියෙන සිල්ලර බඩු අන්තර්ජාලය හරහා මිළදීගෙන ගූගල් ෂොපින් එක්ස්ප්‍රස් සේවාව හරහා ගෙදරටම ගෙන්නාගන්න දැන් පහසුකම් සලස්වමින් යනවා.
සිල්ලර බඩුවලට අමතරව නැවුම් එළවළු හා පළතුරුත් මෙම සේවාව හරහා ඇණවුම් කරන්නට පුලුවන් බව ගූගල් පවසනවා.
ගූගල් ෂොපින් එක්ස්ප්‍රස් සේවාවේ අන්තර්ජාල බිහිදොර |