|
බිහිවෙලා දවස් 3කට පස්සේ, කිරිකැටි පැන්ඩා සූප්පුවෙන් කිරිබොන හැටි |
|
බිහිවෙලා දවස් 8කට පස්සේ, ඒ කියන්නේ අගෝස්තු 30 වැනිදා පැන්ඩා පැටවා, කූඩුවේ සී.සී.ටී.වී කැමරාවලට හසුවුන අකාරය. |
පසුගිය අගෝස්තු 22වැනිදා අමෙරිකාවේ ස්මිත්සෝනියන් ජාතික සත්වෝද්‍යානයට ඉතා ප්‍රීතිමත් දිනයක් වුනා. ඒ, මෙයි-සියෑන්ග් කියලා නම්කරලා තියෙන පැන්ඩා දෙන පැටවෙකු බිහිකරපු නිසා. ඉතා දැඩිලෙස වඳවීයාමේ තර්ජනයට මුහුණපාලා සිටින චීනයේ යෝධ පැන්ඩාවන් රැකගැනීම සඳහා ලොවපුරා සත්වෝද්‍යානවල පැන්ඩාවන් බිහිකිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වනවා.
ස්මිත්සෝනියන් සත්වෝද්‍යානයේ ජීවවිද්‍යා සංරක්ෂණ ආයතනය (The Smithsonian's National Zoo and Conservation Biology Institute) විසින් පවත්වාගෙන යන යෝධ පැන්ඩා සංරක්ශණ මධ්‍යස්ථානයේ බිහිවුනු දෙවන පැන්ඩා පැටවායි මේ. විසින් පවත්වාගෙන යන යෝධ පැන්ඩා සංරක්ශණ මධ්‍යස්ථානයේ බිහිවුනු දෙවන පැන්ඩා පැටවායි මේ. දැනට චීනයේ උණබට වනාන්තරවල යෝධ පැන්ඩාවන් 1,864ක් ජීවත්වන අතර තවත් 300ක් පමණ ලොවපුරා සත්වෝද්‍යානවල ජීවත්වනවා. යෝධ පැන්ඩාවුන්ගේ වාසභූමි අහිමිවීම නිසා ඉතා වේගයෙන් වඳවෙමින් යන සතුන් කොටසක්.
. .
. .
.
.